රොබෝ තාක්ෂණික තරගාවලි පාසල් ජය ගාල්ලේ මහින්දට
රොබෝ තාක්ෂණික තරගාවලි
පාසල් ජය ගාල්ලේ මහින්දට

SLIIT ආයතනයේ ඉංජිනේරු පීඨයේ විදුලි සහ පරිගණක ඉංජිනේරු විද්‍යා අධ්‍යනාංශය
විසින් සංවිධානය කරනු ලබන රොබෝ තාක්ෂණික තරගාවලිය පසුගිය දා පැවැත්විණි.
මින් පෙර වසරවලදී මෙන් මෙවර තරගාවලිය ද පාසල් සිසුන්ට මෙන්ම විශ්ව විද්‍යාල
සිසුන් හට ද විවෘත විය.
මෑතක දී පැවැත්වූ තරගාවලියේ දී හොඳම රොබෝ තාක්ෂණික මෙවලම සඳහා පාසල් අංශයේ
ජයග්‍රහණය ගාල්ල මහින්ද විද්‍යාලයීය කණ්ඩායමට හිමි වූ අතර කුරුණෑගල
මලියදේව විද්‍යාලයෙන් ඉදිරිපත් වූ කණ්ඩායම් දෙකකට දෙවන හා තෙවන ස්ථාන හිමි
විය. ජයග්‍රාහකයන් සඳහා පිළිවෙළින් රුපියල් 50,000, 25,000 සහ 10,000 බැගින්
මුදල් ත්‍යාග සහ පදක්කම් ප්‍රදානය කෙරිණි.
විශ්ව විද්‍යාල අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනා ගැනීමට පිළිවෙළින්
SLIIT
ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා
පීඨය සමත් විය. ජයග්‍රාහකයන් සඳහා රුපියල් 65,000, 45,000 සහ 25,000 බැගින්
මුදල් ත්‍යාග සහ පදක්කම් හිමි විය.
|