»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
පොළොවේ පයගසා ජීවත්වන මිනිසුන්ගේ ජීවන සුවඳ විහිදුවන නවකතාවක්
 

පොළොවේ පයගසා ජීවත්වන මිනිසුන්ගේ ජීවන සුවඳ

විහිදුවන නවකතාවක්

 

කමල් පෙරේරා

ජනතාවාදී සාහිත්‍යයක් පිළිබඳ සංවාදයක් මීට දශක කිහිපයකට පෙර අප රටෙහි පැන නැඟුණේය. ඇතැමුන් මේ සංවාදය දඩමීමා කර ගත්තේ දේශීය අනන්‍යතාවක් සහිත සාහිත්‍ය කෘති හා ලේඛකයන් පාගා යටපත් කර දමනු පිණිසය. මේ සාහසික ප්‍රයත්නයේ අවසන් ප්‍රතිඵලය වූයේ එලොවටත් මෙලොවටත් නැති මනස් පුතුන්ගේ සාහිත්‍යයක් කලඑළි බැසීමය. ‘විශ්ව සාධාරණ’ ලේබලය යටතේ අද ද සමහර විචාරකයන් විසින් හුවා දක්වනු ලබන්නේ ලෙයින් – මසින් තොර එබඳු බොල් සාහිත්‍යයකි.

මේ සංවාද මණ්ඩපයේදී මගේ අවධානයට ලක්වන අනුලා විජයරත්න මැණිකේ ලේඛිකාවගේ ‘සුජාත පුත්‍රයින්ගේ වස්තුව‘ නවකතාව මා අගය කරනුයේ එය මහ පොළවේ පයගසා ජීවත්වන මිනිසුන්ගේ ජීවන සුවඳ විහිදුවන නවකතාවක් බැවිනි. එම කෘතිය මගේ සිත් පැහැරගත් අනෙක් සුවිශේෂ කරුණ නම් එහි උපයුක්ත ළඟන්නාසුලු බස් වහරයි.

නවසිය පනහ දශකයේ මුල්භාගය දක්වා දිවෙන මෙහි කතා පුවත දිගහැරෙනුයේ වැව් බැඳි රාජ්‍යයේ ශුෂ්ක ගම්මානයක් පසුබිම් කරගනිමිනි. කොහොඹෑව නම් වන මේ ගමෙහි හදවත බඳු වැව විනාශව ගොසිනි. කුලියක් මලියක්වත් කිරීමට නැති මෙහි වැසියන් බඩසාය නිවා ගන්නේ දුරාවාරේ කෙරෙන ගොඩ ගොවිතැනකින් පමණි.

ගමේ ආරච්චි මහත්තයාගේත් - වෙල් විදානේගේත් ප්‍රමුඛත්වයෙන් වැව පිළිසකර කිරීමට දුප්පත් ගැමියන් පෙළගැසීම අනුලා විජයරත්න මැණිකේ ලේඛිකාව මේ නවකතාවට ප්‍රාණවායුව ලබාදීම පිණිස යොදාගන්නා සංසිද්ධියයි.

සුජාතා පුත්‍රයන්ගේ වස්තුව දේශීය සාහිත්‍යයෙහි ගුණ සුවඳ විහිදුවන ප්‍රබන්ධයක් බවට පත්වන්නේත්, අනුලා විජයරත්න මැණිකේ ලේඛිකාව මහපොළවේ පය ගසා ජීවත්වන මිනිසුන්ගේ මිනිස් ගති විනිවිද දකින සාධනීය ජීවන දැක්මක් සහිත ගත් කතුවරියක් බවට පත්වන්නේත් මේ ප්‍රයත්නය තුළදීය.

සුජාත පුත්‍රයන්ගේ වස්තුව කියවන පාඨකයකුගේ හිත වරෙක ජාතක කතා සාහිත්‍යයේ වාග් විලාශය හා ප්‍රබන්ධ රීතිය කරා දිව යයි. අප බෝසතාණන් වහන්සේ සුමන නම් වෙළඳ නායකයකුව සිටිමින් ගැල් පන්සියයක් හා සිය සේවක පිරිවර මහත් උපද්‍රවයකින් ගලවා ගත් අයුරු කියාපාන ‘අපණ්ණක ජාතකය’ අනුලාගේ ‘සුජාත පුත්‍රයින්ගේ වස්තුව‘ කියවද්දී පාඨකයකුගේ මතකයට නැෙඟනු ඒකාන්තය.

අනුලා විජයරත්න මැණිකේ

කිසියම් අරමුණක් වෙනුවෙන් අවංකවම කැප වෙන්න. ඔබ කවදා හෝ ජය ලබනු නියතය. පහසු කෙටි මාවත් නොව දුෂ්කර ගිරිදුර්ග තරණය කරන්න. ඔබ සෙවූ වස්තුව ඔබට හිමිවනු ඇත. ඉච්ඡා බස්වලට නොරැවටෙන්න. කටුක වුවත් සත්‍යයටම සවන් දෙන්න. අවසාන ප්‍රතිඵලය මිහිරිවනු ඇත. අපණ්ණක ජාතක කතාව මෙන්ම සුජාත පුත්‍රයන්ගේ වස්තුව ද අපට යටි පෙළින් කියා දෙන දහම එයයි.

හොඳ සාහිත්‍ය කෘතියක් යනු ප්‍රබන්ධරීතිය අනුව පමණක් නොව අන්තර්ගත පුවත වශයෙනුත් කිසියම් අපූර්වත්වයක් ප්‍රකට කරන කලා නිර්මාණයක් විය යුතුය. මිනිසත්බවේ සුවඳ, හෘදයාංගම බව, සාධනීය ජීවන අරුතක් කුළුගැන්වීම ආදී ගුණාංග රැගත් සාහිත්‍ය කෘතිය පාඨක සිත් සතන් ආනන්දයෙන් මෙන්ම ප්‍රඥාවෙන් ද සසල කරයි.

අනුලා විජයරත්න මැණිකේගේ සුජාත පුත්‍රයින්ගේ වස්තුව ඉහත කී ගුණාංග අඩු වැඩි වවශයෙන් අන්තර් කර ගත් නැවුම් සුවඳක් වහනය කරන අපූරු නවකතාවකි. එය පාඨකයාගේ හදවතෙහි ජීවිත අපේක්‍ෂාවන් උපදවයි. කුසලාකුසල විඥානය අවදි කරවයි. නූතන වෙළඳපළ වටිනාකම් එයින් කඩාබිඳ විසුරුවා හැර අති සමාජ සංස්ථාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවැසිතාව පෙන්වා දෙයි. මානව කුටුම්භය යනු මිනිස් ප්‍රාණීන් එක එකාගේ මනෝලෝකය තුළ සිරගතව උනුන්ගෙන් කායිකව මෙන් ම මානසිකවද ව්‍යුක්තව එකලාව වාසය කළ යුතු සිපිරිගෙයක් නොව ගැටීම් – බැඳීම් මැද එකට හුස්ම හෙළිය යුතු මිනිස් පොකුරක් බව කියා පායි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා