»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
රජකමට සේම කවිකමටද නිපුන් දෙවැනි පැරකුම්බා
 

රජකමට සේම කවිකමටද නිපුන් දෙවැනි පැරකුම්බා

 

දඹදෙණිය වෙල්යාය පුරා හමා යන්නේ ගත - සිත නිවා සනහාලන සිහිල් සුළං රැල්ලකි. එහි පුරන් කොටමින් පසුවන්නේ මනා රූ ශෝභාවකින් යුතු වූ භද්‍ර යෞවනයෙකි. හැඩිදැඩි නුවූ කෝමළ සියුමැලි ලාලිත්‍යය සිරුරකට හිමිකම් කී මේ ප්‍රභා සම්පන්න රූබර යෞවනයාගේ නීල උත්පල නේත්‍ර යුග්මය තීක්ෂණ ය. බැල්ම විනිවිද යන සුළු ය.

මහත් වෙහෙසින් ද, අවු රශ්මියෙන් ද පීඩිත වූ හේ අසල ගසක් මුල ඇඹුළ ද රැගෙන පැමිණි සිය රූමත් පි‍්‍රයම්භිකාව දෙස බලා සිනාසී, නළලත ඩා බිඳු පිට අත්ලෙන් පිසලා ගනිමින් ඇයගේ උකුලෙහි හිස තබා ගිමන් හරින්නට වන්නේ ය. නොදැනී ම ඔහුට නින්ද ගියේ ය. කෙටි නින්දකින්, බියකින් මෙන් වහා පිබිදුණු යෞවන තෙමේ ‘සිරිමල් එතනා’ ගේ මුහුණ බැලුවේ ය.

‘මන්ද කුමරුනි?’

‘මම මහ අමුතු සිහිනයක් දුටුවෙමි. මාගේ දකුණු පාදයේ පණුවන් ගසා තිබෙනු මා දුටුවෙමි. එහි අරුත නම් නොතේරෙයි.’

පි‍්‍රයම්භිකාවිය සිරිමල් එතනා මුව පුරා හිනැහෙන්නට වූවා ය.

‘මා පි‍්‍රය කුමරුනි, ඔබ නිසැක ව ම රජ වෙනවා. ඔබ දුටු සිහිනයේ පලාඵල එයයි’

මේ වන විට දී දඹදෙණි යුගය, සියලු රාජ පරම්පරාවෙන් අහෝසි වී, අරාජික ව පැවතෙමින් රාජ්‍යත්වයට උභය කුල පාරිශුද්ධ කුල කුමරුවන් (විජය කුමාරයාගේ ජානමය පරපුරේ අය) නොමැති වීමෙන් ද උභය කුල පාරිශුද්ධ කුල කුමරියන් කිහිප දෙනෙකුට පමණක් සීමා වී තිබීමෙන් ද ගැටලු මතු වී තිබිණි. එකල එකගෙයි කෑම ද ප්‍රචලිත චාරිත්‍රයකි.

අනුරාධපුර රාජධානියේ බිඳ වැටීමත් සමඟ ශ්‍රී ලංකාවේ දෙවන රාජධානිය ලෙසින් පොලොන්නරු රාජධානියේ පිබිදීම සිදුවිය. මෙරට දෙවන පාලන අවධිය සේ සැළකෙනුයේ පොලොන්නරුවය. බුදුදහම සහ හින්දු ආගම ආශි‍්‍රතව ආගමික වෙනස්කම් රැසක් ද මෙහි දී සිදුවන්නට විණි.

සිංහල රාජධානියක් වශයෙන් පැවැති පොළොන්නරු පුරය ද විවිධ ආක්‍රමණ හේතුවෙන් බිඳ වැටිණි. ඉන් පසුව එළැඹියේ දඹදෙණිපුර අග්‍ර රාජධානිය අවධිය ය. එය බුදුවසින් 1763 සිට 1826 දක්වා පැවැතිණි.

තුන්වන විජයබාහු රජතුමාගේ මාළිගය පිහිටියේ දඹදෙණිපුර මහ උස් ගල් පර්වතයක් මුදුණේ ය. එය සතුරු උවදුරින් ආරක්ෂා වී සිටීමේ ක්‍රමවේදයකි. එහෙත් හදිසියේ ම සතුරු උවදුරක් එල්ල වීමෙන් සිදු වූයේ නොසිතූ විරූ ඛේදවාචකයකි.

ඒ අනපේක්ෂිත සතුරු ප්‍රහාරයේදී දිවි ගලවා ගනු වස් මාළිගාවිල මාළිගයේ සියල්ලෝ හිස් ලූ-ලූ අත දිව ගියහ. ඇතැමුන් සතුරා අතින් මැරුම් කෑහ. ඇතැමුන් පළා යා ගත නොහී පර්වතයෙන් බිමට පැන්නාහ. ඒ අතිශය දුක්බර ඉරණම එලෙසින් සංසිඳී යද්දී බිලිඳකු මහ හඬින් හඬන අයුරු ඇසෙන්නට විය.

ඒ බිලිඳා වතුර කොරහකට වැටී හඬමින් සිටියේ ය. බිලිඳා ඔසවා වහා තම තුරුළට ගත් රෙදි නැන්දා ආරක්ෂිත මං ඔස්සේ රහසේ ම පැමිණ එක්තරා ගම ගෙදරකට බාර දුන්නා ය. ඒ, බිලිඳා ඉතා හොඳින් රැකබලා ගනු පිණිස ය.

ගම ගෙදර සිටියේ ගම රාලත් ඔහුගේ බිරියත් ඔවුන්ගේ දියණියන් දෙදෙනාත් පමණෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල සිට කි. මී. 2 ක් පමණ දුරකින් පිහිටි කළුන්දෑව ප්‍රදේශයේ (සිරිවර්ධනපුරය) රුක්මලේ නම් ග්‍රාමයේ ගම ගෙදර පිහිටා තිබිණි. රූමතියක වූ වැඩිමහල් දියණිය සිරිමල් එතනා ද ඒ තරමට ම රූමතියක නුවූ කළු එතනා ද ගමරාලගේ දියණියෝ ය.

එහි හැදී වැඩී උස් මහත් වූ මේ කුඩා කුමරුන් භද්‍ර යෞවනයට පිවිසියේ ය. එහි හේනේ කුඹුරේ වැඩපළෙහි ද යෙදී සිටියේ ය. සිරිමල් එතනා සමඟ නොතිත් පේ‍්‍රමයෙන් බැඳී පසු වූ කුමරුන්ට ඒ ගෙදර තමන්ගේ ම ගෙදර වූවා සේ ය. එසේ ජනප්‍රවාදයේ එයි.

රජ මාළිගයෙන් පිටතට බට දිළිසෙන පිළියෙන් සරසන ලද ඇත් රජකු පෙරටු කොටගත් මහ පෙරහරකි. දඹදෙණිපුරය පාලනයට සුදුස්සකු සොයමින් යන පෙරහරකි. සිරිමල් එතනා ගේ මුදු පහසින් නිවී ගත් කුමරුන් ඇයගේ උකුළ මත තබා සිටි තම හිස ඔසවා තමන් හමුවට එන පෙරහර දෙස බැලී ය. ඒ එන්නේ තමන් දෙසට යැයි සැක හැර දැනගත් කුමරුන් වහා නැඟිට සිටියේ ය.

සිරිමල් එතනා කිසිත් අදහා ගනු නොහැකි ව කුමරුට මුවා වී දෑස් ලොකු කර ගත් ගමනින් බලා සිටින්නට වූවා ය. සෙමින් ගමන් පැමිණි ඇත් රජු ඉදිරි දෙදණ බිම ඔබා සිය හොඬවැල ඉහළට ඔසවා කරකවා ගරු - සරු කුංචනාදය නිකුත් කළේ ය. පැමිණි සියල්ලෝ එකත්පස් ව සිටියහ. එක් රාජ දූතයකු පැමිණ - පැමිණි කාරණය යටහත් ව දන්වා සිටියේ ය.

දඹදෙණි යුගයට එන විට පෙර කීවා සේ සියලු රාජ පරම්පරාවන් නැති වී රාජ්‍යත්වයට පාරිශුද්ධ කුල කුමරකු නැති සමයක අතිශය රහසිගත අයුරින් සිංහල රජ සිරිත සිරිමත් කළ හැකි කුමරකු අහඹු ලෙසින් මතු වූයේ එලෙසිනි.

සිරි සඟබෝ සිරි විජයබා හෙවත් තුන්වන විජයබාහු (1232 - 1236) රජතුමාගේ පුත්‍රයන් තිදෙනාගෙන් එක් පුත්‍රයකු වන නැම්බඹර පැරකුම්බා හෙවත් දෙවන පරාක්‍රමබාහු රජුන් එලෙසින් දඹදෙණිපුරය සිංහාසනාරූඪ වන්නේ ය. පෙමින් වෙලී සිටි සිරිමල් එතනා රජ කුමරුන් ගේ අගමෙහෙසිය වන්නී ය.

දෙවන පරාක්‍රමබාහු රජ කුමරුනට සොහොයුරන් දෙදෙනකි. ඒ බෝසත් 4 වන විජයබා (1270 - 1272) සහ මල්මහ බුවනෙකබා හෙවත් ධ් බුවනෙකබා (1272 - 1284) කුමාරවරුන් ය. කලක් ඇවෑමෙන් දෙවන පරාක්‍රමබාහු රජතුමා පුත්‍රයන් තිදෙනකුගේ ආදරණීය පියකු වූයේ ය. විජයබාහු, වීරබාහු සහ බුවනෙකබාහු ඒ පුත්‍රයන් තිදෙනා ය. රජුට දාව අන් බිසවක විසින් කුමරියක් බිහි කළ බව ද ඇය ඉන්දියාවේ කුමරකු සමඟ හාද වූ බව ද ජනප්‍රවාදයේ එයි.

ක්‍රිස්තු වර්ෂ 1236 දී රාජාභිෂේක වූ දෙවන පරාක්‍රමබාහු නිරිඳාණෝ සැබැවින් ම ශ්‍රද්ධාවන්තයෙකි. පොතපතෙහි ද ශිල්ප ශාස්ත්‍රයෙහි ද ඥානවන්තයෙකි. සමතෙකි. අරාජික ව පවත්නා මෙසමය පිළිබඳ මනා අවබෝධයකින් සුසැදි මේ නරපතියාණන් බුදුදහමේ චිරස්ථිතිය උදෙසා මහත් වෙහෙසකර වූ මනා කැපවීමක යෙදෙමින් සම්බුදු දහම වඩාත් ව්‍යාප්ත කිරීමේ උතුම් මෙහෙවරක යෙදුණේ ය.

බුද්ධ ධර්මය පිළිබඳ භාෂා ශාස්ත්‍ර ඥානයෙහි ද නිපුණයකු වූ එතුමා විශිෂ්ටතම කෘතින් රැසක් ම ලියා එළි දක්වමින් කීර්තිමත් සාහිත්‍යධරයකු ගේ ද මහා පඬිරුවනකගේ ද පිරිපුන් බව මොනවට ප්‍රකට කළේ ය.

තුණුරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් පසුවූ දෙවන පැරකුම් නිරිඳුනට රාජධුරය ලබාදීම සඳහා මනා මඟ පෙන්වීමක යෙදෙමින් සමීපතම ඇසුරේ පසු වූයේ සංඝරක්ඛිත හිමියන් ය. උන්වහන්සේ ප්‍රධාන සඟරුවන හා එක් ව එතෙක් ආරක්ෂාව පතා බෙලිගල විහාරයේ තැන්පත් කර තිබු දන්ත ධාතුන් වහන්සේ රජ මාළිගයට වැඩම කරවූහ.

මේ ධාර්මික නිරිඳාණන් රාජාභිෂේකයෙන් පසුව ද තමන් මහත් සේ බුහුමනට පාත්‍ර කළ වටිනා පොතපත අනාගත දනන් ගේ ප්‍රයෝජනය පිණිස ගල් ගුහාවල ආරක්ෂිත ව තැබුයේ ය. ලේඛකයන්, සාහිත්‍යධරයන් සිය ඉස්මුදුණින් සලකා කටයුතු කළ එතුමා පොතපතෙහි ඇල්මැති ලේඛකයන් සමාජයෙහි මහත් ගෞරව බුහුමානයට පාත්‍ර කළහ. ගම්වර දුන්හ. පහසුකම් සලසා දුන්හ.

බොහෝ කොට වරප්‍රසාද දුන්හ. එය සිදු කළේ ද සාහිත්‍ය රාජකීයයත්වයට පමණක් පත් ව තිබු එසමයෙහිදී ය. එපමණක් ද නොවේ, එසමයෙහි දී පෙර නුවූ විරූ සංස්කෘතික පිබිදීමකටද උර දී කටයුතු කළ එතුමා නාට්‍ය, සංගීතය, නැටුම් ආදි කලාවන් පුබුදුවාලීමට වෙහෙසුණේ ය.

උත්තර භාරතයෙන් පැමිණි ලම්බකරණ වංශිකයන් සහ බෝධි වංශිකයන් මෙහි පදිංචි කරවමින් ඔවුන් උදෙසා විශේෂ වරප්‍රසාද, සම්මාන, සැලකිලි නොඅඩු ව ම පුද දෙමින් ඔවුන් හරහා කලා අංගයන් ව්‍යාප්ත කරලීමට ද මුල්තැනෙහිලා කටයුතු කළේ ය.

විශිෂ්ට සාහිත්‍යධරයකු වූ එතුමා, සන්න, විශුද්ධිමාර්ග සන්නස, කව් සිළුමිණ, ධර්ම පූර්ණිමා, ආදි විශිෂ්ට කෘතීන් ද කව්‍ය ග්‍රන්ථයන් රැසක් ද රචනා කළේය. මේ කරුණු කාරණා හේතු කොට ගෙන ම වර්ෂ 1236 දී මායා රට දඹදෙණිපුරයේ රාජශි‍්‍රයට පත් ‘කලිකාල සංගීත, සාහිත්‍ය සර්වඥ, තුලාදිත්‍ය පණ්ඩිත යන ගෞරව නාමයෙන් ද බුහුමනට ද එතුමා පාත්‍ර විය.

බුදුදහම පිළිබඳ විනය සංගායනා සිදු කරමින් ද මහ සඟරුවන සමගි කරවමින් ද පොතපත ලියන්නට සංඝයා වහන්සේ උනන්දු කරවමින් ද උගතුන් බිහි කරන්නට කැපවූයේ එතුමා ය. සතුරන්ගේ සැහැසි දරුණුකම් හිස ඔසවමින් යළි පීඩනයට පත් කරවන අතරේදී උගතුන් හා සඟරුවන සැඟවී ගත් තැන ම නිහඬ ව සිටිය දී ඒ හැමදෙනා සියලු පහසුකමින් සජ්ජිත කරවමින් සාහිත්‍ය සේවාවේ යෙදෙන්නට එතුමා දිරි ගැන්වූයේ ය.

‘අපේ රජතුමා ලියූ කව් සිළුමිණ අදටත් එංගලන්ත කෞතුකාගාරයේ පවතිනවා. සාහිත දියුණුවට ඇප - කැප වූ එතුමා ගේ කාලයේ ගද්‍ය සාහිත්‍ය වැඩි වශයෙන් බිහිවීමට හේතු වුණේ කාව්‍යකරණයේ නිරත වීම භික්ෂුන්ට අකපැයැයි සම්මතයක් පැවැති බැවිනි.

දඹදෙණිය යුගයේ දී මේ පිළිබඳ කතිකාවන් දෙකක් සිදුවුණා. දඹදෙණියේ සෙල්ලිපි නැහැ. පිළිගත හැකි ආකාරයේ ජනප්‍රවාද පමණක් අදටත් ජනයා අතර ව්‍යවහාර ව පවතිනවා. ඒ දඹදෙණියේ විජයසුන්දරාරාම භාරකාර වර්තමාන විහාරාධිපති කටුගම්පල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක නාරංගොඩ සිරි නිවාස නාහිමියන් ගේ මතකයයි.

මායා රට රජිඳුන්ගේ තොරතුරු සැඟ වී ඇත්තේ ය. බොහෝ කොට ඇත්තේ ජනප්‍රවාදය හා මුසු වී ගත් එතුමාට අනුගත වූ කතා පුවත් ය. එතුමා පිළිබඳ තතු අපේ පාඨකයාට නිවැරදි ව කියන්නට මහත් වෑයමක යෙදී හුන් මා වෙත නොමසුරු ව තම අගනා කාලය වැය කරමින් දුර්ලභ පුවත් සැක හැර සොයා දුන්නේ ප්‍රවීණ ගත් කතුවර සුජිත් අක්කරවත්ත මහතායි.

