එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජාතික අභිමානය ඉහළ නැංවූ පිලිප් ගුණවර්ධන

ජාතික අභිමානය ඉහළ නැංවූ පිලිප් ගුණවර්ධන

ලාංකික සමාජවාදී ව්‍යාපාරයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධන මහතාගේ 42 වැනි ගුණ සමරුව නිමිත්තෙනි

දේශපාලන නායකයකු වශයෙන් දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන (1901 - 1972) නූතන ශ්‍රී ලංකාවේ චින්තනය හා පරිකල්පනය මත මහත් බලපෑමක් ඇති කළේය. ඔහු ජනතාවගේ අපේක්ෂාවන් හා අභිලාෂයන් ඉවෙන්ම අවබෝධ කරගත් සහජ නායකයෙකි. ඔහු ජාතියේ හද ගැස්ම හඳුනා ගෙන සිටියේය.

නායකයකු වශයෙන් තමන් සිය අනුගාමිකයින්ට වඩා පමණට වැඩියෙන් ඉදිරියෙන් සිටියේ නම් ඔහුට ඔවුන් සමඟ සම්බන්ධතාවය නැති වන බවත්, අනෙක් අතට හුදෙක් සිය අනුගාමිකයින් ගේ අදහස් ම පුනරුච්චාරණය කිරීමෙන් සෑහීමට පත්වුව හොත් එය නායකත්වය ලබා දීමක් නොවන බවත් ඔහු අවබෝධ කර ගෙන සිටියේය. හොඳම සමබරතාව කුමක්දැයි ඔහු දැන සිටියේය.

ශ්‍රී ලංකාව තුළ සමාජවාදය පිළිබඳ අදහස ප්‍රචලිත කිරීමෙහිලා පිලිප් ගුණවර්ධන බෙහෙවින් දායක විය. ඔහු එය ඉටු කළේ ඔහුටම ආවේණික ආකාරයට සමාජවාදී චින්තනය යුරෝපීකරණය කිරීමෙන්, එය ස්ව‍දේශික සංස්කෘතියේ මූලාශ්‍රවලට සම්බන්ධ කිරීමෙන් හා එය දේශීය ඌරුවකින් යුතුව ආයෝජනය කිරීමෙන්ය.

ජනතාවට බෙහෙවින්ම බලපාන කාරණාවන් පිළිබඳව එම ජනතාවගේ සංස්කෘතික වාග් සම්ප්‍රදායට ආවේණික බසින් කතා කිරීමට ඔහු සමත් විය. ඔහුගේ ප්‍රයත්නයන් දෙස ආපසු හැරී බලන කල, එය සැබැවින්ම නිවැරදි ක්‍රමෝපාය බව යමෙකුට නිගමනය කිරීමට සිදුවේ.

ඔහු අභිමානවත්, එමෙන්ම සංකීර්ණ ජාතික නායකයකු විය. ඔහුගේ අභිමානය වර්ධනය වූයේ ජාතියේ හැකියාවන් පිළිබඳව ඔහුට තිබූ බලවත් විශ්වාසය තුළිනි. ජාතියක් ලෙස අප නැඟී සිටීමට නම්, අප ගැනම විශ්වාසය අපට තිබිය යුතු යැයි ඔහු විශ්වාස කළේය.

ඔහු කවර හෝ ඓතිහාසික අවස්ථාවකට බලපාන බහුවිධ බලවේගයන් යොදා ගෙන, පරස්පර හා නොවැළැක්විය හැකි අවශ්‍යතාවන්ට එක විට ප්‍රතිචාර දැක්වීමට යමකුට සිදුවන බව අවබෝධ කර ගත් සංකීර්ණ මිනිසකු විය.

ඔහු ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද, නොසැලෙන හි‍ෙතෙෂීතාවයන් හා අනපේක්ෂිත පාවාදීම් ද අත්වින්දේය. ඒ සියල්ල තුළින් ඔහු බොරළුගොඩ සිංහයා ලෙස සිය විශේෂිත ලක්ෂණය වූ ධෛර්යය හා පෞරුෂත්වයේ ජවය ප්‍රදර්ශනය කළේය.

පිලිප් ගුණවර්ධනයන් ගේ බහුවිධ ක්‍රියාකාරකම් හරි දැක්ම පිළිබඳ ගැඹුරු පරිකල්පනයක් මඟින් මෙහෙයවනු ලැබීය. සමාජ සාධාරණත්වය පිළිබඳ සංකල්පනය එහි කේන්ද්‍රයේම විය. ඔහු සමානාත්මතාවය අගය කළේ අවසන් අරමුණක් ලෙස නොව, සමාජ විපරිණාමනය පතා නික්ම යනු පිණිස වූ සංලක්ෂ්‍යයක් වශයෙනි. ජාක්ස් රැන්සියෙයර්ගේ “සමානාත්මතාවය යනු අත්කර ගත යුතු ඉලක්කයක් නොව, නික්මන් සංලක්ෂ්‍යයකි, සියලු තත්ත්වයන්හිදී පවත්වා ගත යුතු උපන්‍යාසයකි” යන කියමන මෙහිදී මට සිහිපත් වෙයි.

පිලිප් ගුණවර්ධනයන්ගේ චින්තනයේ එක් වැදගත් පැතිකඩක් ඉතිහාසයේ ගතිකබලයන් පිළිබඳව ඔහුගේ ගැඹුරු අවබෝධයට සම්බන්ධ වේ. ඉතිහාසය අප තුළින් ගලා යන ආකාරය හා අපව හැඩගන්වන ආකාරය ඔහු පැහැදිලිව දිටීය. අනාගතය පිළිබඳව අපගේ චකිතය අපගේ ඓතිහාසික අනන්‍යතාවය අහිමි කර ගැනීම තුළින් වර්ධනය වූවක් ය යන්න ඔහුගේ විශ්වාසය විය.

ඥානාවබෝධය වැඩි නායකයකු ඥානාවබෝධය අඩු නායකයකු කෙරෙන් වෙන් කොට දැක්වෙන්නේ ඓතිහාසික වාතාවරණයක සංකීර්ණත්වය හා බහුවිධත්වය ග්‍රහණය කරගැනීමට ඔහුට ඇති හැකියාව මඟින්ය. ඔහු සැබැවින්ම ඥානාවබෝධය සහිත නායකයකු විය.

අතීතයේ ශක්තිය වර්තමානයේ ගම්‍යතාවය දෙසට යොමු කිරීමේ ක්‍රම සකස් කිරීම ඔහුගේ අවධානය ග්‍රහණය කර ගත් විෂයයන්ගෙන් එකක් විය. ඇතැම් විට පසුබෑම් ඇති වුවද, පිලිප් ගුණවර්ධනයන් හදවතින් සුබවාදියකු විය.

අප විසින් වර්තමානයට ගෙන එනු ලබන අභිලාෂයන් අනාගතය විසින් වැලඳගනු ලබනු ඇතැයි යන ඔහු‍ෙග් විශ්වාසය වෙතින් මෙම සුබවාදිත්වය ප්‍රවාහය විය. එලෙස, චින්තකයකු හා නායකයකු වශයෙන් පිලිප් ගුණවර්ධනයන් සැබෑ ලෙස හඳුනා ගනු පිණිස අප ඔහුගේ සුවිශේෂී ඓතිහාසික පරිකල්පනය කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.

වඩා යහපත් ලෝකයක් සෙවීමේ ජාතියේ අභිලාෂයන්ට පිලිප් ගුණවර්ධනයන්ගේ හඬ පෙර නොවූ හදිසියක් එක් කළේය. යටත් විජිත යුගය යටතේ වැනසී ගිය සංස්කෘතික අනන්‍යතාවය හා ජාතික අභිමානය යළි දිනාගැනීමේ ප්‍රයත්නයන් මඟින් එම ගවේෂණය පණගන්වනු ලැබ තිබුණි. ඔහු සමාජ යහසාධනය, සංස්කෘතික වර්ධනය හා ජාතික ස්වයං අවබෝධය සඳහා වූ දැඩි ශක්තියක් මුදා හැරියේය.

පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 42 වැනි ගුණසමරුව මාර්තු 25 දින පෙ.ව. 9.00ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් අනු නාහිමි මුලසුන හොබවන මෙහි ප්‍රධාන දෙසුම හිටපු අගනිවිසුරු සරත් එන්.සිල්වා මහතා විසින් සිදුකරනු ලබයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්