එම්බාර්ක් නත්තල් නිෂ්පාදන මාලාව එළිදකී
එම්බාර්ක් නත්තල් නිෂ්පාදන මාලාව
එළිදකී

එම්බාර්ක් නත්තල් සමයේදී පාරිභෝගිකයින් වෙනුවෙන් සාප්පු සවාරි
අත්දැකීමක් ලබාදීමට කැපවී සිටින අතර තමන්ගේ සත්කාරක සේවාවන්හි කරුණාව සහ
කැපවීමට නව පණක් එකතු කරමින් සිය නිෂ්පාදන මාලාව අලුත් කිරීමට කටයුතු කර
තිබේ.
මේ සංකල්පයට දෘෂ්‍ය නියෝජනයක් ලබා දීමට එම්බාර්ක් කණ්ඩායමේ සාමාජිකයන් සහ
සමාජයේ වෙනසක් කිරීමට කැපවී සිටින කරුණාවන්ත පුද්ගලයන් මෙවර ඉදිරිපත් වී
ඇති අතර සන්නාමයේ නත්තල් නිෂ්පාදන මාලාව ජාත්‍යන්තර විලාසිතා රිද්මය සමග මනාව
ගැළපේ.
2015 නත්තල වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන සතුට විනෝදය සපිරි වැකි සහිත ටී-ෂර්ට්
පෙළ සහ නත්තලේ නවතම විලාසිතා මාලාව සහ ආයිත්තම් පෙළ එළිදක්වමින් හදවත
උණුසුම් කරන “Love the Fashion, Feel the Passion” තේමාව සමග එක්වීමට එම්බාර්ක්
ගනුදෙනු කරුවන්ට ආරාධනා කරන බව සමාගම පවසයි. එහි මූලික වර්ණ සංයෝජනය වන උසස්
රතු සහ සුදුවන් වර්ණයෙන් විචිත්‍රවත් වූ නව ඇඟලුම් මාලාව සුනඛ සුරතලුන් හා
සබැඳි විලාසිතා තේමාවන්ගෙන්ද සමන්විතය. මෙම නිෂ්පාදන මාලාවට නත්තල්
සැරසිලි, ත්‍යාග පාර්සල් කිරීමේ කඩදාසි සහ නත්තල් සුභ පැතුම් පත් මෙන්ම නත්තල
වෙනුවෙන් ත්‍යාග ලබාදීමට අවශ්‍ය ත්‍යාග වවුචරද ඇතුළත් වේ.
මීට අමතරව, මෙම නත්තල් විලාසිතා පෙළට සමගාමීව සෑමදෙනාම බලාපොරොත්තුවෙන්
සිටි 2016 එම්බාර්ක් දින දර්ශනය එළිදක්වා තිබෙන්නේ ළබැඳි පාරිභෝගිකයින් වසර
පුරාම තමන් ආදරය කරන “Fashion and Passion” තේමාව සමග ඒකාබද්ධ වන ලෙසිනි.
|