‘රජතුමා සාහිත්‍ය සේවාවේ කැප වූ ලේඛකයනට ඉමක් කොනක් නැතිව බොහෝ වරප්‍රසාද සම්මාන, තෑගි බෝග පිරිනමමින් සාහිත ප්‍රගමනයට තව තවත් උනන්දු කරවූවා. ඉන් වඩාත් යහපත් ප්‍රතිඵල අපේ සාහිත්‍යයට එකතු වුණා යැයි කිවහොත් නිවැරැදියි.

බොහෝ කොට රජුන් තමන්ට සැලැකූ නිසාදෝ ලේඛකයෝ ද රජු පිළිබඳ වඩාත් ආටෝප - සාටෝපයෙන් ඇතැම් විට ලියන්නට ඇත කියා සිතිය හැකියි. එය වර්ණනා ශෛලියක් ලෙසින් ද සැලැකිය හැකියි. ඒ සුජිත් අක්කරවත්තයන්ගේ අදහසයි. තොරතුරු සොයා යෑමේදී උපාලි කරුණාරත්න මහතා දැක්වූ සහාය ද අගේ කොට සලකමි.

රට, දැය සමයට හිතැති ව මේ සියලු සද්කාර්යයන් සිදු කැරෙන අතරේදී පැමිණි පරසතුරු ආක්‍රමණය ද සුළුපටු නොවිණි. එතුමාගේ රාජ්‍යත්වයෙන් 11 වන වසරේදී බෞද්ධයකු වූ ‘චන්ද්‍රභානු’ සිය හමුදාව සමඟ සතුරු ව පැමිණ දන්ත ධාතුන් වහන්සේ ද පාත්‍ර ධාතුව ද, පමණක් නොව රාජ්‍යය ද ඉල්ලා දෙවන පැරකුම්බාවන්ට තර්ජනය කළේ ය. දකුණු ඉන්දියාවේ මිත්‍ර ‘පාණ්ඩ්‍ය’ රජුගේ උදව් උපකාර ලැබ දෙවන පැරකුම්බාවන් කීප වරකදී ම සටන් වැදුණේ ය.

1261 දී යළි ආක්‍රමණයට එන චන්ද්‍රභානු ගේ 40,000 ක සේනාව අපේ රජතුමාගේ සහ පාණ්ඩ්‍ය රජු එවු සේනාව ද එක්ව උපක්‍රමයෙන් කොටු කර ගත්හ. පොළොන්නරුවේ නැගෙනහිරින් හා බටහිරින් ද වට කළහ. සතුරු සේනාව මැරුම් කෑහ.

ඉක්බිති, පැරකුම් රජුගේ ප්‍රධාන සේනාපති වූ ද බෑණනුවන් වූ ද වීරබාහු ප්‍රධාන සේනාවෝ පර සතුරන් සමූළ ඝාතනය කොට සිය පිරිවර සේනාව සමඟ සිටි 2 වන පරාක්‍රමබාහු රජුට චන්ද්‍රභානු සමඟ මුහුණට මුහුණලා සටනට එළැඹෙන්නට ඉඩ ප්‍රස්ථා සලසා දුන්හ. වහා ඇතකු පිට නැගුණු රජු තමන් අතැති හෙල්ලයෙන් දමා ගසා චන්ද්‍රභානු මරා දමනු ලැබී ය.

පූජාවලිය කියන අයුරින් එතුමාගේ පියාණන් වූ තුන්වන විජයබාහු රජු මිය ගියේ එතුමාගේ 12 වන වියෙහිදීය. තමන්ගේ ඇවෑමෙන් රජකමට සුදුස්සා වනුයේ තම පුත්‍රයන් තිදෙනාගෙන් 2 වන පැරකුම් පුතුට යැයි කල් තියා කියා සිටි විජයබාහු රජු තම පුතු උකුළට ගෙන නළලත අදරින් සිපගත් බව ද රෝගාතුර තත්ත්වයට පත්වෙමින් සිටිය දී තම සිංහාසනය පුතුට පවරා විශ්‍රාමික සුවයේ සිටි බව ද පැවසේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා