මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

සමත් වෙන්න නම් ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සිතන්න එපා

සමත් වෙන්න නම් ශිෂ්‍යත්ව විභාගය අමාරු යැයි සිතන්න එපා

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 23 දා 5 ශ්‍රේණියේ දූලා පුතාලා ලක්ෂ තුනකට පමණ ආසන්න ප්‍රමාණයක් මෙවර විභාගයට පෙනී සිටිනවා.

දැන් සෑම දරුවෙක්ම විභාගයට සූදානම්. දැනුම එකතු කරගෙන, ප්‍රශ්න පත්‍ර ගණනාවකට පිළිතුරු ලියා, පාසලේ පෙළ පොත් අධ්‍යයනය කර කිසිම බයක් නෑ ඔයාලා දැන් මේ කඩඉමට. පුංචි දූලා පුතාලා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාගයකට පළමු වරට පෙනී සිටිනවා. ඇත්තට ම මේ විභාගයට බිය විය යුතු නෑ. ඒත් කවදාවත් ඔබ මේ විභාගයෙන් අසමත් වන්නේ නැහැ. සිදුවන්නේ සමස්ත 5 ශ්‍රේණියේ සිසුන් අතර පොදු ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ඔබ ලබාගන්නා ලකුණු ප්‍රමාණයන් දැන ගැනීමයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ

ප්‍රාථමික අංශයේ

සහාය ප්‍රධානාචාරිනී

එම්. ආර්. අත්තනායක

තව දුරටත් ඔබේ වර්ධනය කර ගත යුතු දැනුම් කොටස් හඳුනාගෙන ඉදිරියට යාමට ඔබට හැකියාව ලැබෙනවා.

ඔබ මේ විභාගයට බිය විය යුතු නැහැ. ඒත් ඔබට ඇසෙන, දැනෙන, කියන කරුණු නිසා පුංචි ඔබේ සිතේ තැතිගැන්මක් ඇතිකරගන්න පුළුවන්. ඒත් දුවේ පුතේ ඕනෑම විභාගයක දී ඕනෑම තරගයක දී ඉදිරිපත් වෙන හැමෝටම එකම විදියට ජය ගන්න පුළුවන් කමක් නැහැ. ලොකු පොඩි කාටත් එහෙම තමයි. පරාජය වෙන හැම කෙනකුටම තව දිනකදී දිනන්න පුළුවන්. පුංචි ඔයාලත් ඒ වගේමයි. ඒ නිසා හොඳ උත්සාහයක් හිතේ සතුටක් ඇති කරගන්න හොඳම කාලය තමයි මේ.

මං ඔයාලට මතක් කරන්නම්. ටිකක් පැහැදිලි කරන්නම්. කොහොමද මේ ශිෂ්‍යත්වය ජයගන්නෙ කියලා. ඔයාලා හැමෝම දැන් සූදානම්. ඔයාලා හැමෝටම දැන් පුළුවන්. කොහොමද බලන්න මේ ප්‍රශ්න පත්‍රයට ඔබ සූදානම් වෙන්නෙ.

මේ විභාගය සකස් කරන්නෙ 5 ශ්‍රේණියේ දරුවන්ට. ඒ දරුවන්ට නියමිත විෂය කරුණු පෙළ පොත් ඇසුරෙනි.

* ඒ වගේම මේ වයසෙ ඔබට තියෙන දැනුම වෙන විදියකින් ඉදිරිපත් කරන්නට හැකි ද?

* යමක් දෙස බලා ඔබට යම් තීරණ තීන්දු ගත හැකි ද?

* සමාන අසමානකම් හැඳිනිය හැකි ද?

* ගැටලුවක් හඳුනා ගත හැකි ද?

* ගැටලුවකට විසඳුම් සෙවිය හැකි ද?

* පවතින ගැටලුවක් හඳුනා ගෙන අනාගතයේදී සිදුවිය හැකි දෙයක් සිතිය හැකි ද?

* ඔබේ විෂය දැනුමට අදාළව පවතින සාමාන්‍ය දැනුමක් ඔබට තිබේ ද?

* ඔබ ජීවත්වන පරිසරය හා බැඳී ඇති විවිධ වෙනස්කම් හඳුනාගත හැකි ද?

* ඔබේ යහපත් ආකල්ප වර්ධනය කර ගත හැකි ද?

යනාදී බොහෝ කරුණු රාශියක් මේ මඟින් ලබාගන්නටත් හැකි අයුරකට ප්‍රශ්න පත්‍ර සූදානම් වෙන්නේ.

ඔබට හොඳ කියවීමක්, අවබෝධයක්, ප්‍රශ්න වටහා ගැනීමක් ඇතිකර ගැනීම තමයි දැන් අවශ්‍ය වෙන්නේ.

ඔබ කොපමණ දැනුමක් ලබා තිබුණත්. එය අවශ්‍ය විදියට, අවශ්‍ය තැනට යොදා ගැනීමට නොහැකි නම් මේ අභියෝගය ජය ගන්න අපහසු වේවි. ඒ නිසා දැන් මේ කියන කරුණුවලට ඔබ දක්ෂ නම් මේ පරීක්ෂණය ජය ගන්න එක ස්ථිර යි.

* ඔබේ ආගම දහම අනුව යහපත් ක්‍රියාවල යෙදෙන්න. ඒ තුළින් සිතේ සන්සුන් බව ඇතිකරගන්න.

* ඔබට ඇති හැකියාව විභාගය මුහුණ දෙන්නට ප්‍රමාණවත් බව සිතන්න.

* විභාගය ආසන්න වන විට, සම්මන්ත්‍රණ, දේශන, පරීක්ෂණවලට සහභාගි වීම අඩු කරගන්න.

* ඔබට අපහසු විසඳා ගත නොහැකි වූ ගැටලු ගැන නිතර මෙනෙහි කිරීම නොකර ඔබ විසඳූ ගැටලු ගැන සතුටු වන්න.

* විභාග ශාලාවේ දී ඔබට හමුවන්නේ ඔබට ආදරය කරන ගුරු මවුපියන් බව සිතන්න.

ප්‍රශ්න පත්‍රය ලැබුණු වහාම විභාග අංකය සටහන් කළ යුතු තැන ඔබේ විභාග අංකය පැහැදිලිව යොදන්න. (එය නිවැරැදි ව සටහන් කර ගෙන ඔබේ පෑන් පැන්සල් ගෙන යන රඳවනයේ රැගෙන යන්න.)

ප්‍රශ්න පත්‍රයේ ම කටු සටහන් තැබීම නොකරන්න. ඒ සඳහා ඔබට අමතර කඩදාසියක් ලබා දෙයි.

පැහැදිලිව හා නිවැරැදිව, අත්අකුරු ලිවීම මඟින් ඔබට ජයක්ම අත්වේවි.

ඔබ පුරුදු පුහුණු වී ඇති ප්‍රශ්න පත්‍රය අනුව ම ප්‍රශ්න පත්‍රය සකස් වී නැති අවස්ථාවක් දුටුවොත් කලබල වෙන්න එපා.

ප්‍රශ්න පෙළ ගස්වා ඇති රටාව බලන්න.

සමහර විටක වැකි ලිවිය යුතු මාතෘකාව ප්‍රශ්න පත්‍රයේ මැද තිබිය හැක. සමහර විටෙක එය අවසානයට ඇතුළත් වේ ද, අපට තීරණය කළ නොහැකි නිසා ඔබ ඒ පිළිබඳව හොඳින් අවධානය යොමු කරන්න.

ඔබට පහසු ප්‍රශ්නවලට මුලින්ම පිළිතුරු ලියන්න.

අපහසු ගැටලු සහගත ප්‍රශ්නවල වැඩි වේලාවක් යෙදී සිටීමෙන් ඔබට ලකුණු ලබාගත හැකි පහසු ප්‍රශ්න මඟ හැරේවි.

ඔබ දක්ෂ විය යුත්තේ ඔබ උගත් දේ කෙසේ ප්‍රතිඵල ගෙන දෙන්නට යොදා ගන්නේ ද යන්න සිතීමටයි.

දී ඇති උපදෙස් අනුව ම ක්‍රියා කරන්න.

* යටින් ඉරි ඇඳීම

* නිවැරැදි වචනය කපා හැරීම

* වැරැදි වචනය කපා හැරීම

* අංක රවුම් කිරීම

* වරහනින් තෝරා ලිවීම

යා කිරීම වැනි උපදෙස් නිසි ලෙස පිළිපදින්නා සැබැවින්ම දක්ෂයෙකි.

එමෙන් ම ප්‍රශ්න පත්‍ර ගණනාවකදී, පෙළ පොතේ අභ්‍යාස නිම කිරීමේදී ඔබේ ඇසට පුරුදු ප්‍රශ්න ඔබ දැකිය හැකියි. ඒත් කුමන ආකාරයකින් හෝ ඉතා සුළු වෙනස්කමක් සමහර විටෙක මේ ප්‍රශ්න අතර ඇති බවත් සිතන්න. ඒ නිසා පෙර මතකය තිබු පිළිතුරක් ලිවීමට ඉක්මන් නොවන්න. ප්‍රශ්නය හොඳින් කියවා සුදුසු පිළිතුර ගළපා ලියන්න.

උදා : වැරැදි ප්‍රකාශය වන්නේ

වැරැදි ප්‍රකාශය නොවන්නේ

නිවැරැදි පිළිතුර වන්නේ

නිවැරැදි පිළිතුර නොවන්නේ යන යෙදුම් හොඳින් කියවන්න.

* ගණිත ගැටලු වලට පිළිතුරු ලිවීමේදී අවශ්‍ය සම්මත ඒකක ලිවීම නිවැරැදි කරගන්න.

* රුපියල් සත කිලෝ මීටර මීටර කිලෝග්‍රෑම් ග්‍රෑම් ලීටර මිලිලීටර වර්ගඵලය ආදි පිළිතුරු අවශ්‍ය පරිදි සටහන් කරන්න.

* ඡේදයකින්, කවියකින්, ගීයකින් පිළිතුරු තෝරා ලිවීමේදී එහි වචන, අක්ෂර වින්‍යාසය ගැන වඩාත් සැලකිලිමත් වන්න. උපුටා ගෙන ලියන දේ. නිවැරැදි ව ලියන්න.

* පද වෙන් කිරීම් ගැන කල්පනාකාරි වන්න.

* සමහර විටෙක ඔබ නිවැරැදි පිළිතුර තෝරා ගෙන තිබුණ ද ඉහත දැක්වුණු අඩුපාඩු සටහන් කිරීමේ දී සිදුවීමට ඉඩ ඇත.

* ඔබේ සිංහල පෙළ පොත්, 3, 4, 5 ශ්‍රේණි 5 ශ්‍රේණිය ගණිතය පොත් පරිසර තේමා එහි ක්‍රියාකාරකම් පරීක්ෂණ, නිරීක්ෂණ, උපකරණ තැනීම්වල ක්‍රියාකාරිවන්න. කටපාඩම් කිරීම්වලින් ලබන දැනුමට වඩා දැනුමක් අත්දැකීම් තුළින් ඔබට ලබා ගත හැක.

* ආදරණීය දුවේ පුතේ, ශිෂ්‍යත්ව විභාගයෙන් ඔබ ලබාගන්නා ලකුණ මතම ඔබේ ඉදිරි අධ්‍යාපන කටයුතු තීරණය වන බව හිතන්න එපා.

ලංකාවෙන්ම ඉහළ ලකුණු ලැබු දරුවන් සෑම පන්තියකදීම පළමු ස්ථානය ලබන බවක් නොපෙනේ. අ.පො.ස. සා.පෙළ - උසස් පෙළ විභාග ප්‍රතිඵල ඒ ලෙසම ලබන බවක් ද නොපෙනේ.

සමහර අවස්ථාවලදී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ආසන්නයේ සිටි දරුවන් ඉතා උසස් ජයග්‍රහණ ලබා ඇති බව අපි අත්දැකීම්වලින් හඳුනා ගත්තෙමු.

ඒ නිසා මේ විභාගය ඔබේ ජීවිතයේ අනාගතය තීරණය කරන බව සිතන්න එපා. කලකිරෙන්නත් එපා. ඔබ ඉතා දක්ෂයෙක් යැයි හිතන්නත් එපා.

අපේ දියුණුව ඇති කරගන්න අපි හැමදාම උනන්දු වෙන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයට විතරක් නොවෙයි.

මෙය බොහොම අමාරු විභාගයක් කියලා ඔබ හරියට මහන්සි කළාට මේ ජයගන්න පුළුවන් විභාගයක්.

හිතේ බරක් ඇති කරගන්නෙ නැතුව සතුටින් ඉන්න. මෙවර විභාගය පුංචි ඔයාලට පහසුම එකක් වේවි.

දූලා පුතාලා ඉගෙන ගත්ත දේවල් ඉල්ලන විදියට ලියන්න හුරු වෙන්න. කාලය නාස්ති නොකර නියමිත වෙලාවට අවසන් කරගෙන පිටු අංක අනුව නැවත ගළපා මඟ හැරී ඇති අත්හැරී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට අවසාන විනාඩි කිහිපය වෙන් කරගන්න.

මෙවර විභාගයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාවේ සියලු දරුවන්ට මම ජය ප්‍රාර්ථනා කරමි.

මේ ඔවදන් ආදරණීය මවුපියන්ටයි

* ඔබේ දරුවාට පුරවා ගත හැකි දැනුම් ප්‍රමාණය අන් දරුවන් හා සමාන නොකරන්න.

* ඔබට යාමට නොහැකි වූ තැනට ඔබේ දරුවා ගෙන යාමට උත්සාහ නොකරන්න.

* විභාග ආසන්න කාලවලදී සම්මන්ත්‍රණ දේශන පන්ති සියල්ලටම දරුවා සහභාගි කරවීමට උමතු නොවන්න.

* පොත් පත්වල ඇති සියලු දේ කටපාඩම් කරවීමට නීති නොදමන්න.

* ඔබේ දරුවා කුඩා මිනිසකු නොව කුඩා දරුවකු බව සිතන්න.

* 3, 4 ශ්‍රේණිවලදී දරුවාගේ දුර්වලතා හඳුනා නොගත් ඔබ 5 ශ්‍රේණියේදී සියලුම දක්ෂතා ලබා දීමට උත්සාහ නොකරන්න.

* සියලු දරුවන්ගේ සහජ දක්ෂතා එක හා සමාන නොවන බව සිතන්න.

* ඔහුගේ කුඩා දක්ෂතාවයක් වුව ද ප්‍රශංසා කර දිරිමත් කරන්න.

* ලකුණු 200 ඉලක්ක නොකර ඔබේ දරුවාගේ හැකියාව හඳුනාගෙන ඒ අනුව ඔහුට ඉලක්කයක් ලබා දෙන්න.

* බෝධි පූජා, බාර හාර මඟින් ලබා දෙන්නේ මතකය වැඩි කර දෙන සන්සුන් සිතක් බව අවබෝධ කරවන්න.

* කන බොන, යන එන සෑම තැනකදීම ‘ශිෂ්‍යත්වය’ යන වචනය භාවිත කිරීම අඩු කරන්න.

* මූලික වියරණ නීති, ගණිත කර්ම පිළිබඳ අවබෝධය දරුවාට තහවුරු කර ගැනීමට උදව් දෙන්න.

* ඔබටත්, අපටත් විසඳිය නොහැකි තරම් දුෂ්කර ගැටලු, ප්‍රශ්න දරුවාට ඉදිරිපත් කර ඔහු දක්ෂ අදක්ෂ බව තීන්දු නොකරන්න.

* දරුවාගේ අඩුපාඩු සැකසීමට ගුරු උපදෙස් ලබා ගන්න.

* ලංකාවේ සිටින දක්ෂතම ගුරුවරයා වුවද ඔහු හෝ ඇය ඔබේ දරුවා හඳුනාගන්නට දක්ෂදැයි බලන්න.

* වයස අවු. 9 - 10 ත් අතර සිටින ඔබේ දරුවා තව වසර ගණනාවක් අධ්‍යාපනය ලැබිය යුතු බව සිතන්න.

* ශිෂ්‍යත්ව විභාගය පාස් ද, ෆේල් ද කිසිම දරුවකුගෙන් නොඅසන්න. “පුතාට ලකුණු කීයක් ලැබුණා ද?” අහන්නම ඕනෙ නම් එහෙම අහන්න.

* පන්ති කාමරයේ අවම මට්ටමක පසුවූ බව හැ‍ඟෙන ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් ලකුණු ඔහුගේ ජීවිතය සාර්ථක කරන්නට පුළුවන් බව පවසා අගය කරන්න.

* ටිෂූ කඩදාසියක් මෙන් පැහැදිලි ඔබේ දරුවාගේ මනසේ බලි කුරුටු අඳින්නේත් කුරුටු ගී ලියන්නේත් ඔබම බව සිතන්න.

* විභාගය ළංවන විට සෙනෙහසින් දයාවෙන් කරුණාවෙන් ඔබේ දරුවා උණුසුම් කරන්න. සියලු දේ ඒ අයුරින් ම මතකයට ගෙන එන්නට ඒ දරුවාට එයම අත්වැලක් වේවි.


5 ශිෂ්‍යත්වයට ලියන දූපුතුන්ටයි

ගණ දෙවි ආසිරි ලැබ සුබ මොහොතින් පිටත් වන්න

අගෝස්තු 23 වැනි ඉරු දින පැවැත්වෙන 5 ශිෂ්‍යත්ව විභාගය ජය ගැනීම එම විභාගයට සූදානම්වූ සෑම දරුවකුගේ ම එකම ප්‍රාර්ථනයයි. ශිෂ්‍යත්වය උසස් ලෙස ජය ගැනීම සඳහා ගණ දෙවිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව ලබාගෙන පහත සඳහන් සුබ වේලාවට සුබ දිශාව බලා ජයග්‍රාහී අදිටනින් විභාග මධ්‍යස්ථාන කරා පිටත්ව යන්න.

අගෝස්තු මස 23 වැනි දින උදෑසන 6.08 පිරිසිදුව සුදු ඇඳුමින් සැරසී දකුණු දිසාවට තමා මුහුණලා සිටින විදියට උස් ස්ථානයක් තෝරාගෙන (මේසයක් නැතහොත් පහන් පැලක් ලෙස සාදාගත් තට්ටුවක්) එතනට කහ දියර ඉසින්න. බුලත් කොළ 21 ක් අතුරා ගණ දෙවිඳුන්ගේ රූපයක් හෝ පිළිමයක් තබා පූජාසනය මත පිරිසිදු කරගත් පොල් ගෙඩියක්, අඹ, දොඩම්, දිවුල්, කෙසෙල්, උදු මිශ්‍ර කැවිලි, මුං ඇට, මෑ කරල්, මී පැණි, අළුවා අතිරස, කිරිබත්, පඬුරු 21 සහිත පූජාවක් තබා සුවඳ කූරු, පහන් දල්වා පහත දැක්වෙන ගණදෙවි ආශිර්වාද ස්ත්‍රෝත්‍රය ශබ්ද නඟා කියවන්න.

ගජානනම් භුත ගනාධි සේවිතම්
කපිත්ත ජම්බෝ ඵලසාර භක්ෂිතම්
උමාසුතම් ශෝ විනාශ කාරනම්
නමාමි විග්නේෂ්වර පාද පංකජම
ශුක්ලාලම්බර ධර්ම් විශ්ණුම්
ශශී වර්ණ චතුර් භූජම්
ප්‍රසන්න වදනම් ධ්‍යායෙන්
සර්ව විස්සෝප ශාන්තයේ

නිවසේ සිට පාසලට ඇති දුර අනුව පහත වේලාවන් අනුව තමාට ගැළපෙන වේලාවක් තෝරාගෙන සුබ දිශාව බලා පිටත්ව යන්න.

සුබ වේලාව
උදේ 6.22
උදේ 7.07
උදේ 7.45
සුබ දිශාව - දකුණ බලා

පිටත්වීමට පෙර තුන් වරක් කියවන්න

“ජයෝ මුනින්දස්ස සුබෝධිමූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේවගණා පසන්නා
එතේන සච්චේන ජයස්සු මය්හං”

“ඔබට ජය පතමි”

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්