එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පිළිකාවට බේතක් හැදූ නාලන්දේ සිසුවා

පිළිකාවට බේතක් හැදූ නාලන්දේ සිසුවා

මගේ අරමුණ ළාබාලම නොබෙල් ත්‍යාගලාභියා වීමයි

ඔහු රඛිත මාලේවන නාලන්දා විදුහලේ 13 වැනි වසරේ සිසුවෙකි. ඔහුත් අනෙක් මිතුරන් මෙන් පරිගණක ක්‍රීඩා කරන්නේ ය. කාටුන් නරඹන්නේ ය. එහෙත් ඔහුගේ දඟකාර සිනාව යටින් මතුවන අනාගතයේ සෙවණැලි කෙබඳු වේ දැයි කාට කිව හැකි ද? ඔහු දැනටමත් පිළිකා රෝගී ශෛල විනාශ කරන ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන ඇත්තේ සිය විදුහලට මෙන් ම රටට ද කීර්තියක් ගෙන දෙමිනි.

ඔහු සිය නව සොයා ගැනීමත් සමඟ ම ලබන මැයි මස ලෝස් ඇන්ජලිස් නගරයේ පවත්වනු ලබන ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා හා තාක්ෂණ සැණකෙළිය නියෝජනය කිරීමට වරම් ලබා සිටී.

මේ නව සොයා ගැනීම ඔහුගේ 5 වැනි අන්තර්ජාතික සොයා ගැනීමයි.

නැනෝ තාක්ෂණය යොදා ගෙන පියයුරු පිළිකා රෝගීන්ගේ ලියුකේමියා ශෛල විනාශ කිරීමේ තාක්ෂණය තුළින් 2014 ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු සැණකෙළියේ දී පළමුවන ස්ථානය දිනාගත් රඛිත එතුළින් 2014 ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා හා තාක්ෂණ සැණකෙළිය නියෝජනය කරන්නට වරම් ලබා ගත්තේ තවත් එවැනිම ව‍ූ ලෝකය පුරා දීප්තිමත් දක්ෂයින් 1600 ක් ද සමඟිනි. ඔවුන් සියලු දෙනා ම ලෝකයේ රටවල් 70 ක් නියෝජනය කරන පාසල් සිසුන් ය. ඔවුන්ගේ නිර්මාණ ලොව ප්‍රධාන පෙළේ විද්‍යා ආචාර්යවරුන්ගෙන් යුත් මණ්ඩලයක් මගින් විනිශ්චය කරනු ලබයි.

“මගේ අනාගත ඉලක්කය වන්නේ වෛද්‍ය විද්‍යාව අංශයෙන් වෘත්තීය මට්ටමේ පර්යේෂකයෙකු වීමයි. ඒ වගේ ම අනාගතයේ මේ පර්යේෂණ තුළින් ලෝකයේ ලාබාලතම නොබෙල් ත්‍යාග ලාභියා වීමේ අරමුණ ද මා තුළ තියෙනවා.”

රඛිත එසේ කීවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත හා කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ය.

ඉන්ටෙල් සැණකෙළිය යනු විද්‍යා හා තාක්ෂණ අංශයෙන් ඉහළට යන පාසල් සිසුන් සඳහා වන ප්‍රදර්ශනයකි. ඒ සඳහා ලෝකයේ මිලියන හතක් පමණ උසස් අධ්‍යාපනය ලබන සිසුහු සහභාගි වෙති. 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන හොඳම සිසුන් 1600 කට මෙවර එයට සහභාගි වීමේ අවස්ථා ලැබී ඇත. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් පමණ මුදලක් වෙන් කොට ඇත.

රඛිත මේ විද්‍යා හා තාක්ෂණ සිහින දකින්නේ වයස අවුරුදු 12 සිටම ය. ඔහු එවැනි වයසේ සිට ම තවත් බොහෝ තාක්ෂණික අධ්‍යයනයක් සිදුකර ඇති අතර ඉන් ප්‍රධාන තැනක් ගනුයේ 2010 වසරේ ඔහු ඉදිරිපත් කළ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය හරණය සඳහා අප ජලය ඉවත් කරන ක්‍රමවේදයය.

2011 දී ‍ඔහු ජාතික විද්‍යා තාක්ෂණ අධ්‍යයන පදනමේ ව්‍යාපෘති තරගයේ ත්‍යාගයක් දිනුවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ඉදිරිපත් කළ උපකරණයකට ය.

