කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


හයිඩ්‍රාමනී නව මුලතිවු කර්මාන්ත ශාලාවට මුල්ගල

හයිඩ්‍රාමනී නව මුලතිවු කර්මාන්ත ශාලාවට මුල්ගල

ටෝනි නඩරාජා මහතා උත්සව සභාව අමතමින්.

හයිඩ්‍රාමනී සමූහයේ නවතම කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීම පසුගිය දා මුලතිවු ප්‍රදේශයේ පුදුකුඩුඉරිප්පු හිදී උත්සවාකාරයෙන් සිදුවිය. සමාගම මේ වන විටත් මුලතිවු ප්‍රදේශයේ පුහුණු කිරිම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර මෙම නව කර්මාන්ත ශාලාව ඉදිකිරීම, ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා ලබාදීමේ දෙවැනි පියවර වේ.

මුලතිවු කර්මාන්ත ශාලාව ඉදිකිරිම සම්බන්ධයෙන් හයිඩ්‍රාමනී සමූහයේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ටෝනි නඩරාජා මහතා අදහස් පළ කළේ ය. “ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස, යුද්ධයෙන් පසුව උතුරු - නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ වගකීමට දායක වීම සඳහා මෙසේ එම කලාපයේ නව කර්මාන්ත ශාලා ඉදිකරන්නට අප තීරණය කළා. ඒ අනුව මුලතිවු ප්‍රදේශයේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට අපට හැකි වුණා. ඒ සඳහා සම්බන්ධ වීමට මුල් දිනයේ පමණක් පැමිණි සංඛ්‍යාව 600 කට අධිකයි.

එය මෙම ප්‍රදේශයේ ජනතාව අතර ඇති උනන්දුවට සහ තම ජීවිත නගා සිටුවීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඔවුන් සූදානම් බවට හොඳ සාක්ෂියක්. ඒ නිසා ඔවුන් වෙනුවෙන් රැකියා අවස්ථා උදාකර දීම ඉතාමත් වැදගත් කියා අප සිතනවා. ඔවුන් වෙතින් පළවුණු මේ උනන්දුව, අලුත් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු තවත් ඉක්මන් කිරීමට අපව පෙලඹ වූවා. මේ සඳහා ජනතාවගේ උනන්දුව සේම ත්‍රිවිධ හමුදාවෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් ලැබුණු සහයත් අගය කළ යුතුයි. ඒ නිසා පුහුණු මධ්‍යස්ථානය සේම අලුත් කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීමත් ඉතාමත් පහසු සහ ඉක්මන් වුණා.”

එහි මුලින් 450 කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා හිමි වන අතර ඉදිරි වසර කිහිපය තුළ එය 1,000 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුලතිවු කර්මාන්ත ශාලාව, හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරය එම කලාපය තුළ සිදුකරන දෙවැනි ආයෝජනයයි. මීට පෙර වවුනියා ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට එම සමූහය කටයුතු කළේ ය. වසර 4 කට පෙර ආරම්භ කෙරුණු එම කර්මාන්ත ශාලාව මහන මැෂින් 1,000 කින් සමන්විත ඒකක දෙකකින් යුක්ත වේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්