බෙරෙන්ඩිනා, අනුරාධපුර හා මඩකළපු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල්වල
දක්ෂ සිසුන් 175 කට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනමයි
බෙරෙන්ඩිනා, අනුරාධපුර හා මඩකළපු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ
සිසුන් 175 කට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනමයි

ප්‍රකට ක්ෂුද්‍ර මූල්‍ය හා සමාජ සේවා ආයතනයක් වන බෙරෙන්ඩිනා විසින් අනුරාධපුරය හා
මඩකලපුව දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල්වල සාමාන්‍ය පෙළ සමත් සිසු සිසුවියන්
175 කට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පසුගියදා පිරිනැමුණි. ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී
පවුල්වල දරුවන්ට ඵලදායී වෘත්තීය මාර්ගයකට පිවිසීමේ මාර්ගෝපදේශකත්වය සැපයෙන වැඩසටහනේ
පළමු පියවර ලෙසින් අපොස උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්ව
පිරිනැමෙන අතර, සරසවි වරම් ලැබීමට ප්‍රමාණවත් ලකුණු නොලබන හා රැකියාවක යෙදීමට
කැමැත්තක් දක්වන්නන්ට බෙරෙන්ඩිනා ආයතනයේ ලියාපදිංචි ආයතන 300 ක රැකියා පිවිසුමකට
යොමු කෙරේ. එයට අමතරව ගිණුම්කරණ, තොරතුරු තාක්ෂණික, ණය කළමනාකරණ හා හෙද ආදී අනුමත
වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනික පාඨමාලා 30 ක පාඨමාලා ගාස්තු සඳහා ශිෂ්‍යත්ව
පිරිනැමීම ද බෙරෙන්ඩිනා ආයතනය මඟින් සිදු කෙරේ.
වසර 2015 සඳහා බෙරෙන්ඩිනා ආයතනය විසින් ක්‍රියාත්මක කළ “දීප්තිමත් සිසු ශිෂ්‍යත්ව
වැඩසටහන (Bright Student Scholarship Programme)”
යටතේ පිරිනමන අධ්‍යාපනික
ශිෂ්‍යත්ව 700 වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 57 ක් පිරි නැමූ අනුරාධපුරය දිස්ත්‍රික්
උත්සවය රජරට විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු හා පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති වූ මහාචාර්ය මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්
අනුරාධපුරය ඉර්‍ණඉ ළමා ගම්මාන ශ්‍රවණාගාරයේ පැවැති අතර ශිෂ්‍යත්ව 118 ක් පිරි නැමූ
මඩකලපුව දිස්ත්‍රික් උත්සවය මඩකලපුව අතිරේක දිස්ත්‍රික් ලේකම්, රෙන්ගනාදන් මහතාගේ
ප්‍රධානත්වයෙන් මඩකලපුව මහජන විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මඩකලපුව දිස්ත්‍රික් ශිෂ්‍යත්ව ප්‍රදානයේ ආරාධිත දේශනය පැවැත්වූයේ එම ප්‍රදේශයේ
ප්‍රකට අධ්‍යාපනවේදීයෙකු වන රජීවන් පියතුමා විසිනි, අනුරාධපුර දිස්ත්‍රික්
ශිෂ්‍යත්ව ප්‍රදානයට බෙරෙන්ඩිනා සමූහයේ සභාපති දුලාන් ද සිල්වා, අනුරාධපුරය නගර සභා
කොමසාරිස් සම්පත් ධර්මදාස හා ඉර්‍ණඉ ළමා ගම්මානයේ වැඩබලන අධ්‍යක්ෂ, අතුල කමල්සිරි
යන මහත්වරු සහභාගී වූහ.
අනුරාධපුරය දිස්ත්‍රික් ශිෂ්‍යත්ව ප්‍රදානයේදී බෙරෙන්ඩිනා සමූහයේ සභාපති. දුලාන් ද
සිල්වා මහතා විසින් තම ආයතනයේ අනාගත සැලසුම් පැහැදිලි කරමින් පැවසුවේ මෙම වැඩසටහන
යටතේ අවම වශයෙන් දරුවන් 5000 කට පැහැදිලි හා ඵලදායී අනාගතයක් සහතික කෙරෙන බවයි.
බෙරෙන්ඩිනා ක්ෂුද්‍ර මූල්‍ය හා සමාජ සේවා ආයතනයේ “දීප්තිමත් සිසු ශිෂ්‍යත්ව
වැඩසටහන” යටතේ 2015 වසරේදී දිස්ත්‍රික්ක 9 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24 ක අපොස
(සා/පෙ) සමත් සිසු සිසුවියන් 700 ක් හා පහ වසර ශිෂ්‍යත්ව සමතුන් 300 කට ඔවුන්ගේ
අධ්‍යාපනික කටයුතු සාර්ථකත්වය වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
|