»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
පොත් පුවත්
 

පොත් පුවත්

 

 

මහින්ද චින්තනය තුළින් දෙවන වරටත් ජනවරම ලැබූ ජනපති මහින්ද රාජපක්ෂ

කර්තෘ - ඔස්ට්‍රේලියාවේ ගාමිණී පෙරේරා

ජනපති මහින්ද රාජපක්ෂ දෙවන ජනවරම නිමිත්තෙන් ලියන ලද ජනපති චරිතාපදානයකි.

ශ්‍රී ලංකාවෙන් පිටත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳ ඇති පිළිගැනීම පිළිබිඹු කරමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රීී ලාංකිකයකු විසින් ලියන ලද කෘතියකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුලින්ම 1970 දී බෙලිඅත්ත ආසනයට එකල ළාබාලම මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වූ දා සිට එතුමා ලත් ජයග්‍රහණ මුහුණදුන් අභියෝග යුද්ධය ජයග්‍රහණය කළ අයුරු සංවර්ධනයට එතුමා උරදුන් අයුරු රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර ආදී විවිධ විෂයයන් යටතේ ලියැවුණු සරල හා ඉතා කෙටි ජීවන චරිත විස්තරයකි.


වඩු කුරුලු සඳෙස

කර්තෘ - බර්ටි ඩික්සන් ප්‍රනාන්දු

මිල - රු. 60 යි

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

සන්දේශ කවි ආරේ නවතම සන්දේශ කාව්‍යයකි. පැරණි සන්දේශ කවි රටාව ආරෙන් ලියූ සන්දේශ කාව්‍යයක් වන මෙහි දූතයා වඩු කුරුල්ලෙකි. වඩු කුරුල්ලා යන්නේ මොරටුවේ සිට කොළඹ කොල්ලුපිටියෙහි ජනපති මැදුර වෙතය.

ඌ ගෙන යන හස්නෙන් කියැවෙන්නේ මොරටුවේ වඩුවන් ගේ දුක් ගැහැට පිළිබඳව යි. සහනය ලබාදී වඩුවා රැක ගැනීමට මඟක් යොදන ලෙස ඔහු ජනපති තුමාගෙන් ඉල්ලා සිටියි.


කොත්මලේ ඇත්තෝ

කර්තෘ - ප්‍රබෝධ කහඳගමගේ

ප්‍රකාශක - සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ

මිල – රු.490

කොත්මලේ ප්‍රදේශය පුරා සංචාරය කොට කොත්මලේ සැඟවුණු තොරතුරු සොයා ගවේෂණය කොට ලියන ලද කෘතියකි. කොත්මලේ ජනශ්‍රැති වාංමාලා මෙන්ම එහි මිනිසුන්ගේ පෞරාණික ව්‍යවහාරයන් ද සුරක්ෂිත කොට එක්තැන් කළ මේ කෘතිය කොත්මලේ එදා ජන ජීවිතය හා ජනවිඥානයන් පහදාගෙන ලියන ලද්දකි.

කොත්මලේ ප්‍රදේශයේ තරුණ පාසල් ගුරුවරයකු ලෙස කටයුතු කරන කතුවරයා කොත්මලේ ගැමි සංස්කෘතිය හා ජනඋරුමය මේ ග්‍රන්ථයෙන් අනාගත පරපුරට දායාද කොට ඇත.


දරු තවාන

කර්තෘ - රෝහිත මුණසිංහ

මිල – රු.200

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්)කෙටිකතා සංග්‍රහයකි.

ගමේ නගරයේ දුටු නොයෙක් සුන්දර මෙන්ම දුඞඛදායක සිදුවීම් ද හාස්‍යඋත්පාදන සිද්ධීන් ද අළලා ලියන ලද මේ කෙටිකතා හුදු සමාජ විවරණයන් යැයි කීම නිවැරැදි ය. ගම වැලිගම, ගොළුපුතා, සැකය හා ලිංගික ඊර්ෂ්‍යාව, ගිටාරය, දරු තවාන යන අපූරු කෙටිකතා පහකින් මේ කෘතිය සමන්විත ය.


උතුරෙන් දකුණට

කර්තෘ - ගුණරත්න ඒකනායක

මිල – රු. 400යි.

ප්‍රකාශනය – නිපුන් පොත්

උතුරේ ජීවත් වූ සිංහල පවුලකගේ අනුවේදනීය කතාවකි. 1983 ජාතිවාද අර්බුදවලට පෙර උතුරේ ඉතා සතුටින් හා සමඟියෙන් ජීවත් වූ ස්මයිල්, සිල්වා හා අරුණාචලම් යන අයගේ සුන්දර ජීවන අන්දරය 83 කලබලවලින් පසු වෙනස්වී අසුන්දර වූ අයුරු කියාපාන නවකතාවකි.


රහඬ නඟන ගැහැනිය

පරිවර්තනය – රංජිත් ඉලුප්පිටිය

මිල – රු.225

ප්‍රකාශනය - නැණිල පබ්ලිකේෂන් (පෞද්) සමාගම

විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෙටිකතා දහසයක සිංහල පරිවර්තනයකි. ඇමෙරිකාව බ්‍රිතාන්‍යය වැනි බටහිර රටවල මෙන්ම ඉන්දීය චීන පකිස්තාන බුරුම රුසියානු හා අයර්ලන්ත කෙටිකතා රාශියක සිංහල පරිවර්තන මෙහි ඇතුළත් ය.

ඒවා ඒ ඒ රටවල පරිසරය හා සංස්කෘතිය පිළිබඳව විදහා දක්වන විරල කෙටිකතා වීම විශේෂයකි.


ව. අ. සරත් ලාල් කුමාර ගෙන් පොත් දෙකක්

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි

මිල - රු 300 යි

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය

ශ්‍රී ලංකාවට අදාළ දේශගුණික විපර්යාස සුළි සුළං ගංවතුර නාය යාම් නියඟය සුනාමිය ආදි ස්වභාවික ආපදා කළමනාකරණය කිරීම පිළිබඳ උපදෙස් හා තොරතුරු ඇතුළත් ග්‍රන්ථයකි.

අපරාධ නීතිය

මෙය ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය පිළිබඳ කෙටි හැඳින්වීමකි. අර්ථ නිරූපණය, සාවද්‍ය චින්ත සිද්ධාන්තය හා අපරාධයක ව්‍යවස්ථාපිත ආඥා පනත් ආදි විවිධ මාතෘකා යටතේ ලියැවුණු මෙයින් අපරාධ නීතිය පිළිබඳව සාමාන්‍ය තොරතුරු පාඨකයාට ලබාගත හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා