»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
ජීවත්වීමට උත්තේජනයක් සපයන නවකතාවක්
 

ජීවත්වීමට උත්තේජනයක් සපයන නවකතාවක්

 

 

මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර ආදී ලේඛකයන්ට ආසන්න පසුකාලීනව නිර්මාණකරණයට පිවිසෙන අනුලා විජේරත්න මැණිකේ ලේඛිකාව ඒ යුගයේ තිබු පරාජිත චරිත හෝ පරාජිතභාවය රසය කරගත් සාහිත්‍යයෙන් මිඳුණු බවක් පළ කරනවා යැයි ඔබ සිතනවා ද?

සාහිත්‍ය ඉතිහාසයේ දිගින් දිගට අප දුටුවේ පරාජිත මානසිකත්වය රසය කරගත් සම්ප්‍රදායක් තමයි. එකල විචාරකයන් පවා ඒවා තියුණු විචාරයකට ලක් කළේ නැහැ.

පාඨකයා කම්පනයට පත් කළ යුත්තේ චරිත හෝ සිදුවීම් කඩා වැටීමට සැලැස්වීමෙන් බව ලේඛකයන්ගේ මෙන්ම පාඨකයන්ගේ ද මතය වුණා. අභියෝග ජයගෙන ඉදිරියට යන චරිතවලට වඩා පරාජිත පසුබිමක ජීවත්වන චරිත තමයි නවකතාවට වස්තු වුණේ.

ඒ නවකතාවලට විශිෂ්ට යන ලේබලයත් ඉන් බැහැර වූ සාහිත්‍යයට ජනතාවාදී ලේබලයත් ඇලෙව්වා. අනුලා විජේරත්න මැණිකේ ලේඛිකාව ඒ දෙකෙන් ම මිදී ජනතාව ජීවත් කරවීමට යම් උත්තේජනයක් සපයන, සටන්පාඨ සාහිත්‍යයෙන් මිදුණ ලේඛිකාවක් ලෙසයි මම දකින්නේ.

කමල් පෙරේරා

සුජාත පුත්‍රයන්ගේ වස්තුව නවකතාවෙන් නිරූපණය කරන්නේ ග්‍රාමීය පරිසරයේ සාධනීය ලක්ෂණයි. එමෙන්ම බැද්දේගම, පෙත්සම, අක්කර පහ වැනි නවකතාත් ග්‍රාමීය පරිසරයන්හි යථාර්ථයේ විවිධ පැති නිරූපණය කරනවා.

ඒ අතර අනුලා විජේරත්න ලේඛිකාවට මේ නවකතාව හරහා සැබෑ ගැමි පරිසරයේ යථාර්ථය නිරූපණය කිරීමට හැකියාව ලැබුණා යැයි ඔබ සිතනවා ද?

සුජාත පුත්‍රයන්ගේ වස්තුව නවකතාව යථාර්ථවාදී සාහිත්‍ය සම්ප්‍රදායේ නවකතාවක් ලෙසයි පිළිගැනෙන්නේ. ඇය සමාජයෙන් ග්‍රහණය කරගත් යථාර්ථය අනෙක් ලේඛකයන් ග්‍රහණය කර නොගත්තා විය හැකියි.

ඇයට තිබෙන්නේ ජාතක කතා ඇතුළු චිරන්තන සාහිත්‍ය ආභාසයෙන් ලද දෘෂ්ටියයි. ලේඛකයා සමාජයේ පෙර ගමන්කරුවකු ය යන දෘෂ්ටියෙන් ඇය මෙය රචනා කර තිබෙන්නේ.

ඇගේ භාෂා භාවිතය ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය හා සම්බන්ධයක් ඇතැයි මට හැඟෙනවා.

ඔව්. මේ ලේඛිකාවගේ භාෂාව විශේෂයි. එය අපේ සම්භාව්‍ය සාහිත්‍යය වන සද්ධර්මරත්නාවලිය ජාතක පොත වැනි සාහිත්‍යයන්හි එන ප්‍රාණවත් කාව්‍යමය බස් වහරට ඥාතිත්වයක් තිබෙනවා. ගැමි අව්‍යාජත්වය හා ගැමියා සමඟ ජීවත්වී ලැබු භාෂා පන්නරය මෙන් ම නැවුම් උපමා රූපකවලින් ද මේ නවකතාව පිරී පවතිනවා.

මේ නවකතාවේ බොහෝ විට ඉස්මතු වන චරිතයක් වන්නේ ආරච්චිගේ චරිතයයි. ඔහු පරිපූර්ණ සූක්ෂම නායකත්වයක් පළ කරනවා යැයි ඔබ සිතනවා ද?

පරිත්‍යාගය, එඩිතර බව, අව්‍යාජ බව, ජන විඥානය හඳුනා ගැනීම වැනි ලක්ෂණ නායකයකු සතුව පැවතිය යුතුයි. එය ආරච්චි තුළත් විදානේ තුළත් තිබෙනවා.

ඔවුන් දෙදෙනාට ම ගැමියන් අමතක කර හොඳින් ජීවත් වීමට ආර්ථික තත්ත්වයක් තිබුණා. රජයෙන් වුණත් සහය ලැබෙන්නේ අවසානයේයි. ප්‍රතිලාභයෙන් තොරව කැප කිරීම් කිරීමේ උත්තරීතර සංස්කෘතික ගති ලක්ෂණය මේ චරිත දෙකෙන්ම පළ වෙනවා.

ඒ වගේ ම ථෙරපුත්ත හාමුදුරුවෝ මේ චරිත දෙකට ආලෝකයක් වෙනවා. දේශපාලනය ආගම හා සමාජය යන තුන තුලනාත්මකව ගොඩ නැඟීමෙන් සාර්ථකත්වය ඇති කරගත හැකි බව අපට මේ දෙස සියුම්ව බැලීමේදී හෙළි වෙනවා.

මේ පොත ඔබ කියවාගෙන යන විටදී මෙහි යම් යම් තැන් වෙනස් වූවානම් මීට වඩා රසවත් වීමට ඉඩ තිබුණා යැයි හැඟුණු අවස්ථා තිබෙනවා ද?

මෙහි කළු චරිතයක් වූ මුදලාලිගේ චරිතය දිගට ම පැතලි චරිතයක් ලෙසයි තිබෙන්නේ. ඒ වගේ ම හිටපු ගමන් එන ඕරසියල් චරිතයත් අහසින් පාත් වූ චරිතයක් ලෙසයි මට හැඟෙන්නේ. මේ චරිත දෙස තුලනාත්මක ව බැලුවානම් එය නවකතාවට නව ආලෝකයක් හා ඒ ඒ චරිතවලට සාධාරණ බවක් ද ලබාදීමට හැකි වෙනවා යයි මට සිතුණා.