»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
මගේ අලුත් නවකතාව ‘කවි කඳුර’ ලියමින් ඉන්නේ
 

මගේ අලුත් නවකතාව ‘කවි කඳුර’ ලියමින් ඉන්නේ

 

සුනේත්‍රා රාජකරුණානායක

මොනවද අලුත් තොරතුරු?

වැඩිපුරම කරන්නේ භාවනා කටයුතු. අලුත් නවකතාවකුත් ඉවර කරමින් ඉන්නේ. “කවි කඳුර” කියලා.

මොනවගේ මාතෘකාවක් ඔස්සේද ලියැවුණේ?

මීට අවුරුදු 200 ක පමණ ඉඳන් වර්තමානය දක්වා ඉතිහාසය හා බැඳුණු කතාවක්.

ඉතිහාස පොත් එහෙම වැඩියෙන් කියවනවා ඇති එහෙනම්?

ම්... ඒ වුණාට මේ දිනවල කියවන්නේ බෞද්ධ පොත්.

වැඩියෙන් ම රසවින්ද පොත මොක ක්ද?

ලෝකේ පළමුවැනිම නවකතාව. ගැංජි කුමාරයාගේ කතාව.

හේතුව?

ඒක පුරාණ කාලේ ලියැවුණු පොතක් වුණත් අද කාලේ පොතක් හා සමානවම රසවත්.

ඒ වගේම මම චීනේ හිටපු නිසාද කොහෙද ඒ රටේ ලිං යු තාන් කියන රටින් පිටුවහල් වී සිටි ලේඛකයකුගේ පොත්වලටත් බොහෝම පි‍්‍රය කරනවා.

ඔබේ අවට ඔබ දන්නා හඳුනන සමාජයේ කියැවීමේ ප්‍රවණතාව ගැන තිබෙන තක්සේරුව කොහොමද?

මට හමුවෙන අය නම් පොත් කියවන, කවි ලියන අය. අපිට ඒක උදාහරණයට ගෙන සමස්ත සමාජය ගැනම කියන්න බැහැ. මට දැනෙන්නේ රටේ බහුතරයක් පොත් කියවන අය කියලයි.

පොත් නොකියවනවා ය කියනවා නම් ඒකට හේතුව මොකක්ද?

අපේ රටේ තිබෙන්නේ සම්ප්‍රදායික පුස්තකාල ක්‍රමයක්. අනෙක ඒවායේ වුණත් පහසුකම් මදි. හරිනම් පුස්තකාල මිනිස්සු ළඟට යන ක්‍රමයක් හදන්න ඕනේ. ජංගම පුස්තකාල වගේ. එවිට පොත් මිලදී ගන්න, කියවන්න තිබෙන බාධක ඉවත් වෙනවා.

විද්‍යුත් මාධ්‍යයට ජනතාව වැඩිපුර යොමු වෙලා. පොත් කියවන වෙලාව අඩුවෙලා නේද?

ඒක මට කියන්න තේරෙන්නේ නෑ. තවමත් සිබිල් නැන්දගේ පොත් ළමයින් අතර ජනපි‍්‍රයයි. මට හිතෙන්නේ ප්‍රකාශකයන් පවා මේ දේවලට වගකිව යුතුයි. මොකද ඒ දවස්වල තරම් පොත් සංඛ්‍යාවක් අද මුද්‍රණය කරන්නේ නෑ. එය පාඨකයාට අවාසියක්.

කාන්තාවකට නිර්මාණ කරණයේදී පිරිමින්ට වඩා බාධක වැඩියිද?

මම නම් ඒවා ගැන හිතුවේ නෑ. ඒ ගැන හිතුවා නම් මට මෙතරම් දුර එන්නත් බැරි වෙයි. හැබැයි රටක පොතක් ලියන එක අපරාධයක් තරමට හංවඩු ගහන එක නම් කාටවුණත් තරමක ප්‍රශ්නයක්.

ඔබ ඉදිරියටත් වැඩියෙන් කරන්න හිතන්නේ භාවනා කටයුතුමද?

ඔව්. ඒ සඳහා මම බංගලාදේශයට, නේපාලයට හා ඉන්දියාවට යනවා. ඒ ගියාම ආපසු ලංකාවට එන්න ගොඩාක් කල් ගතවෙයි.