කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
AAT Sri Lanka සාමාජික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

AAT Sri Lanka සාමාජික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ දින දර්ශනයේ ඉතාම වැදගත් හා විචිත්‍රවත් අංගයක් වන වාර්ෂික උපාධි ප්‍රදානෝතසවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ උප සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ගෞරවනීය අමුත්තා ලෙස සහභාගි විය.

ශ්‍රේණි තුනකින්  AAT  ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයෝ 394 දෙනෙක් ද, ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 27 දෙනෙක් ද සහ අධි සාමාජිකයන් ලෙස 16 දෙනෙක් ද එදින AAT ශ්‍රී ලංකා සාමාජිකත්ව ලැබූහ. මීට අමතරව 2015 ජනවාරි හා ජූලි විභාගවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍යන් සඳහා ත්‍යාග 46 පිරිනැමීම ද සිදු විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]