කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


බ්‍රැන්ඩික්ස් VMware තාක්ෂණය හඳුන්වා දෙයි

බ්‍රැන්ඩික්ස් VMware තාක්ෂණය හඳුන්වා දෙයි

 

ක්ලවුඩ් පරිගණක විසඳුම් උපාය මාර්ගය තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීමට බ්‍රැන්ඩික්ස් ලංකා ආයතනය, තොරතුරු තාක්ෂණ කටයුතු විමධ්‍යගත කිරීමේ සහ ක්ලවුඩ් ව්‍යුහයේ ලොව අංක එකේ ආයතනය වන VMware, තෝරාගෙන තිබේ.

තොරතුරු තාක්ෂණයට අදාළ සේවාවන් සඳහා වැය කරනා කාලය විශාල ලෙස අවම කරනා අතරතුර, වාර්ෂිකව ඒ වෙනුවෙන් වැය වන ප්‍රාග්ධන සහ මෙහෙයුම් වියදම් ද අවම කරමින් ක්ලවුඩ් වෙත යන ගමන වේගවත් කිරීමට බ්‍රැන්ඩික්ස් ආයතනය බලාපොරොත්තු වෙයි.

“කලාපයේ ප්‍රධානතම ඇඟලුම් අපනයන සමාගම වන බ්‍රැන්ඩික්ස් එම තත්ත්වය පවත්වා ගැනීම සඳහා බලපාන මූලික සාධකය ලෙස තොරතුරු තාක්ෂණය හඳුනාගෙන තිබෙනවා.

අපගේ උත්සාහය වන්නේ තොරතුරු තාක්ෂණ සේවා සහ මෙහෙයුම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට හැකි වන පරිදි සමාගමේ කාර්යයන්, ව්‍යුහයන් සහ සේවාවන් තෝරා ගැනීමටයි” ආයතනයේ සමූහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ප්‍රධානී මනෝජ් පිළිමතලව්වේ මහතා ප්‍රකාශ කළේය.

සිය පරිගණක ව්‍යුහයන් වර්චුවල්කරණය සඳහා සමාගම VMware ආයතනය සමඟ මුල් වරට සම්බන්ධ වන්නේ මීට වසර පහකට පෙරදීය. එම කාලය තුළ ඉතා හොඳ ප්‍රතිඵල අත්කර දෙමින්, තොරතුරු තාක්ෂණය සඳහා සමාගම විසින් දරන ලද වියදම් විශාල ලෙස අවම කිරීමට VMware ආයතනය සමත් විය.

එපමණක් නොව, අතාත්විකරණයඔස්සේ හිමි වන උසස් මට්ටමේ විකල්ප හේතුවෙන් සේවාවන් වඩාත් විශ්වසනීය ලෙස ලබා දීමට ද හැකි වී ඇත.

මේ අනුව, පරිගණක ව්‍යුහය ක්‍රියාත්මක කිරීමට ගත වූ කාලය අවම වී ඇති අතර පරිපාලන ක්‍රියාවලීන් ද වඩාත් සරල වී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්