»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
අපේ ඇත්තන්නේ සන්නිවේදන රටා
 

අපේ ඇත්තන්නේ සන්නිවේදන රටා

 

කැප ගස් සංඥා

කැප ගස් වශයෙන් නම් කරනු ලබන්නේ විවිධ බාරහාර සඳහා දෙවියන්ට වෙන් කළ පොල්ගස්.

නැතිනම් පන්සලට හෝ ගමේ දේවාලයට මේ ගස් වෙන්කරනවා.

ඇතැම් විටක උඩමළුවේ ජයසිරිමා බෝධියට – දළදා හිමියන්ට වශයෙන් ද මේ ගස් වෙන් කරන අවස්ථා තිබෙනවා. එවිට සිදුවන්නේ මෙලෙස දෙවියන්ට හෝ පන්සලකට වෙන් කළ ගස කැප ගසක් වශයෙන් හැඳින්වීමයි.

එම කැප ගස හිමිවන්නේ වෙන්කළ දේවාලයට හෝ පන්සලටයි.

ඒ නිසා එහි පලදාව හිමි වන්නේ ද, ඒ පලදාවෙන් ප්‍රයෝජන ගත හැකිවන්නේ ද අදාළ දේවාලයට හෝ පන්සලට පමණයි.

මේ අයුරින් කැප ගසක් වෙන්කරන විට එය පුරා වසරක් – වසර තුනක් නැතිනම් ජීවිත කාලයට ම වශයෙන් ඒ ඒ බාර අනුව හැඳින්වෙනවා.

එලෙස කැප ගසක් වෙන්කර තිබේ නම් එය අන්‍යයන්ට ද හැඳින්විය යුතුයි.

මේ සඳහා භාවිත කරන්නේ ද අවාචික සන්නිවේදන පිළිවෙත් රැසකුයි.

එබැවින් බොහෝ විට දීර්ඝ කාලයක් විනාශ නොවන සටහනක් සලකුණු කරනවා.

ඇතැම් විටක එම ගස් වටා ඉරි තුනක් පිංතාරු කරනවා. එම පිංතාරු වළලු තුනක් හෝ දෙකක් නිසා ඒ ගසේ වෙනසක් කාටත් පෙනෙනවා.

නැතිනම් කිසියම් වැල් පොටකින් හෝ ලණුවකින් බඳිනවා.

එසේත් නැතිනම් ඒ ගස වටා පොල් අතු අග්ගිසි කීපයක් තබා ඒ ගසේ කඳ ආවරණය කරනවා.

මේ අයුරින් ඒ පොල්ගස විශේෂිත බව අන්‍යයන්ට අඟවනවා.

එවිට ඒ ගසින් පල නෙළා ගැනීමෙන් වැළකී සිටීමට හැකි වුණා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා