කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

 Google Nexus නිෂ්පාදන පෙළේ අලුත්ම හඳුන්වාදීම

 Google Nexus නිෂ්පාදන පෙළේ අලුත්ම හඳුන්වාදීම

Nexus නිෂ්පාදන පෙළේ නවතම හඳුන්වාදීම වන්නේ LG Nexus 5X ස්මාට් ජංගම දුරකථනයයි. මෙහි ඇති සුවිශේෂී අංගය වන්නේ 1.55 මයික්‍රෝන් පික්සල් කැමරාව වන අතර එය Nexus නිෂ්පාද වලට ගූගල් විසින් ලබාදී ඇති විශිෂ්ටතම හඳුන්වාදීමකි. එමෙන්ම මෙය අඟල් 5.2 ක ඩිස්ප්ලේ එකකින්, Hexa-core ස්නැප්ඩ්‍රැගන් 808 ප්‍රොසෙසරයක් සහිත 1.8GHz නිෂ්පාදන Hexa-core CPU එකකින් සහ Adreno 418 ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයකින් සමන්විත වන අතර සුපිරි වේගයක් සමඟ පහසු මිලට ලබාගත හැකිවේ.

මෙහි අල්ට්‍රා පික්සල් f/2.0 ඇපචරයක්, IR ලේසර් ඇසිස්ටඩ් ඔ‍ටෝ ෆෝකස් පසුපස කැමරාවක් දැකිය හැකි අතර එමඟින් තත්පරයට රූපරාමු 30 බැගින් 4K වීඩියෝ පටිගත කළ හැකිය. ඉදිරිපස කැමරාව 5MP වන අතර සාමාන්‍ය මයික්‍රෝන් 1.4 ක් සහ f/2.0 ඇපචරයකින් සමන්විතයි. වේගවත් ගූගල් කැමරා ඇප් එකෙන් ඔබට සෑම රූප රාමුවක්ම කිසිදු අඩුවකින් තොරව ලබා දෙන අතර ගූගල් ෆොටෝ ඇප් එකෙන් ගබඩා කර ඇති පැරණි මතකයන් ඔබේ ඇඟිලි තුඩු අසලට එසැණින් රැගෙන එයි. මේ ස්මාට් ජංගම දුරකථනය USB ඔස්සේ වේගයෙන් චාජ් කර දෙන අතර වෙනත් වර්ගවල ස්මාට් ජංගම දුරකථන චාජ් කිරීමට ගත වන කාලයෙන් අඩකටත් අඩු කාලයකින් චාජ් කර දීමට සමත්වෙයි. ගූගල් විසින් පවසා සිටින පරිදි මිනිත්තු 10ක් චාජ් කිරීමේදී පැය 4ක කාලයක් ක්‍රියාත්මකව තබා ගැනීමේ හැකියාව සලසයි. මේ ස්මාට් ජංගම දුරකථනයේ වැඩි දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් සෙන්සර් හබ් වෙනත් තරගකාරී නිෂ්පාදන වල ඇති මෝෂන් ප්‍රොසෙසරයට අභියෝගයක් වන පරිදි නිපදවා ඇත. ගූගල් ෆොටෝ ඇප් එක ඡායාරූප සහ වීඩියෝ Store කිරීම, Search කිරීම සහ Share කිරීම සඳහා හඳුන්වා දී ඇති අලුත්ම ක්‍රමයයි. ඇති තරම් ඡායාරූප සහ වීඩියෝ උසස්ම තත්වයෙන් ඕනෑම තැනකින් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව සලසයි. පුද්ගලයින් අනුව, තැන අනුව, අඩංගු දේ අනුව ස්වයංක්‍රීයව සකස් වී සොයා ගැනීමට පහසුකම ලබා දෙයි.

ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය නිසා මෙය වඩාත් වේගවත් සහ ආරක්ෂිත නිෂ්පාදනයක් වී ඇත. මෙහිදී ඔබගේ ඇඟිලි සලකුණු වල ඇති අනන්‍යතාව ලබා දීමේ හැකියාව පවතින අතර ඔබ ජංගම දුරකථන ස්පර්ශ කළ විට පසුපස ඇති සෙන්සරය මඟින් ඔබගේ අනන්‍යතාව වහාම හඳුනාගෙන ස්ක්‍රීන් එක අන්ලොක් කර ඇපස් වෙත පිවිසීමේ හැකියාව ලබා දෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්