»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 28දින
* 2010 නොවැම්බර් 21දින
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
 
 
   
අකාලයේ මිලින වූ ප්‍රංශ සාහිත්‍ය පුෂ්පය ගී ද මෝපසාං
 

අකාලයේ මිලින වූ ප්‍රංශ සාහිත්‍ය පුෂ්පය ගී ද මෝපසාං

 

ප්‍රංශ සාහිත්‍යයේ උදා තරුවක් බඳු ගී ද මෝපසාං යනු ඇලෙක්සැන්ඩර් ඩූමා. ගුස්ටාව් ප්ලෝබෙයාර්, ඇල්බෙයා කැමු ආදි රචකයන් මෙන්ම සුවිශේෂ හැකියාවක් ඇති රචකයෙකි.

1850 අගෝස්තු මස 5 දා උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ ඔහු උපත ලද්දේය. මෝපසාංගේ මව උගත් කාන්තාවක වූවාය.

දහතුන් වන විය පිරෙන තෙක් ඔහු අධ්‍යාපනය ලැබූයේ තම මවගේ ගුරුහරුකම් මැදය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා සෙමනේරියට ඇතුළු විය.

සෙමනේරියේ සිටියදී ඔහු නොයෙක් නොහික්මුණු ක්‍රියාකාරකම් වල නියුක්ත විය. ඔහු පාලනය කිරීමට අපහසු වූ තැන සෙමනේරියෙන් පන්නා දමනු ලැබිණි.

1870 දී ඕස්ට්‍රියානු ආක්‍රමණයට එරෙහිව ප්‍රංශ හමුදාවට බැඳී මෝපසාං සේවය කළේය. ඒ වන විට මෝපසාං 20 හැවිරිදි වියේ පසුවිය.

පසුව පැරීසියේ පදිංචි වී ටික කාලයක් නාවික හා අධ්‍යාපන අමාත්‍යංශවල ලිපිකරුවකු ලෙස සේවය කළේය. වැදගත් පවුලක උපත ලැබූ මෝපසාංට මිතුරන් රැසක් ඇතිකර ගැනීමට හැකි විය. මෝපසාංගේ මව නිරතුරුවම රෝග පීඩාදියට ගොදුරු වූ අතර ඇය ඉතා දුක්බර ජීවිතයක් ගත කළා ය.

ඔහු ලිපිකරුවකු ලෙස කටයුතු කළේ සිතේ සතුටකින් නොවේ. රාජ්‍ය සේවය ගැන කළකිරුණු සිත් ඇතිව සිටි මෝපසාං ආරූඪ නමකින් පුවත්පත් සඟරාවලට ලිපි සැපයීය.

තම පුතාගේ දස්කම් දුටු මෝපසාංගේ මව එවකට ප්‍රංශයේ විසූ ප්‍රකට සාහිත්‍යකරුවකු වූ ප්ලෝබෙයාර් ළඟට ගුරුහරුකම් ගැනීම සඳහා මෝපසාංව පිටත් කළ අතර මෝපසාංගේ දක්ෂතාවන් පිළිබඳ පැහැදුණු ප්ලෝබෙයාර් මෝපසාංට සාහිත්‍ය පිළිබඳ මනා පුහුණුවක් ලබා දුන්නේය.

සාහිත්‍ය සාකච්ඡාවන්හිදී ඔහු එතරම් චතුර බවක් නොදැක්වූ බැවින් ප්‍රකට ප්‍රංශ ගත් කතුවරුන් වූ ප්ලෝබෙයාර්, ටර්ගිනි, පෙන්ලා ආදීහු මෝපසාං තුළ දක්ෂතාවක් නුදුටුවෝය.

තිස් හැවිරිදි වියේදී මෝපසාං විසින් ලියන ලද “ඉටිබෝලය” නමැති කෙටිකතාවෙන් ඔහු මහා හැකියාවක් ඇති සාහිත්‍යධරයකු ලෙස සාහිත්‍ය ලෝකයට පිවිසියේය. එහෙත් ඔහු සාහිත්‍යකරණයෙහි යෙදී සිටියේ පුරා දස වසක කාලයකි.

ඒ කෙටි කාලය තුළ මෝපසාං විසින් කෙටිකතා තුන්සිය ගණනක් ද නවකතා හයක් ද නාට්‍ය රචනා හා කාව්‍ය කීපයක් සමඟ ලිපි දෙසීයකට වැඩි ගණනක් ද ලියා පළ කළේය. 1873 දී මෝපසාං විසින් ලියන ලද නිබන්ධනයන් කීපයක් දැක ප්‍රංශ මහා සාහිත්‍යධරයෝ විස්මයට පත්වූහ.

මේ තරුණයා සාහිත්‍ය ලෝකයේ සුවිශිෂ්ටයකු වන බව ඔවුහු සපථ කළහ. මෝපසාං සාහිත්‍ය නිබන්ධනයෙහි ලා නෛසර්ගික ප්‍රතිභාවක් පළ කළ රචකයෙකු ලෙස පසු කලෙක ප්‍රසිද්ධියට පත්විය.

මෝපසාං ලියූ (“ඕධභතඥ ඤඥ ඉභඪට”) “පිටි මුට්ටය” ලෝක සාහිත්‍යයේ සුවිශිෂ්ට කෘතියක් ලෙස සලකනු ලැබේ. ප්‍රංශයේ එදා තිබු දේශපාලන ප්‍රවාහයන් තුළ ක්‍රියාකාරී වූ සියලුම සමාජ බලවේග එක අශ්ව කරත්තයක් තුළට ගොනු කරමින් එම ප්‍රපංචයන්ගේ ස්වභාවය තියුණු ලෙස විශ්ලේෂණය කිරීමට මෝපසාං පෙළඹුණු අතර ඔහුගේ උත්සාහය අතිශය සාර්ථක එකක් බවට පත්විය.

ඉහළ සමාජය තුළ ඇති කුහකත්වය, පුහු දේශානුරාගය කාන්තා පීඩනය මෙම කතාවෙන් මෝපසාං කදිමට ගොනු කර දක්වයි. මෝපසාං සොයා ප්‍රසිද්ධියත් කීර්තියත් පැමිණි අතර ඔහුට තම පොතපතින් විශාල ආදායමක් ලැබිණි.

ඔහු ශූර කෙටිකතාකරුවකු ලෙස යුරෝපයේ පමණක් නොව ලෝකයේ ම අවධානයට පාත්‍ර විය. පොතපත පළ කිරීමෙන් ලැබුණු ආදායමෙන් මෝපසාං විනෝදකාමී ජීවිතයක් ගත කළේය. දකින දකින කාන්තාවන් හා ඇසුරේ පසු වෙමින් ඔහු කාමසුඛල්ලිකානු ජීවිතයක් ගත කළේය.

මානසික රෝගීන් කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වූ ඔහු ඔවුන්ගේ ඇතුළු හදවත විශ්ලේෂණය කිරීමට වෑයම් කළේය. මානසික රෝගීන්ගේ ප්‍රවෘත්තීන් අළලා ඔහු කෙටිකතා කීපයක්ම රචනා කළේය.

ඒවා ජගත් සාහිත්‍යයේ මිණිකැටපෙළක් වැන්න. මෝපසාංගේ චරිතය විවිධ පැතිකඩ ඔස්සේ දිවෙයි. ඔහු රජයේ රැකියා කරමින් ද, යුද භටයකු ලෙස සේවය කරමින් ද උසස් ප්‍රංශ සමාජය ඇසුරු කරමින් ද විශාල අත්දැකීම් සම්භාරයක් ලැබූවෙකි.

මෝපසාංගේ මව උමතු රෝගයකින් පෙළුණාය. පසු කාලයකදී උමතු රෝගියකු ලෙස මිය යන්නට මෝපසාංට සිදුවූයේ මේ හේතුව නිසාවෙනි. මෝපසාං ඉහළ පැළැන්තියේ ස්ත්‍රීන් හා සමාගමෙහි යෙදුණු නිසා ඔහුට භයානක සමාජ රෝග ද වැළඳිණි. එම නිසා ඔහුගේ නෙත්වල පෙනීම දුර්වල වන්නට විය. මෝපසාං නිතරම හිස රුජාවෙන් ද පෙළුණේය.

ඉතා දැකුම්කළු ප්‍රාංශු දේහධාරී සිරුරකට හිමිකම් කියූ මෝපසාං ටික කලකින් කෘෂ පුද්ගලයකු බවට පත්විය. ඔහුගේ සිත අවුල් වූ අතර අංශභාග රෝගයෙන් ඔත්පල විය. අවසානයේදී මානසික රෝහලකට ඇතුළු කරනු ලැබූ මෝපසාං දහඅට මසකට පසු වේදනා විඳ මිය ගියේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 42 කි.

