කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය අතින් ඉහළම බැංකුව ඒෂියන් බෑන්කර් සම්මානය කොමර්ෂල් බැංකුවට

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය අතින් ඉහළම බැංකුව ඒෂියන් බෑන්කර් සම්මානය කොමර්ෂල් බැංකුවට

කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එස්.රෙන්ගනාදන් මහතා සහ BAFT සංවිධානයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරි ආර්.බවෙල් මහතා සම්මානය අතැතිව.

 

 

ජාත්‍යන්තර වශයෙන් ලබා ඇති සම්මාන අතරට තවත් විශිෂ්ට සම්මානයක් එක් කර ගනිමින් ප්‍රමුඛතම මූල්‍ය සඟරාවක් වන ‘ද ඒෂියන් බෑන්කර්’ විසින් ප්‍රදානය කරන ‘2014 වසරේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය අතින් ඉහළම බැංකුව'ට හිමි සම්මානය කොමර්ෂල් බැංකුව දිනා ඇත.

වාණිජ බැංකුවල ශේෂ පත්‍ර සඳහා සවිස්තරාත්මක හා විනිවිදභාවයෙන් යුතු ලකුණු දීමේ ක්‍රමයක් මත මෙම සම්මානය තීරණය කෙරිණි. එම අංශ ලෙස මූල්‍ය ක්‍රියාකාරිත්වයේ මිනුම් හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම, ලාභදායීත්වය, වත්කම්වල තත්ත්වය හා ද්‍රවශීලතාව දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය අතින් ඉහළම බැංකුව ලෙස ලද මෙම ශ්‍රේණිගත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරා‍ෙව් විශාලතම හා ස්ථාවරත්වය අතින් ඉහළම බැංකු 500 ලැයිස්තුවට ඇතුළත් විය. මෙම ලැයිස්තුව මූල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජකයන්, විශ්ලේකයන් හා මාධ්‍ය විසින්, කලාපයේ වාණිජ බැංකුවල මූල්‍යමය ශක්තිමත් බව නිගමනය කිරීම සඳහා පුළුල්ව යොදාගනු ලැබේ.

බැංකුව අත්කරගත් මේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ජෙගන් දුරෙයිරත්නම් මහතා “මෙම සම්මානය බැංකුව වෙත ලබාදී තිබෙන්නේ, බැංකු ක්ෂේත්‍රයේ මූලික ඉලක්කයන් වන මූල්‍ය ස්ථාවරභාවය තහවුරු කරන අංග රැසක් ජාත්‍යන්තර විශේෂඥ පිරිසක් විසින් සැලකීමට ලක් කරමින්ය. කොමර්ෂල් බැංකුව අසීරු වාතාවරණයන් හමුවේ වුවද සිය මූලික අරමුණු නිවැරදි මාවතෙහි ගෙන යන බව මෙම වර්ගීකරණය තුළින් යළිත් තහවුරු කර ඇත.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්