අහුපෑවත

මුවිනි මිමුණු වන්නම
‘මගේ අතින් ගීතය ලියැවුණේ මහා පුදුම විදිහට.” මානවසිංහ කවියා මට කීවේ මුවග ළෙල දුන්
සුහද හිනාවෙන් යුතුව ය.
”ඒ හැම දෙනෙක් ම මට මතක් වෙනවා.” ඔහු කීය.
මට ද ඒ කාලය සිහිපත් කරගත හැකි ය. මා ලංකාදීප කාර්යාලයට ගියේ ම විසින් ලියන ලද
එක්තරා ලිපියක් කතුවරයාට බාර දීමට ය. එහිදී මට මානවසිංහ කවියා මුණ ගැසීම මගේ
වාසනාවක් විය.
ඉඳහිට හෝ දවසක මගේ ගුරුවරයකු වූ මහාචාර්ය රත්නකාර මහතාගේ නිවසට ආගිය සුහදයෙකි
මානවසිංහ කවියා. එබැවින් අප අතර දැනුම් හැඳුනුම්කමක් ගොඩ නැඟෙන්නට විය.
”මම දවසක් අපේ කාර්යාලයට ගියේ තරමක් අසනීප ගතියකින්. මට දැනුණා, පුටුවක ඉඳගෙන යමක්
ලියන්ටත් තරමක් අපහසු බව.
ඒ නිසා මම කෙරුවේ මොකක්ද? අපේ ටයිම්ස් ගොඩනැඟිල්ලේ හයවැනි තට්ටුවේ (මට මතක විදිහට)
දකුණු පැත්තේ විවර කර ඇති ජනේලයෙන් ඔබ්බේ පිහිටි සැඳැල්ලට ගමන් කළා. මට එතැන බොහෝ ම
පි‍්‍රය මනාප යි.
වැඩක් නැති වෙලාවට මම පුරුද්දකට වාගේ කරන්නේ ඔතැනට ගිහිල්ලා එලිමහන දෙස බලාගෙන
ඉන්නවා. එළිමහන බලන කෙනෙකුට එක්තරා බෝ ගහක් පේනවා. හරි ම අපූරු බෝ ගහ. ඉඳහිට දවසක
ඈත බංගසාල වීදිය පැත්තෙන් හුළඟක් හමාගෙන එනවා.
ඒ හුළඟට බෝ ගහේ කොළ සෙළවෙන හැටි මට පේනවා. මේ කියන දවසේ මා අසළ ට කිසි කෙනෙකු ඇවිත්
හිටියේ නැහැ. මම මොන තරම් වේලාවක් සැඳැල්ලේ ඉඳගෙන බෝපත් සෙලවෙන හැටි බලා හිටියද
කියන එකත් මට මතක නැහැ.
කිසිකෙනෙකු මාව නොසොයන බවත් මට හොඳට ම විශ්වාසයි. ඒ නිසා හිතටත් දැනුණේ තදබල
නිස්කලංකයක්. නිස්කලංකය වගේ දෙයක් ලෝකෙ තියෙනවාද? දැඩි නිස්කලංකයට තමයි පැරණි
පඬිවරු කිව්වේ. විවේක බුද්ධිය මහා පුදුමාකාර දෙයක්. බුදු හාමුදුරුවෝ විවේක රසය
කිව්වෙත් ඒකටම වෙන්න ඕන.
ඉතින් අපි කතා කර කර හිටපු කාරණයට බහිමු.
බෝ ගහේ කොළ සර සර ගාලා හෙළවෙනකොට මට මතක් වුණේ් ශ්‍රී මහා බෝධින් වහන්සේ පාමුල
වැතිරගෙන මම කල් ගෙවූ හැටි.
හිතත් නිස්කලංකයි. ගතත් නිස්කලංකයි. මගේ හිත ඈතින් ඈතට ගමන් කළා. මම ඉන්දියාවේ ගත
කළ කාලයත් මගේ මතකයට ආවා.
ඉන්දියාවේ මහා පූජනීය සිද්ධස්ථානවලට යාමෙන් මා ලැබුවේ පුදුමාකාර සතුටක්. මම
ඉන්දියාවේ වාසය කළ පුරාණ ඉසිවරුන් ගැන බොහෝ කතා පුවත් අහල තිබුණා. මට ඒවාත් මතක්
වුණා. මට මතක් වුණා නේරංජන නදිය. එහි ජලධාරාව කෙමෙන් ගලා යන අයුරු මට සිහිපත් වුණා.
අනේ දෙයියනේ මට මේ ගමන යළිත් වතාවක් හිතින් ගමන් කරන්නට පුළුවන්.
මට විවිධාකාර කවි සිංදු ශ්ලෝක ගාථා ගලාගෙන ආවා. මම ඒවා මුමුණන්නට පටන් ගත්තා.
මගේ මුවින් නොදැනුවත්වම යමක් කියැවුණා.
”වැලිතල අතරේ
හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස
වැඩ සිට බුදු වුණ දා...
මහා පුදුමයක්. කීප වතාවක් ම ඒ පද වයිවාරන්න විදිහට මිමිණෙන්නට පටන් ගත්තා. අන්තිමට
මගේ මුවින් නිමැවුණේ වන්නමක්. මුළු වන්නම ම ලියැවෙන්නට කලිනි.
‘මහ බෝ වන්නම’ යනුවෙන් මම කරදාසියක ලියුවා. වැඩි වේලාවක් ගියේ නෑ. මම වටපිට බැලුවා.
කාටත් දැනෙන්නට ඇති මම භාවනානුයෝගි ව සිටින බවක්. ඔව් සත්තකින් ම ඒ මොහොත මා නොසිතු
තරම් නිර්මාණාත්මක භාවනාවක්. මුළු වන්නම ම ලියැවුණා.
මගේ ශරීරය වෙළාගෙන තිබුණු ගිලන් බව, රෝගී භාවය මුළුමනින් ම තුරන් වී ඇති බවක් මට
දැනුණා.”
මගේ අතින් ලියැවුණේ - ලියුවා නොවේ ලියැවුණා - පී‍්‍රති වාක්‍යයක්. ඒ පී‍්‍රති
වාක්‍යය තමයි :
මහ බෝ වන්නම
|