»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
දොස් - නිදොස් විශ්ලේෂණය
 

දොස් - නිදොස් විශ්ලේෂණය

 

 

ඩී. එෆ්. කාරියකරවන

ජේසුස් වහන්සේ

“කිතුනු ඔබ ආධ්‍යාත්මිකව ජේසුස් වහන්සේ දැක තිබේ ද?” මේ වූ කලී පසු ගියදා පුවත් පතක වැකි පිටුවේ පොල් අකුරෙන් පළ වී තිබුණු ලිපි සිරසෙකි.

ක්‍රිස්තියානි ධර්මය ලොවට හඳුන්වා දුන් ආගම් කර්තෘවරයා ගේ නම ජේසු ක්‍රිස්තුතුªමාය. මේ දෙකෙන් ප්‍රධාන වන්නේ ක්‍රිස්තු යන්න ය.

අනුගාමිකයන්ට ක්‍රිස්තියානි යන නම ලැබුණේ ක්‍රිස්තු යන්නෙනි. මුල් නම ජේසු ක්‍රිස්තුය. එය ජීසස් ක්‍රයිස්ට් කරන ලද්දේ ඉංගිරිසින් විසිනි. ජීසස් යන්නෙහි තුන්වැනි අකුර අතේ රෝලකි. ජේසුස් යැයි වැඩිපුර ‘ස්’ යන්නක් දමා ගෙන ඇත්තේ ඉංගිරිසින් අනුව යන සිංහලයන් ය.

ජේසු ක්‍රිස්තු තුමාට ගෞරව වශයෙන් වහන්සේ යන්න යොදන විට එය වැටෙන්නේ ක්‍රිස්තු යන්නට ය. එහෙත් ක්‍රිස්තු වහන්සේ ය කිය නොහැකි ය. ඕනෑ ම කෙනකුට වහන්සේ යෙදෙන්නේ අනුක්ත ප්‍රත්‍යයකින් අවසන් වන පදයකට පසුව ය. නිදසුන් මෙසේ ය.

බුදුන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ගුරුන්වහන්සේ, උතුමාණන්වහන්සේ, සිටාණන්වහන්සේ

සමහරු ක්‍රිස්තුස් වහන්සේ යනුවෙන් වහරති. එසේ කරන්නෝ ජේසුස් ක්‍රිස්තුස් යන වැරැදි වහරට හුරු පුරුදු වූ තැනැත්තෝ ය. ක්‍රිස්තුස් වහන්සේ ය කීම හරියට බුදුස් වහන්සේ ය කියනුවා වගේ යැයි මුනිදාස කුමාරතුංග පඬිතුමා ‘සුබස’ කලාපයක සඳහන් කළා මට මතකය.

හජ්ජි

ඉස්ලාම් භක්තිකයකු මක්කමට වන්දනාවේ ගිය විට ඔහුට ලැබෙන ගරු නාමය හජ්ජි නම් වේ. හජ්ජි උත්සවය ද ඉස්ලාම් භක්තිකයනට ඉතා වැදගත් එකක් වන හෙයින් නොවැම්බර් 17 ට වැටෙන ඒ දවස ශ්‍රී ලංකාවේ ද නිවාඩු දවසක් වී ඇත.

ඇණ පෙවීම

පහත දැක්වෙන්නේ පසුගිය සතියේ පත්‍රයක මුල් පිටුවේ පළ වූ පුවතකි.

“ජෝර්දානයේ ශ්‍රී ලංකා සේවිකාවට වතුර සමඟ යකඩ ඇණ පොවලා”

යමකුට බොන්නට හෝ අනෙකකුට පොවන්නට හැක්කේ ජලය හෝ දියර වර්ගයකි. මෙහි සේවිකාවකට පොවා ඇත්තේ යකඩ ඇණ ය. ජලය හා සමඟ වුව ද යකඩ ඇණ පොවන්නේ කෙසේ ද? යකඩ ඇණ වනාහි ඝන ද්‍රව්‍යයකි. ද්‍රව්‍යයක් පොවන්නට බැරි ය. මෙය කිව යුතුව තිබුණේ යකඩ ඇණ සහිත වතුර පොවා කියා ය.

දුම් ඉරීම

සිගරැට්, සුරුට්ටු ආදිය දල්වා ගෙන දුම් ඉරීම අද මේ රටේ ව්‍යවහාර වන්නේ, දුම්බීම, දුම්පානය, සිගරැට් බීම, සුරුට්ටු බීම, බීඩි බීම, පයිප්ප බීම යන ආදී වශයෙනි. ඉහත කී කිසිම දෙයක් බොන්නට බැරි ය. බොන්නට හැක්කේ දියර වර්ග පමණි.

දුම්බීම යන්න කාලයක් තිස්සේ අප රටේ ව්‍යවහාර කැරෙන වැරැදි යෙදුමකි. මෙය දුම් ඉරීම යනුවෙන් සංශෝධනය විය යුතු ය.

පෙත්තෙන්

“හැදෙන ගහ පැත්තෙන් දෙපැත්තෙන් දැන ගත හැකි ය” යන කියමනක් පුංචි තිරයේ කතාවක් පැවැත් වූවකුගෙන් අසන්නට ලැබිණි.

මෙය නිවැරැදි කියමනක් නොවේ. පැත්තෙන් දෙපැත්තෙන් නොව පෙත්තෙන් දෙපෙත්තෙන් විය යුතු ය.

බොහෝ ඇට වර්ග පැළවෙන විට පොළොවෙන් මතු වන්නේ පෙති දෙකක් හැටියට ය. එය හොඳට හැදෙන ගහක් වේවිද නැද්ද යන්න ඒ පෙති දෙකෙන් කිය හැකි ය.

“මත් හා වත්”

හම්බන්තොට අලුත් වරාය විවෘත කිරීමේ උත්සවයේදී ආශ්චර්යමත් ආසියාවේ ආශ්චර්ය” යන්න පුංචි තිරයෙහි දකින්නට ලැබුණේ රන්වන් පාට අලි අකුරෙනි.

එය ලියූ තැනැත්තාට ‘මත්’ හා ‘වත්’ ප්‍රත්‍යයන් යොදන අන්දම ගැන දැනුමක් නැති සේ ය. ‘අ’ කාරයෙන් අවසන් වන ‘ආශ්චර්ය’ යන්නට මත් ප්‍රත්‍යය යෙදිය හැකි නොවේ. ආශ්චර්ය මෙන් ම ‘ධන’ ‘ගුණ’ යන ආදි ආකාරයෙන් අවසන් වන පදවලට යෙදෙන්නේ ‘වත්’ ප්‍රත්‍යයයි. (ධනවත්, ගුණවත්)

“මත්” ප්‍රත්‍යය යෙදෙන්නේ ඉ, උ, ශබ්දවලින් අවසන් වන පදවලට ය. ‘සිරිමත්’ ‘ඉසුරුමත්’ නිදසුනි.

අඩු කළා

කළා යන්න ක්‍රියා වාචී වන හෙයින් එහි දෙවැනි අකුර මුර්ධජ විය යුතු බව අප මීට ඉහත දී පෙන්වා දුන් නමුත් පුංචි තිරයෙහි දවස ගාණේ දකින්නට ලැබෙන්නේ ‘රන් මිල අඩු කලා’ යනුවෙනි. මේවා දකින නවකයන් අන්දමන් ද වන්නේ නැද්ද?

පුංචි තිර කාරයනට මේවා පුංචි දේවිය හැකි ය. එහෙත් උගන්නා නවකයන් ගේ පැත්තෙන් බලන කල මේවා පුංචි නැත. සිසු සිසුවියන්ට දැනුම දීමට බැඳී ඉන්නා අධ්‍යාපනයේ ඇත්තන් හෝ මේවා සොයා බැලිය යුතු නොවේ ද?

අඩු කලා, සියළු, අළුත්, මීලඟ, ඉහල, පහල, අසළ, මළ මුත්‍ර, මිළ, පළඳිනා, පිළිවෙල යන ආදි වශයෙන් නිතර නිතර පුංචි තිරයෙහි ප්‍රදර්ශනය වීම වළකන වැඩපිළිවෙළක් වහාම ඇති නොකළහොත් ආධුනිකයන් දැනුම්වත් කිරීම පහසු වන්නේ නැත.

ශිල්පීහූ

“ශාන්ති කර්ම ශිල්පිනි නූගතුන් නොවෙයි.” මේ වූ කලි මහාචාර්ය වරයකුගේ ලිපියක සිරස්තලයයි. මේ වැකිය නිවැරැදි විය යුත්තේ මෙසේ ය. “ශාන්ති කර්ම ශිල්පීහු නූගත්තු නොවෙති. “නූගතුන් නොවෙයි” යන්න ලොකු වරදෙකි.

පැලදීම

“රිදී පදක්කම පැළඳ ප්‍රසන්න එයි.” මෙය ගිය සතියේ පත්‍රයක ක්‍රීඩා පිටුවේ පළ වූ සිරසකි.

පැළඳ යන වචනය වැරැදි ය. මෙය බොහෝ දෙනකු විසින් කරනු ලබන වරදකි. නිවැරැදි වන්නේ පැලඳ යන වචනයයි.

නෝනා

සිය බිරිඳ නෝනා යනුවෙන් ඇමතීමටත් හැඳින්වීමටත් පුරුදු වූ මිනිස්සු අප රටේ තවමත් වෙති. මොවුන්ට වඩා ගැරහිය යුත්තේ තම බිරිඳ ‘වයිෆ්’ ‘WIFE’ යනුවෙන් හඳුන්වන උදවියයි.

වැදගත් මිනිසුන් සිය බිරිඳ හඳුන්වන වචන මෙසේයි. භාර්යාව, බිරිය අඹුව, සහකාරිය, ගෙදර එක්කෙනා, ළමයින් ගේ අම්මා.

දූ දරුවෝ

සිය දූ දරුවන් ගැන සඳහන් කරන ඇතැමකු කියන්නේ දුවා දරුවන් කියා ය. දූ වරුනට හෝ දියණියට දුවා කීම සුදුසු නැත.

මේ උදවිය දියණිය අමතන්නේ ද ‘දුවා’ යනුවෙනි. මෙය නුසුදුසු යෙදුමකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා