හෙට ලොව දිනන සිතුවිලි සිත්තම් කරන විසිපස් වසක මෙහෙවර
හෙට ලොව දිනන සිතුවිලි සිත්තම් කරන
විසිපස් වසක මෙහෙවර

1990 වසරේ ඇරඹී, ඉදිරියට රැගෙන පැමිණි, ඩී.එස්.අයි. සමාගමේ දැවැන්ත සමාජ සත්කාරය
හෙවත් ‘සිතිවිලි ශ්‍රී ලංකා’ සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ 25 වැනි සංවත්සරය
ඉකුත්දා පවත්වනු ලැබීය.
ඉගෙනුම ලබන ශ්‍රේණි වශයෙන් කාණ්ඩ 5 කින් පැවැත්වෙන ‘සිතිවිලි ශී‍්‍ර ලංකා’ චිත්‍ර
තරගය මෙවරද අපුරු තේමාවන් හරහා ළමා, නව යොවුන් සිත්, සිත්තම් බවට පත්කරන ලදී. ඒ
ඔස්සේ 2 සහ 3 ශ්‍රේණි කාණ්ඩය සඳහා ‘ඔබේ පරිසරය’ යන තේමාව ඔස්සේ, දිනෙන් දින කොටුවන
දරුවන්ට නිදහසේ අවට දැකීමට සලස්වන ලදී. ‘වැඩිහිටියන්ට ගරුකරමු’ යන තේමාව ඔස්සේ 4 සහ
5 ශ්‍රේණිවල දරුවන්ට ඔවුන්ටද නොදැනෙන සේ වටිනා අරමුණක ඒකාග්‍ර කිරීමට හැකිවන ලදී.
මීළඟ කාණ්ඩය වන 6,7 සහ 8 ශ්‍රේණි දරුවන්ව ‘අපට අපේ පරිසරය රැකගැනීමට ඉඩදෙන්න’ යන
තේමාව ඔස්සේ පරිසරයක සුරැකීම සඳහා රේඛාවෙන්, සාමයෙන් සන්නද්ධ වූ පරිසර හමුදාවක් බවට
පත්කරන ලදී. තවත් කාණ්ඩයක් බවට පත්වන 9, 10 සහ 11 ශ්‍රේණි දරුවන්ට ‘යහපත් හැසිරීම්
හුරුවීම තුළින් හොඳ දිවියක් ගෙවමු’ යන තේමාව ඔස්සේ සුමට ලෙස, ආකල්පමය වර්ධනයක් කරා
රැගෙන යන ලදී. හෙට රට ගොඩනගන, වගකීම් දරන සමාජයේ දොරට තට්ටු කරමින් සිටින වයස හෙවත්
12 සහ 13 ශ්‍රේණි සිසුනට ‘2025 දී ශ්‍රී ලංකාව් යන තේමාව ඔස්සේ තමන් සිතන, තමන් පතන
ඒ අනාගතය චිත්‍රයකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. එලෙස, මෙරට පාසල් දරු
පරම්පරාව චිත්‍රයකින් ඔබ්බට ගිය වටිනාකමක් ඔස්සේ නැවත වරක් පෙළගැස්වීමට “සිතිවිලි
ශ්‍රී ලංකා” ඔස්සේ ඩී.එස්.අයි. ආයතනයකට හැකිවිය.
|