කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මල්ටිලැක් ග්‍රීන් ලේබල්  සහතිකය දිනයි

මල්ටිලැක් ග්‍රීන් ලේබල්  සහතිකය දිනයි

මැක්සන්ස් හෝල්ඩින්ග් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මිස්වර් මකීන් ප්‍රධාන විධායක නිලධාරී ශිමර් මිල්ෆර් සභාපති මිල්ෆර් මකීන්, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ශ්‍රී ලංකා හරිත ගොඩනැඟිලි කවුන්සිලයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, එම කවුන්සිලයේ අධ්‍යක්ෂ ආචාර්ය ලෝචන ගුණරත්න, ආචාර්ය රවිහංස චන්ද්‍රතිලක සහ මෙහෙයුම් කළමනාකාරිනී නදීකා හේවාවිතාරණ මහත්ම මහත්මීහු.

මල්ටිලැක්, සිය ප්‍රිමියම් ඉමල්ෂන් සහ වෙදර් ගාර්ඩ් තීන්ත නිෂ්පාදිතයන් සඳහා භාවිතයට සුදුසුම තීන්ත නාමය ලෙසින් සහතිකයට පාත්‍ර වෙයි. ඔවුන් මෙසේ පිදුම් ලැබුවේ ශ්‍රී ලංකා හරිත ගොඩනැඟිලි කවුන්සිලය මඟින් පිරිනමනා ග්‍රීන් ලේබල් සහතිකයෙනි.

මල්ටිලැක් තීන්ත නිෂ්පාදකයා වන මැක්සන්ස් පේන්ට්ස් 1981 පිහිටුවූ අතර ඔවුන් සතුව ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ තිස් වසරකට අධික අත්දැකීම් පවතී. ජාත්‍යන්තරව කීර්තියට පාත්‍ර වී ඇති මල්ටිලැක් දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් අතර ශ්‍රී ලංකාවේ විශාලතම තීන්ත අපනයනකරු ලෙසින් විශ්වාසය දිනා ගෙන ඇත. පාරිභෝගික ඉල්ලීම් හා සැස‍ඳෙන පරිදි වර්ධනය කර ඇති මල්ටිලැක් හි නිෂ්පාදිතයන් මාලාවෙහි පවතින මතුපිට ආලේපන සහ ඉහළ තත්ත්වයෙන් යුත් තීන්ත ගෝලීය මට්ටමේ දැවැන්තයින් පවා ආකර්ෂණය කර ගෙන ඇත්තේ පුරෝගාමියෙක් ලෙසින් සිය අනන්‍යතාවය පිහිටුවමිනි. මල්ටිලැක් සමාගම බොහෝ අවස්ථාවන් හිදී ඇගැයුමට පාත්‍ර වී ඇත.

වසරේ අපනයන නාමය, හොඳම ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතනය සහ අපනයන ජනාධිපති සම්මානය ආදිය ද සමඟින් ශ්‍රී ලංකාවේ විශාලතම තීන්ත අපනයනකරු ලෙසින් වෙළෙඳපොළේ ඉහළින් රැඳී සිටිමට මල්ටිලැක් සමත් වී ඇත. මල්ටිලැක් පාරිභෝගකයින් හට සිය නිවෙස් පින්තාරු කිරීමේදී පවුලට, දරුවන්ට සහ ආදරණීයයන්ට හානිකර රසායන ද්‍රව්‍යයන් ගෙන් තොර තීන්තු භාවිත කිරීමේ හැකියාව ඇත. බොහෝ කාලයක සිට අපගේ නිෂ්පාදිතයන් සැකසෙන්නේ ඉතාමත් දැඩි තත්ත්ව සහතිකයන්ට අනුව වන අතර මෙනිසා අපගේ නිෂ්පාදිතයන් ඊයම් සහ වෙනත් බැර ලෝහයන් වැනි අහිතකර රසායන ද්‍රව්‍යයන් ගෙන් තොරය. ඔබගේ නිවෙස් සඳහා භාවිතයට ගැනීමට සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී (හරිත) සහ ආරක්ෂිත නිෂ්පාදනයන් සැපයීම උදෙසා අද අපි සම්මානයට පාත්‍ර වී ඇත්තෙමු” යැයි ප්‍රධාන විධායක නිලධාරී ශිමර් මිල්ෆර් මහතා කියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්