මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

කට කහන කොට

කට කහන කොට

“වැරතේලිස් උඹ අහල තියෙනවද ඒබ්‍රහම් ලින්කන් ගැන”

“ඔය කියන්නේ මගෙ හිතේ අබරන් ගොයියගෙ බාල මලය ගැන වෙන්ට ඕනෑ. අහල පහල ගැටව් මිනිහට කිව්වේ ඒබරං අන්කල් කියල නොවැ”

“හෙඃ... හෙඃ... හෙඃ... ඒබරං අන්කල් නොවෙයි යෝදයො... ඒබ්‍රහම් ලින්කන්... අර පොරජාතන්තර වාදෙ ගැන බොහොම වැදගත් කියමනක් කියල තියෙන්නේ”

“ඇයි? මුදලිතුමාට මතක නැද්ද ඒබරං ගොයියත් හොඳ කතා කාරය නොවැ. ගම්සභා ඡන්ද කාලෙට ඔ ය කොයිවාදෙ ගැනත් මිනිහ බොහොම අගේ ඇති කතා කියනව තමයි”

“එහෙම ගම්මැදි කතාවක් ගැන නොවෙයි, වැරතේලින් මං මේ කියන්නෙ... මේක බොහොම බැරෑරුම් කියමනක්. හොඳ වැදගත් පොතක තිබිලයි මට කියවන්ට ලැබුණෙ... ඒබ්‍රහම් ලින්කන් උන්නැහේ කියනව පොරජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියන්නෙ මහජනතාව විසින් මහජනතාව සඳහා පත්කර ගත්තු මහජනතාවගෙ ආණ්ඩුවක් කියල”

“එළිවෙච්ච වෙලේ පටන් පොත් රාක්කෙ වටේ කැරකෙන කොට මට හිතුන අපේ මුදලි තුමා මොකක් නුමුත් ලොකු පොතක් පෙරළන්ට හැරහෙන විත්තිය. හැබෑටම මුදලිතුමාට මොකද මේ හදිස්සියෙ පොරජාතන්තරවාදෙ ගැන පොතක් පෙරළන්ට මතක් උණේ.?”

“ඇයි යෝදෙයො මහමැතිවරණට දින නියම වෙලා තියෙද්දි පොරජාතන්තර වාදෙ ගැන කතා නොකර වෙන මොනව කතා කරනවාද? යුද්දෙට නැති කඩුව කොස් කොටන්ටද කිව්වලු”

“ඒ වුණාට පමණක් උදවිය කියන්නෙ දැන් මේ රටේ පොරජාතන්තර වාදෙයක් නෑ කියල නොවැ” රටේ නැති දෙයක් ගැන කතා කොරල ඇති පලේ මොකද්ද?”

“ඔව් ඉතිං උඹල කොයි කවුරුත් කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තය මේ රටේ පොරජාතන්තරවාදෙ නැති කෙරුව කියල නොවැ. හයක් හතරක් නොදන්න එවුන් එහෙම කිව්වට උන්නැහේ නොහිටින්ට මේ වෙන කොට ‍මේ රටේ පොරජාතන්තරවා‍දයක් නැහැ.”

“එතකොට අපේ මුදලිතුමා කියන්නෙ සල්ලිකාරයන්ට, තමන්ගෙ පවුලෙ උදවියට, කුඩුකාරයන්ට, එතනෝල් කාරයන්ට, කැසිනෝ කාරයන්ට අත දිග ඇරල සලකන එක පොරජාතන්තරවාදෙ කියලද; රටේ දුගී දුප්පත් ජනතාව දෙකොන ගැටගහගන්ට බැරුව වඳ විඳිද්දි?”

“ඔව්... මහජනතාව වෙනුවෙන් පිහිටෝ ගත්තු මහජනතාවගේ ආණ්ඩුවක පළමුවැනි රාජකාරිය ඒක තමයි.”

“එතකොට අපේ මුදලිතුමා මහජනතාව කියල කියන්නෙ ලොකු ලොකු වියාපාර කොරන සල්ලිකාර පෙළැන්තියට බල්ලො මරල හරි සල්ලි හොයන උදවියට?”

“එහෙම නැහ්නං වෙනකාට ද බං මහජනතාව කියන්නෙ‍. ඔය උඹ කියාපු අබරංල ඒබරංල වාගෙ ගස් ගෙඩි කඩන උං කොහොමද මහජනතාව වෙන්නෙ? අර “හොරා” කියන වචනෙ පටලගත්ත වාගෙ “මහ” කියන වචනෙත් පටලෝගෙන උඹල ඔය කතා කොරන්නෙ අතේ සතේ නැති දුගී දුප්පත් ජනතාව කොහොමද මහජනතාව වෙන්නෙ?”

“ඒකත් හැබෑ තමයි..‍. අපේ අබරංලට ඒබරංලට පුළුවන්කමක් තියෙනවයැ තමන්ට ඕනෑ තාලෙට වැඩකොරන තමන්ගෙ ආණ්ඩු පිහිටෝ ගන්ට”

“ආන්න... අන්න හරි වැර­‍ෙත්ලිස්... නිකමට හිතල බලපං ඔය මහජනතාව අතර ඉන්න කවුරු හරි අතින් පොඩි අත්වැරැද්දක් සිද්ධ වුණා කියල... උදාහරණයක් හැටියට හොරෙං කුඩු තොගයක් ගේන කොට රේගුවට අහුවුණා... මහජනතාව කිව්වට රහත් වෙලා නෑනොවැ. පෘථග්ජන ගතියට ස්ත්‍රි දූෂණයක් සිද්ධ වුණා... හදිසි කෝපෙට මිනීමැරුමක් සිද්ධ වුණා.. අන්න එව්වගෙ වෙලාවට ඒ මහජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණේ ඉෂ්ට කොරන එක තමයි පොරජාතන්තරවාදෙ කියන්නෙ...”

“ඒ කියන්නෙ ඒ උදවියට නිසි දඬුවම් ලබාදෙන එක?”

“ඔන්න... ඔන්න උඹ ආයෙත් වංගියක් පාරෙන් පිට පැන්න... පොරජාතන්තරවාදෙ කියන්නෙ ඒ ඇත්තන්ගේ නිසි ආරක්ෂාවට.

“පහුගිය දොහක ගමේ පන්සලට ආ වෙලාවෙදි මහින්ද රාජපක්ෂ මහත්තයත් ඔහොම කතාවක් කියනව මං අහගෙන”

“පන්සලේ දී කිව්වනං ඉතිං ඒක බණ පදයක් වාගෙ වටින කතාවක් වෙන්ට ඕනෑ... මොකද්ද මහින්ද මහත්තය කිව්වේ?”

“උන්නැහේ කියනව මේ රටේ ජඩකම් බලුකම් කරපු ඇත්තන්ටත් තමන් අතින් ආරක්ෂාව ලැබුණා කියල?”

“හරි නොවැ... ඒක තමයි පොරජාත්තරවාදෙ කියන්නෙ. නිකංම පොරජාතන්තරවාදෙ නෙමෙයි තරු හතේ පොරජාතන්තරවාදේ ගුණ යහපත් අයට පමණක් නොවෙයි, ජඩකම් බලුකම් කරන අයටත් යුක්තිය සාධාරණේ ඉෂ්ට වෙනව. ලෝකෙ වෙන කොහෙවත් රටක නැතුව ඇති එහෙම පොරජාතන්තර වාදෙයක්”

මෙච්චර වෙලා පැත්තකට වෙලා අපේ කතාව අහං හිටපු මාරපුත්‍රය ඒක පාරටම අහපි මෙන්න මෙහෙම අපබ්‍රංස පුරස්නයක්.

“වරතේලිස් අංකල්, අපේ අප්පොච්චිගෙන් අහල බලන්ටකො ඕක ඒබ්‍රහම් ලින්කන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය ද එහෙම නැත්තං ඒබරං අංකල්ගෙ පොරජාතන්තරවාදෙ ද කියල”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්