කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගමෙන් ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලශක්ති ඒකකයක්

ඩී සැම්සන් සහ පුත්‍රයෝ සමාගමෙන් ජාතික විදුලිබල පද්ධතියට සූර්ය බලශක්ති ඒකකයක්

පරිසර හිතකාමී මෙහෙවරක නියැළි ඩී. සැම්සන් සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගම පරිසරය වෙනුවෙන් වන සිය කැපවීම නැවත වරක් තහවුරු කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන JLanka Technologies සමග එක්ව මෙරට ජාතික විදුලි බල පද්ධතිය වෙත 300 KW ධාරිතාවයෙන් යුතු සූර්ය බලශක්ති පද්ධතියක් එක් කරමිනි. එම සූර්ය බලශක්ති පද්ධතිය මගින් මසකට 36,000kWh ක ධාරිතාවයෙන් යුතු විද්‍යුත් ශක්තියක් උත්පාදනය කොට මෙරට ජාතික විදුලි බල පද්ධතිය වෙත එක් කරනු ලබයි.

300kWp බලැති එම නව සූර්ය බලශක්ති පද්ධතිය මෙරට පෞද්ගලික අංශය සතු සූර්ය බලශක්ති පද්ධති අතර විශාලතම සූර්ය බලශක්ති පද්ධතියක් ලෙස කැපී පෙනෙයි. අති නවීන module level power electronics ක්‍රමවේදයෙන් හා 3rd generation solar inverter technology තාක්ෂණයෙන් නිර්මිත මෙම නව සූර්ය බලශක්ති පද්ධතිය නවතම DC හා ගිනි ආරක්ෂණ තත්ත්ව සම්මතයන්ට අනුකූලව නිර්මාණය වී ඇත. මෙම නව PV පද්ධතියේ ඇති සුවිශේෂීතාව නම් එය දිවා කාලයේදී 100%ක් විදුලි බලය නිෂ්පාදනය කිරීමෙහිලා සමර්ථ වීමයි. 300kW සූර්ය බලශක්ති PV පද්ධතිය ඉහළ පරිසර හිතකාමීත්වයකින් යුක්තවේ. මෙරට සාම්ප්‍රදායික විද්‍යුත් ශක්ති උත්පාදක ප්‍රභවයන් වන ගල් අඟුරු හා ඩීසල් දහනය නිසා අධික ලෙස සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් අප රටේ පරිසරය සුරකින මෙම නව සූර්ය බලශක්ති PV පද්ධතියේ මාසිකව 29,000KG දක්වා හරිතාගාර වායු විමෝචනය අවම කොට ඇත.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ, ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ සභාපති නන්දදාස රාජපක්ෂ,DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ලාල් නුගලියද්ද, ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, ඩීසැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා කෞෂල්‍යා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු කළමනාකාරීත්වය නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්