එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රට රැකියාවට යන කතුන්ගේ දරුවන් සුරකින පවුල් පසුබිම් වාර්තාව

රටවිරු විමසුම් විසඳුම්

රට රැකියාවට යන කතුන්ගේ දරුවන් සුරකින පවුල් පසුබිම් වාර්තාව

පවුල් පසුබිම් වාර්තාව මෙරට කාන්තාව විදේශ රැකියාවක් සඳහා යාම පිළිබඳව සමාජ කථිකාවක් වී ඇත. කාන්තාවකට විදේශගතව රැකියාවක් කිරීමට අයිතියක් තිබේ. මේ අයිතිය ආරක්ෂා කරදීමේ අරමුණ ඇතිව මෙකී පවුල් පසුබිම් වාර්තාව ඉල්ලා සිටීම සිදු කැරේ.

විශේෂයෙන් ම මේ පවුල් පසුබිම් වාර්තාව විදේශ රැකියාවකට යාමට බලාපොරොත්තු වන දරුවන් සිටින මවකට නැතිනම් කාන්තාවට බලපාන කරුණක් ලෙස ක්‍රියාත්මක කරන්නේ දරුවන් සිටින මව රට රැකියාවට ගිය පසු එම දරුවන්ගේ රැකවරණය ආරක්ෂාව හා දරුවන් බලා කියා ගන්නේ කවුරු දැයි යන්න ස්ථිරව දැනගෙන එම දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනි.

මවක් විදේශ රැකියාවකට යාමට අදහස් කරන්නේ නම් මුලින් ම ඇය කළ යුතු වන්නේ තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සංවර්ධන නිලධාරියා වෙත ගොස් රට රැකියාවකට යාමට පවුල් පසුබිම් වාර්තාවක් ඉල්ලා සිටීම ය. එවිට මේ නිලධාරියා මවට දරුවන් සිටිනවා ද එම දරුවන්ගේ වයස් මට්ටම කොපමණ ද? ස්වාමිපුරුෂයා මව රට රැකියාවට ගියාට පසු දරුවන්ගේ කටයුතු සිදු කිරීමට වගකීම ගන්නවාද එයට අස්සන් කරනවා ද මෙවැනි වගකීමක් ගන්න ඔහුට හැකි ද ආදී සියලු කරුණු පවුල් පසුබිම් වාර්තාව සකස් කිරීම පිණිස විමසා බලනු ඇත.

මෙහිදී දරුවන්ගේ වයස අවුරුදු 05 ක් වීමෙන් පසු රැකියා සඳහා මවකට විදේශගත වීමට අවස්ථාව ලබාදී ඇත. අවුරුදු 05 ට අඩු දරුවන් සිටින මවුවරුන් දරුවන් සමඟ සිටිය යුතුයි යන්න රජයේ පිළිගැනීමයි. ඒ සඳහා 2007 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ද ලැබී ඇත. අවුරුදු 05 ට අඩු දරුවන් සිටින මවක් දරුවාගේ පූර්ව ළමා විය අවශ්‍යතාව පිළිබඳව සලකා බලා දරුවා ළඟ මව සිටීමේ අවශ්‍යතාව පිළිගෙන ඇත. එහෙත් මවට දේශීය වශයෙන් රැකියා කිරීමට හැකි ය. එවැනි මවුවරුන්ට දේශීය රැකියා සොයා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින කාන්තා අභිවෘද්ධි නිලධාරිනිය වෙත ලිඛිතව යොමු කරනු ලැබේ. ඒ මගින් එම කාන්තාවට අවශ්‍ය උපදේශනය සහ දේශීය විකල්ප රැකියා අවස්ථා සොයා දෙයි. ඒ මගින් කාන්තාවට වැටුපක් ලබාගත හැකි රැකියාවකට යෙදීමට ඇති අයිතිය ආරක්ෂා කර ඇත.

විදේශ රැකියා සඳහා පිටත්වන ඕනෑම අයකුගේ පවුල් පසුබිම් වාර්තා ලබා ගැනීමට හැකිනම් එය වඩාත් යෝග්‍ය වේ. එනමුදු කළයුතු වැඩ පිළිබඳව ප්‍රමුඛතා කිරීමේ දී මුලින් ම කළ යුත්ත පිළිබඳව තීරණ ගත යුතු ය. ඒ සඳහා පාදක වන්නේ මුලින් ම වඩා වැදගත් කුමක් ද සහ මුලින් ම වඩා ඉක්මනින් කළ යුත්ත කුමක්ද යන ප්‍රශ්න දෙක ඇසීමයි‍. එහිදී ලැයිස්තුවේ මුලටම එන්නේ මැදපෙරදිග ගෘහ සේවිකා වෘත්තියයි. නමුත් 2007 අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙළේ වයස අවු. 05 ට ‍අඩු දරුවන් සිටින සියලු මවුවරුන්ට විදේශ රැකියා සඳහා යෑම ප්‍රමාද කළ යුතු බවයි.

සූර්ය බලයෙන් ක්‍රියාකරන මාර්ග සංඥා පද්ධතියක් හඳුන්වා දෙයි...

 

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැති Job Gate රැකියා ප්‍රදර්ශනයේ එක් ප්‍රදර්ශන කුටියකදී තරුණයකු විසින් ස්වයංක්‍රීයව සූර්ය ශක්තියෙන් ක්‍රියා කරන මාර්ග සංඥා පද්ධතියක් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට හඳුන්වා දුන් අවස්ථාව. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර හා අති‍ෙර්ක සාමාන්‍යාධිකාරි කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

එහෙත් මෙය ක්‍රියාත්මක කිරීමේදී පුමුඛතා ලැයිස්තු නිර්මාණයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයිතියක් ඇත. එය විදේශ රැකියා ක්ෂේත්‍රය කළමනාකරණය කරන නියාමන ආයතනය සතු ය. ප්‍රමුඛතා සලකා බැලීමේදී ගෘහ සේවිකා මුලට එන්නේ ඒ මතය. එනම් කාර්යාංශයට ලැබෙන පැමිණිලි හා ඉල්ලීම්වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ එම කාන්තාවන්ගේ පවුල් වලිනි. තවද එම පැමිණිලි හා ඉල්ලීම් වල බහුතරයක් මව ආපසු ගෙන්වා ගැනීමයි. දෙවනුව ගෘහ සේවයට යන කාන්තාවන්ට වසර දෙකක හෝ ඊට වැඩි කොන්ත්‍රාත් ගිවිසුමකට අස්සන් කිරීමට සිදුවෙයි. එම ගිවිසුම උල්ලංඝනය කිරීමට නොහැකි ය වසර දෙකම වැඩ කළ යුතු ය. තමාට වැලදෙන රෝගයක් ‍ෙහ්තුවෙන් රැකියාව කළ නොහැකි නම් විනා (ඒ සඳහා රැකියාවට පැමිණීමට ප්‍රථම අංග සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් හාම්පුතුන්ගේ වියදමින් කරන අතර සේවා ස්ථානයට පැමිණි පසු ද එයම නැවත කරයි) අනිවාර්යයෙන් ම සේවා කාලය රැකියාව කළයුතු වේ.

ඒ සඳහා හාම්පුතෙක් සේවිකාවගේ වැටුප්, කෑම, ඇඳුම්, බෙහෙත් වියදම් හැර සේවා ස්ථානයට ගෙන්වා ගැනීම සඳහා රු. 450,000/= හෝ රු. 500,000/= පමණ මුදලක් වියදම් කරයි. එම මුදලින් යම් කොටසක් රැකියාවට ඒමට පෙර සේවිකාවගේ පවුලට ද ලබාදෙයි. එය රු. 160,000/= දක්වා උපරිමයකට ගොස් ඇත. මේ සියල්ල සලකා බැලීමේදී ගෘහ සේවයට යන කාන්තාවකගේ සේවා කාලය අතරමැද ඛණ්ඩනය කළ නොහැක. අඛණ්ඩ අවුරුදු දෙකක අවමයකට යටත්වේ. එය ස්ථාවර සාධකයකි.

පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමේ වගකීම රැකියා නියෝජිත ආයතන වෙත ද පවරා ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සංවර්ධන නිලධාරියා විසින් නිර්දේශ නොවන හා නිර්දේශ වන තොරතුරු සියල්ල කෙටි පණිවිඩ මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පද්ධතියට එවනු ලැබේ. ඒ මගින් පවුල් පසුබිම් වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම හා වංචා දූෂණ අවම කර ඇත. මුදලට වාර්තා සෑදීමේ ඉඩකඩ අහුරා ඇත.

විදේශ රැකියා සඳහා යන කාන්තාවන්ගේ රැකියා ගිවිසුම් අස්සන් කරන මොහොතේ මෙම වාර්තාව තමන් සතුව තිබිය යුතු ය.

පවුල් පසුබිම් වාර්තාව යනු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ මුලටම ඇති කොටසකි. කෙටියෙන් කිවහොත් එය ඉක්මනින් කරනු ලබන වැඩසටහනක් නොවේ‍. එම නිසා ම අපේක්ෂාවෙන් පැමිණෙන කාන්තාවට පමණක් නොව මුළු පවුලටම යහපැවැත්ම ප්‍රවේශය අනුගමනය කළ හැකි ය.

විවාහක කාන්තාව විදේශ රැකියාවට යාමේදී ඇගේ ස්වාමි පුරුෂයා හෝ ස්වාමි පුරුෂයා නොමැති නම් වෙනත් වගකිවයුත්තෙක් භාරකරු ලෙස නම් කරන ලෙස දන්වන්නේ හදිසි අවස්ථාවක හෝ මිය ගියහොත් එම කාන්තාව පිළිබඳව තොරතුරු දැන්වීම සහ අනෙක් කටයුතු සඳහා කෙනෙකුගේ අවශ්‍යතාව ඇති බැවිනි. ශ්‍රී ලාංකේය කාන්තාව තමා සම්බන්ධ වගකීමක් දරන කෙනෙක් සිටීම පිළිබඳව උරණ වන්නේ නැත. එය ඇයට ශක්තියකි.

විදේශ රැකියාවකට යාම සුදුසු බවට නිර්දේශ ලබන කාන්තාවකට එම ගමනේ පරමාර්ථ ඉටුකරගෙන අභිමානවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාකිරීම මෙම වැඩසටහන හරහා සිදුවේ.

මංගල රන්දෙණිය

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි

(විදේශ සබඳතා හා ප්‍රචාරක)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්