2012 දී ඔහු තමාගේ හොඳම මිත්‍රයා වන රනංජය සුභාෂ් සමඟ තවත් පර්යේෂණයක් සිදු කළේ ය. ඒ කුරුඳු හා පොළොස් උපයෝගි කරගෙන ‍ෙඩංගු රෝගීන් සඳහා ශරීරයේ රතු රුධිරානු වර්ධනය වන ඖෂධයක් නිපදවීමයි. ඒ පර්යේෂණය අනුව ඔවුන් දෙදෙනා ජාතික විද්‍යා පදනම, අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ඉන්ටෙල් කෝපරේෂන් හා ඉංජිනේරු ආයතනය එකතුව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු සල්පිලේ ද එම වසර සඳහා වූ සම්මානයෙන් පුද ලැබූහ.

මෙම අධ්‍යයනයේදී ඇමෙරිකාවේ ඇරිසෝනා හි ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු සල්පිලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරා ගන්නා ලදී.‍

“අපි ඩෙංගු පර්යේෂණ සිදු කළාට පසු එය ඉන්ටෙල් සල්පිලේ එච්චර බල පෑමක් ඇති කළේ නැහැ. ඩෙංගු මාරාන්තික රෝගයක් වුණත් එය තිබුණේ ලෝකයේ සමහර කලාපවල විතරයි. එය ශ්‍රී ලංකාව වගේ රටවලට එතරම් වැදගත් නොවන බව මට වැටහුණා.”

ඒ නිසා මේ අවුරුද්දේ මං හිතුවා ඊට වඩා පුළුල් පිරිසකට ළඟාවිය හැකි යමක් කරන්න.

පිළිකා පිළිබඳ පර්යේෂණයක් කිරීමට රඛිත සිතුවේ ඒ නිසා ය. රෝගියෙකුට පිළිකාවක් ඇතැයි නිශ්චය වශයෙන් දැනගත් පසු රෝගීන් සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ සැත්කම් වගේ ම රසායනික චිකිත්සාවත් (Chemothraphy) සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳව ය‍. එවන් ප්‍රතිකාරවලින් පවා සුව කළ නොහැකි සමහර පිළිකා ප්‍ර‍ෙභ්ද තිබේ. ඒවායේ ද සුව වීමේ සීමාවන් ද ඇත.

නැනෝ තාක්ෂණය හා එක් වෙමින් බොහෝ අධ්‍යයන කණ්ඩායම් පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම සොයන්නට පටන්ගෙන ඇත්තේ ඒවායින් බොහෝ විට සෞඛ්‍ය සම්පන්න ශරීරයේ පටකවලට සිදුවන අතුරු ආබාධ අවම වන බැවිනි.

රඛිත කියන්නේ ද මේ වසරේ තමන්ගේ ජීව විද්‍යාත්මක අධ්‍යයනයන් වඩා සංකීර්ණ වූ බව ය. නැනෝ තාක්ෂණය යොදා ගෙන තමා කළ තාක්ෂණික පරීක්ෂණ වඩා හොඳ ප්‍රතිඵල නොදුන් බව ද ඔහු පවසයි.

“පිළිකා ප්‍රතිකාර වලදී වෛද්‍යවරුන් බොහෝ විට උත්සාහ කරන්නේ පිළිකාවට විවර වූ පිළිකා සෛල සෞඛ්‍ය සම්පන්න සෛලවලට හානියක් නොකර ඉවත් කරන්නයි. නැනෝ අණු මගින් එය සාර්ථකව සිදුකළ හැකියි. මං ඔබට සරල උදාහරණයක් දෙන්නම්. පිළිකා සෛල බොහෝ විට රතු රුධිරාණු හා ප්ලේට්ලට් මිශ්‍රවයි තියෙන්නෙ‍.

මං ඒවාට නැනො අනු එකතු කළාම නැනෝ අනු මගින් පිළිකා සෛල හඳුනාගෙන ඒවාට පහර දෙනවා. ඒත් ඒවා අනෙක් සෞඛ්‍ය සම්පන්න සෛලවලට රතු රුධිරානු හා ප්ලේට්ලට්වලට හානි කරන්නේ නැහැ. මා මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නේ හරිත තේවල (Green Tea) ඇතුළත්ව ඇති නැනෝ අණු හා මිශ්‍ර ව‍ූ රසායනයක්. ශ්‍රී ලංකාව ලෝකයේ තේවලට ප්‍රසිද්ධ රටක්. මට අපේ රටත් ප්‍රසිද්ධ කරන්නට ඕනෑ වුණා. ලංකා තේවලට ලෝකයේ කවුරුත් ප්‍රිය කරනවා.”

නාලන්දා විදුහල්පතිතුමා, මව,විද්‍යාගුරුවරිය සමග රඛිත

රඛිත සිය අධ්‍යයනය පිළිබඳව විස්තර කළේ එපරිද්දෙනි.

ඔහු මේ රසායන විද්‍යා පරීක්ෂණ කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය රෝහිණී ද සිල්වා මහත්මියගේ හා මහාචාර්ය නලින් ද සිල්වා මහතා ගේ මඟ පෙන්වීම යටතේය. ඔහුට තම පර්යේෂණවල ජීව විද්‍යාත්මක අංශයෙන් මඟ පෙන්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රසන්න ගල්හේන මහතා ය.

“මේ ව්‍යාපෘති ඉතා වියදම් සහිත ඒවා. විශේෂයෙන් මං වගේ පාසල් ශිෂ්‍යයෙකුට.” ඒ සඳහා විශාල පිරිවැයක් දැරූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය අනිල් සමරනායක මහතාට තමා ණය ගැති බව රඛිත කියයි. මේ පර්යේෂණය පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන්නට පෙර තවදුරටත් වර්ධනය කළ යුතු බව ද ඔහු පවසයි.

රඛිතගේ මව වන ආනන්ද විද්‍යාලයේ ගුරුවරියක වන උපේක්ෂා අබේසේකර මහත්මිය සිය පුතුගේ සිහින සැබෑකර ගැනීම ඉමහත් ආලෝකයක් වෙයි.

රඛිත විද්‍යාවෙන් දීප්තිමත් දරුවෙක් විතරක් නොවෙයි. එයා උඩරට නැට්ටුවෙක්. එයා නැටුම්වලින් වෙස් පැලැන්දුවේ හත්වැනි වසර සිටියදී ඒ වගේ ම එයා මුද්‍රා නාට්‍ය ශිල්පියෙක්. 2011 නාලන්දයේ හොඳම නැට්ටුවා එයා. රඛිතගේ මව සිය පුතු ගැන කට හඬ අවදි කළේ ආඩම්බරයෙනි.

රඛිත කාටුන් චිත්‍රපට සඳහා සිය කටහඬින් දායක වන්නෙකු ද වෙයි. ස්වාධීන රූපවාහිනියේ ‘දුනුවලිගා’ නම් සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටය ඔහු කටහඬ සැපයූ එකකි.

රඛිත ගේ අයියා අකිල මාලේවන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන පීඨයේ සිසුවෙකි.

රඛිතගේ අයියා පහේ ශිෂ්‍යත්වයෙන් හොඳ ලකුණු ගත්තත් රඛිතට බැරි වුණා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍” ඔහුගේ මව කීවාය.

රඛිත පාසල් විද්‍යා සංගමයේ සභාපති වෙයි. එම සංගමය බාර ආචාරිණී චම්පිකා හනගල ආරච්චි මහත්මිය පවසන්නේ ඔහු නිතර තම මිතුරු සිසුන්ගේ අධ්‍යයනවලට රුකුල් දෙන මෙවන් සංගම් සංවිධානය කිරීමට ද දක්ෂයෙකු බව ය.

“මං මගේ උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අං‍ශයෙන් පෙනී සිටියත් මගේ සිහිනය වෛද්‍යවරයෙකු වීම නෙවෙයි. මට ඕනෑ විද්‍යාඥයෙකු වෙලා නව සොයා ගැනීම් මගින් වෛද්‍යවරුන්ට සහාය වෙන්නයි.”

රඛිත සිය කටහඬ අවදි කරමින් ඊළඟට කියා සිටියේ තමා නිතරම තම පාසල් මෑණියන්ට ස්තුති කරන බවයි.

සන්ඩේ ඔබ්සවර් පුවත්පතට මංජුලා ප්‍රනාන්දු සැපයූ ලිපියක් අැසුරින් සකස් කළේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්