කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


අපනයන සම්මාන උලෙළට ඒෂියන් එලායන්ස් අනුග්‍රහය

අපනයන සම්මාන උලෙළට ඒෂියන් එලායන්ස් අනුග්‍රහය

අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ නිලධාරීන් සමඟ අනුග්‍රාහකත්ව පැකේජය හුවමාරු කරගනිමින්. ආයතනික විකුණුම් ප්‍රධානී ක්ලෙමන්ට් සේනාරත්න සාමාන්‍ය රක්ෂණ විකුණුම් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනස්ලි අර්සකුලසූරිය අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි රමාල් ජාසිංහ, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ එහි සාමාජික සේවා අධ්‍යක්ෂ සහ සම්මාන කමිටුවේ සභාපති ජෙෆ්රි තිලකරත්න මහත්වරු.

අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික අපනයන සම්මාන උලෙළට ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගම මේ වසරේදීත් සිය අනුග්‍රාහකත්වය ලබාදෙයි. ඒ අනුව සම්මාන උලෙළේ ‘අපනයනකරුවන් සඳහා සේවා සපයන්නා’ කාණ්ඩය සඳහා අඛණ්ඩව 5 වන වසරටත් සිය අනුග්‍රාහකත්වය සැපයීමට එම සමාගම කටයුතු කරනු ඇත. 2014 අපනයන සම්මාන උලෙළ පසුගියදා කොළඹ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර ඒ සඳහා මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෝ රැසක් සහභාගි වූහ.

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ඒෂියන්ස් එලායන්ස් රක්ෂණ සමාගම මේ ආකාරයට අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය සමඟ අත්වැල් බැඳගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යන ප්‍රධාන පෙළේ අපනයනකරුවන් අගය කිරීමේ අරමුණිනි. මෑතකදී පැවති මාධ්‍ය හමුවකදී ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ කළමනාකාරිත්වය සහ අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලයේ නිලධාරීන් මෙම අනුග්‍රාහකත්ව ගිවිසුම හුවමාරු කරගත්හ.

මෙර‍ට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානම ඇගයීමේ උත්සවය ලෙස සැලකෙන NCE අපනයන සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කෙරෙන්නකි. එමගින් සෑම වසරක් පාසා ම ශ්‍රී ලංකාවේ විශිෂ්ට මට්ටමේ අපනයනකරුවන් ඇගයීමට ලක් කෙරෙන අතර, ජාත්‍යන්තර තලයේ දී ඔවුන් ලද ජයග්‍රහණ ඇගයීමට අමතරව මෙරට ආර්ථිකයට වඩාත් පුළුල් දායකත්වයක් දැක්වීමට ඔවුන් දිරිමත් කරවීම ද සිදු කෙරේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රමාල් ජාසිංහ මහතා අදහස් පළ කළේ මෙසේ ය.

ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ලොව පුරා පැතිරවීමට අපනයන ක්ෂේත්‍රයෙන් ලැබෙන්නේ නොමඳ දායකත්වයක්. ඒ නිසා මේ ආකාරයට NCE අපනයන සම්මාන උලෙළේ ‘අපනයනකරුවන් සඳහා සේවා සපයන්නා’ කාණ්ඩය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වන්නට අප පියවර ගෙන තිබෙනවා. මේ ඔස්සේ අපනයන කරුවන්ට ඉතා වැදගත් සේවාවක් සපයන්නට ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගම ද කටයුතු කරන බව කියන්නට පුළුවන්.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්