AAT Sri Lanka සාමාජික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය
AAT
Sri Lanka සාමාජික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ දින දර්ශනයේ ඉතාම වැදගත් හා විචිත්‍රවත්
අංගයක් වන වාර්ෂික උපාධි ප්‍රදානෝතසවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේදී පසුගියදා පැවැත්විණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ උප
සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගි විය.
ශ්‍රේණි තුනකින් AAT ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයෝ 394 දෙනෙක් ද, ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ
27 දෙනෙක් ද සහ අධි සාමාජිකයන් ලෙස 16 දෙනෙක් ද එදින AAT ශ්‍රී ලංකා සාමාජිකත්ව
ලැබූහ. මීට අමතරව 2015 ජනවාරි හා ජූලි විභාගවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍යන් සඳහා
ත්‍යාග 46 පිරිනැමීම ද සිදු විය.
|