මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

.


Astrology - සතියේ කල දසාව

ශ. ව. 1937 ක්වූ කටක රවි 31 භාග නිකිණි මස පුර දිය­වක තිථිය ලත් අගෝස්තු මස 16 වැනි ඉරිදා සිට 22 ශනිදා දක්වා...
හරිප්‍රිය ගුණසේකර

අන්‍ය­යන්ගේ ප්‍රසා­දය දිනා ගැනී­මට හැක. එම හැකි­යා­වන් නුරු­ස්සන අයගේ කුම­න්ත්‍ර­ණ­කාරී වැඩ­පි­ළි­වෙ­ළක් නිසා ආය­තන ප්‍රධා­නීන් සමඟ පැවැති විශ්වා­සය බිඳි යන තත්ත්ව­යක් උද්ගත වෙයි. අස­ල්වැ­සි­යන් සමඟ කෙරෙන ගනු­දෙ­නු­ව­ලින් ගැටලු විසඳා ගැනී­මට හැකි වෙයි. දරු­වන් පිළි­බඳ සතු­ටු­දා­යක ආරංචි අස­න්නට ලැබේ. රෝගීන් පිළි­බඳ වැඩි අව­ධා­න­යක් යොමු කරන මේ සතියේ ඔවුන්ගේ අඩු­පාඩු සපු­රා­ලී­මට මුදල් වැය කර­න්නට සිදු වේ.

ජය අංකය - 08
සුබ දවස - සෙන­සු­රාදා

මේ සතිය සිතේ සතුට වර්ධ­නය වෙයි. ජීව­නෝ­පාය මාර්ග­ව­ලට අභි­යෝග එල්ල වුවද ඒවා ජය­ග්‍ර­හ­ණය කර ගැනී­මට හැකි වෙයි. උසස් අයගේ සැල­කිලි හා ගෞරව ලැබේ. රජයේ සේවයේ යෙදෙන අය සේවා ඇගැ­යී­ම්ව­ලට ලක් වෙයි. උසස් අධ්‍යා­පන කට­යුතු සඳහා විදේ­ශ­ගත වීමට අපේක්ෂා කරන අයගේ බලා­පො­රොත්තු ඉටු වෙයි. ලේඛ­ක­යින්ට කෘති එළි­දැ­ක්වී­මෙන් ප්‍රසි­ද්ධිය හා කීර්ති­නා­මය හිමි වෙයි.

ජය අංකය - 02
සුබ දවස - අඟ­හ­රු­වාදා

හිත­ව­තුන් හා ඥාතින් එකතු වන උත්සව කට­යු­ත්ත­කට සහ­භා­ගි­වී­මට ඇරැ­යුම් ලැබේ. තරග විභාග ආදි­යෙන් ජය­ග්‍ර­හණ අත් වෙයි. මෙතෙක් කර­ගෙන ආ වැඩ කට­යු­තු­වල වෙන­සක් ඇති­වී­මට ඉඩ ඇත. ක්‍රියා­ශීලී ගති පැවැ­තුම් අන් අයගේ ප්‍රසා­ද­යට ලක්වී­මට හේතු වෙයි. සති මැද මුදල් ගනු­දෙ­නු­වක් සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­යක් ඇති වනු ඇත. දරු­වන්ගේ අනා­ගත අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් වෙහෙස මහන්සි වීමට සිදු වෙයි.

ය අංකය - 07
සුබ දවස - සිකු­රාදා

නි‍ෙවසේ අලු­ත්වැ­ඩි­යා­ව­කට හෝ අලු­තින් කොට­සක් එකතු කිරී­මට හැකි වෙයි. මේ සඳහා තැන්පත් මුද­ලක් විය­දම් කිරි­මට සිදු වනු ඇත. ගුප්ත විද්‍යා කට­යුතු කෙරෙහි ඇති උන­න්දුව වැඩි වෙයි. නව නිර්මා­ණ­වල යෙදෙන අයට යහ­පත්ය. ව්‍යාපා­රි­ක­යන්ට ව්‍යාපා­රික අංශ­වල සාර්ථක ප්‍රති­ඵල ළඟා කර ගැනී­මට හැකි වෙයි. මාණ්ඩ­ලික ශ්‍රේණියේ තන­තුරු හොබ­වන අයට අති­රේක රාජ­කාරි බහු­ලව යෙදේ.

ජය අංකය - 06
සුබ දවස - සඳුදා

වාහ­න­යක් හෝ ඉඩ­මක් මිලට ගැනීම පිළි­බ­ඳව තිබු බලා­පො­රොත්තු ඉටු­වන ලකුණු පහළ වෙයි. ඉදි­රි­පත් වූ සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කින් ජය ලබා ගැනී­මට හැකිය. අති­රේක ආදා­යම් මාර්ග ඉහළ යයි. රැකියා ස්ථානයේ අති­රේක වග­කීම් පැව­රීම නිසා රාජ­කාරි බහුල විය හැක. පරි­ග­ණක අංශ­ව­ලින් තම හැකි­යා­වන් එළි­දැ­ක්වී­මට හැකි වෙයි.

ජය අංකය - 09
සුබ දවස - සඳුදා

උසස් තන­තුරු හොබ­වන අයගේ සහා­යෙන් අද­හස් ඉටු­කර ගත හැකිය. හිත­ව­තුන්ගේ ආදර සැල­කිලි ලැබේ. මිල මුදල් ලබා ගැනීමේ අර­මු­ණෙන් යෙදෙන ගම­න්ව­ලින් ප්‍රයෝ­ජන අත් වෙයි. විවිධ අය තම ඇසු­රට පත්වන කාල­යක් බැවින් එවැනි අය පිළි­බ­ඳව කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතුය. අවි­වා­හක අයට මංගල යෝග උදා වෙයි. තරග විභාග ජය හිමි වෙයි. සෙම් ආබාධ ඇති­වී­

ජය අංකය - 08
සුබ දවස - බදාදා

පර්යේ­ෂ­ක­යන්ට පර්යේ­ෂණ කට­යුතු කෙරෙහි වැඩි නැඹු­රු­වක් ඇති වේ. දැනුම වර්ධ­නය සඳහා කිය­වීමේ රුචිය වැඩි කර ගැනී­මට වෙහෙ­සෙයි. විශ්‍රා­මි­ක­යන්ට සහන කාල­යකි. තම හැකි­යා­වන් ප්‍රද­ර්ශ­න­යට සහ ස්වයං රැකි­යා­වල යෙදෙන අයගේ කට­යුතු සාර්ථක වෙයි. වාහන ලාභ­යක් ඇත. රාජ­කාරි කට­යු­තු­වල යෙදී­මෙන් උප­රීම තෘප්ති­යක් ලබයි.

ජය අංකය - 04
සුබ දවස - බ්‍රහ­ස්ප­තින්දා

මේ සතියේ ග්‍රහ යෙදුම් අනුව දුර ප්‍රදේ­ශ­යක සංචා­රය කිරී­මට හැකි වෙයි. සෞඛ්‍ය පිළි­බ­ඳව වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුය. වෙහෙස මහන්සි වී කට­යුතු කිරී­මෙන් වැළ­කිය යුතුය. ස්නායු ආබාධ වැඩි වෙයි. පූජ­නීය ස්ථාන භාර­කා­ර­ත්වයේ සිටින අයට විශේෂ සැල­කිලි හා වර­ප්‍ර­සාද හිමි වේ. සති අන්ත­යේදී හිත­ව­ත­කු­ගෙන් උදව් උප­කාර ලබා ගැනී­මට ඉඩ සැලැසේ.

ජය අංකය - 09
සුබ දවස - සිකු­රාදා

රැකියා කට­යු­තු­වල තර­මක අවුල් සහ­ගත තත්ත්ව­යක් ඇති­වු­වද එම තත්ත්වය සාර්ථ­කව මැඬ පවත්වා ගැනී­මට හැකි වෙයි. නව ඥාති සබ­ඳතා ගොඩ­නඟා ගැනී­මට හැකි වෙයි. සහ­කරු හෝ සහ­කා­රි­යට රෝගා­බාධ වැල­ඳී­මට ඉඩ ඇත. මිලට ගැනීම් හා අ‍ෙලවි කිරීම් ආදි කට­යු­තු­වල යෙදෙන අයට යහ­පත්ය. තරග විභා­ග­ව­ලින් ජය ලැබේ. අවි­වා­හක අයට මංගල යෝග උදා වෙයි.

ජය අංකය - 09
සුබ දවස - ඉරිදා

මිශ්‍ර ඵල ගෙන දෙන සති­යකි. විදේශ ගතව අධ්‍යා­පන කට­යු­තු­වල නිරත දරු­ව­කුගේ විය­දම් සඳහා තම සහ­කරු හෝ සහ­කා­රි­යගේ පාර්ශ්වයේ ඥාති­යකු ඉදි­රි­පත් වීමෙන් සිතේ සහ­න­දා­යක තත්ත්ව­යක් ඇති වෙයි. දුෂ්කර ප්‍රදේ­ශ­වල රාජ­කා­රියේ නිරත අයට තම ගම් ප්‍රදේ­ශ­ව­ලට මාරු­වීම් ලබා ගැනී­මට හැකි වෙයි. කලා ක්ෂේත්‍රයේ හා හස්ත කර්මා­න්ත­වල නිරත අයට භාණ්ඩ ප්‍රද­ර්ශන සඳහා කලා නිකේ­ත­න­වල ඇරැ­යුම් ලැබේ.

ජය අංකය - 04
සුබ දවස - ඉරිදා

උසස් බලා­පො­රොත්තු ඇති කරන සති­යකි. කාල­ය­කට පෙර ගත් ණය මුද­ලක් ආපසු ගෙවා දැමී­මට හැකි වීමෙන් සිතේ සතුට වර්ධ­නය වෙයි. රැකියා කට­යුතු කෙරෙහි විශේ­ෂ­යෙන් උනන්දු වන සති­යකි. සති අන්තයේ හිත­ව­ත­කුගේ ඇරැ­යු­මක් පරිදි ප්‍රිය සාද­ය­කට සහ­භාගි වීමට හැකි වෙයි. කෘෂි කර්මාන්ත කට­යු­තු­වල නිරත අයට පතල් හා මැණික් ව්‍යාපා­රි­ක­යන්ට යහ­පත්ය.

ජය අංකය - 05
සුබ දවස - බදාදා

ප්‍රමාද වෙමින් පව­තින වැඩ කට­යුතු නිමා කර ගැනී­මට අම­තර වෙහෙ­සක් දැරී­මට සිදු වේ. එක අර­මු­ණක රැඳී සිටී­මට අප­හසු වෙයි. කෙටි ගමන් බිමන් අධික වෙයි. වෙන­දාට වඩා නිහ­ත­මා­නීව කට­යුතු කිරී­මෙන් අන්‍ය­යන්ගේ සිත් දිනා ගැනී­මට හැකි වෙයි. විවිධ පුද්ග­ල­යන්ගේ උප­දෙස් පිළි­ගැ­නී­මේදී බුද්ධි­මත්ව කට­යුතු කිරී­මට උත්සාහ ගත යුතු වන්නේ අවා­සි­දා­යක තත්ත්ව­යක් නිර්මා­ණය විය හැකි බැවිනි.

ජය අංකය - 09
සුබ දවස -  ඉරිදා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්