ඉතා කෙටි කලක් තුළ සුවිශිෂ්ට කෙටිකතා 300 කට වැඩි ප්‍රමාණයක් ලියා පළ කළ මෝපසාං ජගත් කෙටිකතාකරුවන් අතර අග්‍රස්ථානයක වැජඹෙයි. ප්‍රංශය මහා මාවතකට යොමු කළ එදා ශ්‍රේෂ්ඨ ඔෂ්ටර්ලිෂ් සංග්‍රාමය දික්විජය කළ නැපෝලියන් බොනපාට් ද ප්‍රංශයේ නව ගමන් මගේ නියමුවන් වූ ඩාල්ස් ඩිගෝල් සෙනෙවියාත් ප්‍රංශුවා මිතරෝන් නායකයාත් හැදූ සුන්දර දේශයේ සුන්දරත්වයත් කටුකත්වයත් මෝපසාංගේ කෙටිකතා තුළින් අපට උකහා ගත හැකිය.

ප්‍රංශයේ ආර්ථික සමාජීය හා දේශපාලන ව්‍යුහය තම කතා මඟින් එකළු කළ ලේඛකයන් අතර මෝපසාංට වෙසෙස් තැනක් හිමි වේ. ඔහු සමාජයේ දුබල තැන්වලට නිර්දය ලෙස පහර දුන්නේය. විවේචනය කළේය. ඔහු සැබැවින්ම අදීන සාහිත්‍යකරුවෙකි.

ප්‍රංශයේ ජරාජීර්ණ සමාජ ව්‍යුහයත් මිනිස් සන්තානයෙහි ඇති ගූඪ මෙන්ම ජුගුප්සාජනක හැඟීම් සමුදායත් ඔහු තම කතා මඟින් විශද කරයි. ඔහු විටෙක සමාජ විශ්ලේෂකයකු වැන්න. තවත් විටෙක ජීවිත සුන්දරත්වය දුටු දාර්ශනිකයකු වැන්න.

තවත් විටෙක නිර්දය ලෙස පහර දෙන විචාරකයකු වැන්න. ඔහු වේගවත් ජීවිතයකට හුරු වූවෙකි. පි‍්‍රය සම්භාෂණ සැනකෙළි, මිතුරු සමාගම හා කාන්තාව ඔහුගේ ජීවන පථයේ නිරතුරුවම රැව් පිළිරැව් දුන් ප්‍රස්තුතයන් විය.

මෝපසාං ලියූ කතා අතර Compensation (වන්දි ගෙවීම) The Piece of string (නූල් කෑල්ල) Beauty (රූ සපුව) The Greatest Mistake (මහා මෝඩකම) Love and Moonlight  (ආදරය සහ හඳපාන) A happy Family (පී‍්‍රතිමත් පවුලක්) Bell Flower (මල් අම්මා) Saved (ගැලවීම) The Cocoa Seller (කොකෝ වෙළෙන්දා) In the Wood  (කැලෑවේදී) Good and Bad (හොඳ සහ නරක) ආදී කෙටිකතා සුවිශිෂ්ටත්වයට පත්ව ඇත.

ඔහු ඉතා කුඩා වස්තු බීජයක් උපයෝගී කොට ගෙන මහා කතාවක් ගොඩනගයි. අවිනිශ්චිත ජීවිතය තුළ දී මෙන් ඔහුගේ කතාවල ද අවිනිශ්චිත සිද්ධිදාමයන් දක්නට ලැබෙයි. තමාට වැළඳුණු මානසික රෝගය පියවරෙන් පියවර වර්ධනය වූ හැටි පවසන මෝපසාංගේ භූ®®තවේශය කෙටිකතාව ලෝක සාහිත්‍යයේ මාහැඟි නිර්මාණයකි.

මෙතරම් විස්මිත දස්කමක් සිදුකළ හැක්කේ ඉතා ටික දෙනකුට පමණකි. නෛසර්ගික ප්‍රතිභාවක් උපතින් ගෙනා මෝපසාං දීර්ඝායුෂ ලැබුවේ නම් ඔහුගේ සුරතින් සුවිශිෂ්ට සාහිත්‍ය කෘති රැසක් ජගත් සාහිත්‍යයට තිළිණ වනු නොඅනුමානය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා