»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
තිලකය
 

තිලකය

 

 

විසි වසක ශේෂ පත්‍රය

මොනිකා රුවන් පතිරණ

ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
මංගල රියෙහි නංවා පෙරහරක නළවා
දිනයෙක ඇතුල් කළ මඟුල් සේයා රුවෙන් මේ
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි

සම් මස් නහර ඇඟිලි රන් මුදුවල ම සිර වී
කල් ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන් දම් යදම් වී කෙමෙන් ගෙල සිර වූ සන්දා
සඟවා තබා ඇත තවම කිට්ටම් නිවාසේ

මල් කුමරුවන් කුමරියන් පිරිවරට ආවත්
උන් හා නැටුම් කෙළි කවට ලුහුඬින් ම නිම වී
තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක් සැප කුමන්දා බසක් ඇසුවෝ නො වෙත්මැයි

ලඹ දුන් සුවඳ නන් කුසුම් උඩු වියන් සෙවණින්
බැස පෝරුවෙන් පා තබා පුන් කලස් අතරින්
එ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලී ගිය දුර නිමක් නැත්

අසමින් අපේ ගුණ වරුණ නෑ සිය මුවින් ගැයූ
සපැමිණ ලැගුම් ගත් එදා වීදුරු නිවාසේ
සුරකින වෙර දැරුයෙන් මතු මතුත් දිවි හිමියෙන්
අවසර නොවීමය උනුන් හඳුනන්ට කිසිදා

ගිවිසුම් සදමින් සොඳ පවුරු වීදුරු නොබින්දා
විසි වස් ගෙවුණත් ජය මඟුල් ආසිරි බලයෙන්
මතු දෙදරුම් වළකා මඟුල් හස රැලි රකිත්වා
කල් යල් පැමිණි වග නෑසියනේ සිතත්වා

මොනිකා රුවන් පතිරණ


මේ කවිය.....

උත්සවශ්‍රීයෙන් ඥාති සමූහයා මැද විවාහප්‍රාප්ත යුවලකගේ විවාහ ජීවිතයහි සැඟ ව ඇති යථාර්ථය විසි වසරකට පසු එදා සිටි ඥාති, මිත්‍ර සමූහයා ඉදිරියේ කරන ප්‍රකාශයක් ලෙස මේ නිර්මාණය ඉදිරිපත් වේ. කිවිඳිය මේ සඳහා යොදාගන්නා විරිත ද, අතීතයේ දී ගායනා කළ මඟුල් සිලෝවල ගායනා රීතියට නෑකම් කීම, උත්ප්‍රාසයක් ලෙසින් නිර්මාණයෙන් මතු ව පෙනේ.

මංගල දිනයෙහි මනාලියන් ඇඳුම් පැලඳුම්, ඡායාරූප, ආසිරි ගීය, අනුශාසනා, මනාලියගේ මල් කුමර කුමරියන්, ‘පෝරුව, උඩුවියන්, පාවඩ ඈ සියල්ල වර්තමාන ජීවිතයේ ස්වරූපය සමඟ ඡේදනය කරමින් හා සසඳමින් එදා සහ අද අතර පරාසය පිළිබඳ ව නැවත සිතීමට අප පොළඹවයි. මේ යථාර්ථය ප්‍රකාශ කිරීමට කිවිඳිය යොදා ගන්නා උපක්‍රම ඉතා කාව්‍යෝචිත ය.

“ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි..”

ලෙසින් අරඹන නිර්මාණයෙන් ද්වනිත වන්නේ උපහාරය, ශක්තිය, වේදනාව වැනි භාවයන් සමුදායකි. ඇය නිවාස කුලියට ගනිමින් දීර්ඝ ජීවිත චාරිකාවක් කළ බව ප්‍රකාශ කරන්නේ උචිත උපමා, ද්වනිය මතු කරන නව අරුත් සමූහයක් නිර්මාණය තුල පිහිටුවමිනි.

“ඒ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලි ගිය දුර නිමක් නැත්...

මේ නිර්මාණය ඉදිරිපත් කරන ශෛලිය, ආකෘතිය, විරිත, බස පමණක් නොව නිර්මාණයට දී ඇති මාතෘකාව පවා නිර්මාණය තුළින් ප්‍රකට කරවන අත්දැකීමට මනා අපූර්වත්වයක් එක් කර ඇත. ‘ශේෂ පත්‍රය’ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ භෞතික, අප්‍රාණික ප්‍රතිඵලයක් විනා ජීවමානවූත්, සජීවී වූත් මනරම් ජීවිත සංකලනයක් නොවන බව රසිකයාට අවසානයේ ප්‍රත්‍යක්ෂ වේ.

ජයන්තා රුක්මණී සිරිවර්ධන


ගැහැනියකගේ ජීවිතයේ ලස්සනම දිනය ඇය මනාලියක වනදා ය. ඥාති මිත්‍රාදින්ගෙන් ලැබෙන සුබ පැතුම් අවවාද නිමක් නැත. සුදු සේල අන්දා මල් ගවසා, වේල්පට පලදා ඇය පෝරු මස්තකයේ හිද ඔහුගේ මනාලිය වූවාය. මංගල රථයේ නැග රථ පෙරහරින් ගොස් සිහින් සිනා විදහා මංගල සේයාරුවකට පෙනී සිටියාය. මංගල උත්සවය එතෙකින් නිමා විය.

ඉන්පසුව ඇරඹියේ යුග ජීවිතයයි. පවුල නැමති සංස්ථාව රැක ගැනීමට කළ දුෂ්කර ක්‍රියා අපමණය. ඇයට මේ සියල්ල සිහිපත් වන්නේ් මංගල සේයාරුව දැකීමෙනි. වසර විස්සක අතීතය හා වර්තමානය පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳව යම් ඉඟියක් ද ඇය විසිවසක ශේෂ පත්‍රයෙන් කියනු ලබයි. මොනිකා රුවන්පතිරණ නම් වූ කිවිඳිය විසින් රචිත විසිවසක ශේෂ පත්‍රය කවියෙන් ඇය පවසන්නේ ගෙවී ගිය වසර විස්ස තුළ ජීවිතයේ සිදුවූ විවිධ වූ හැල හැප්පීම් සමඟ පවුල් ජීවිතය රැක ගැනීමට සිදුවී වෙහෙස අපමණ බවය. එය සොඳුරු මෙන්ම කටුක අත්විඳීමකි.

සම්මස් නහර ඇඟිලි රන් මුදුවලම සිරවී
කල්ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන්දම් යදම් වී කෙමෙන් ගෙල සිරවූ සන්දා
සඟවා තබා ඇත තවමත් කිට්ටම් නිවාසේ

කුලී ගෙදරින් කුලී ගෙදරට යමින් පවුල් ජීවිතය රැග ගැනීමට කළ අපමණ කැපකිරීම් මෙන්ම ගැටුම් වලකා ගනිමින් විසි වසරක් ගත කළ අයුරුත් ඇය සිහිපත් කරයි. ඒ සියල්ලට මංගල දා ලැබුණ සුබපැතුම් ජයමංගල ගී ආශිර්වාද බලපෑ බවත් ඇය පවසන්නීය.

මෙහිදී කිවිදිය ව්‍යංගයෙන් මෙන්ම ඍජුවම පවසන්නේ විවාහ ජීවිතයේ බාධක ජයගැන්මට අපමණ වෙහෙස වූ බවය. කැපවූ බවය. එමෙන්ම තවමත් එකිනෙකා හඳුනා ගැනීමට දරන උත්සාහයත්, මංගල දිනයේ පෑ සිනහව විසිවසරක් රැක ගැනීමට ගත් උත්සාහයත් ඉදිරියට එය රැක ගැනීමට ගන්නා උත්සාහයත් පිළිබඳව පවසන්නීය. ඒ සිනහව තුළ සැඟව ඇති දුක, කටුකÀවය අපමණය. බොහෝවිට නෑදෑයින් ජීවිතයේ සතුට දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව නොවිමසූ තරම්ය.

”තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක සැප කුමන් දා බසක් ඇසුවෝ නොවෙත්මයි”

නව කවි පරපුරට අයත් මොනිකා රුවන්පතිරණ කිවිඳිය බොහෝවිට සමාජ අසාධාරණ කම්වලට මුහුණ දුන්නවුන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳව නිර්මාණ යොමු කළාය. ඇගේ භාෂාව සරලය. එනමුදු ඒ සරල බව තුළින් ඇය මතු කළ ප්‍රශ්න ප්‍රබලය.

අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්, තහනම් දේශයකින්, අංගුලිමාලගේ සිහින, ඔබෙ යෙහෙළිය – ඇය ගැහැනිය, විසිවසරක ශේෂ පත්‍රය යන කාව්‍ය ග්‍රන්ථ කිහිපය ඈ විසින් රචනා කොට ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා