එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මියගිය කොටියාට පණදෙන සූදානමක් ගැන තොරතුරු වන්නියෙන් හමුවෙයි

මියගිය කොටියාට පණදෙන සූදානමක් ගැන තොරතුරු වන්නියෙන් හමුවෙයි

මෙහෙයවන්නේ ස්විට්සර්ලන්තයේ සංතෝෂම් මාස්ටර්
නිරායුධ පොලිස් නිලධාරියකුට කොටි ප්‍රහාරයක්
අවි ආයුධ තොගයක් හා රාජ්‍ය විරෝධී පත්‍රිකා හමුවේ

රාජ්‍ය විරෝධී පත්‍රිකාවක්

කොටි සැකකරු සැඟවී සිට ඇත්තේ දෙමළ සන්ධානය වෙනුවෙන් අඬන කාන්තාවකගේ නිවසේ

ශ්‍රී ලංකාවාසීන්ට දශක තුනක් පුරා භීෂණය වැපිරූ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ දී යුද හමුදා ප්‍රහාරයකින් අවසන් ගමන ගියේ 2009 මැයි මස 19 දාය. එදිනට පසු ලංකාවේ කොටි ක්‍රියාකාරකම් ද නැවතුණි. ලංකාවට සාමය උදා කළ දිනය ලෙස මැයි 19 දින සලකන්නේ ද ඒ නිසාමය. එම දිනය උත්සවශ්‍රීයෙන් සමරන්නේ ඒ නිසාය. ඒ අනුව විජයග්‍රහණයේ පස්වන සැමරුම එළඹෙන මැයි 19 දාට යෙදී ඇත.

පස්වන සැමරුමට ලකලෑස්ති වෙද්දී රටට ගෙන ආවේ නරක ආරංචියකි. ඒ අසුබ ආරංචිය නම් එල්ටීටීඊ ය නැවත ප්‍රතිසංවිධානය වන බවටය. මියගිය කොටියාට ඔක්සිජන් ලබා දී නැවත පණදීමට දරනු ලබන උත්සහයන් පිළිබඳව ආරංචි ලැබු‍ෙණ් අද ඊයේක නොවේ.

ප්‍රභාකරන් මැරුණ දා සිට එවැනි ආරංචි ලැබුණි. විදෙස්ගත දෙමළ ඩයස්පෝරාව එම කටයුත්තේ මූලිකත්වය ගෙන කටයුතු කරන බවට මුළු ලෝකයටම රහසක් නොවේ. නමුත් ඩයස්පෝරාවේ අරමුණ වෙනුවෙන් ශ්‍රී ලංකා භූමිය තුළ බෙදුම්වාදී ක්‍රියාකාරකම් කෙරෙන බවට පිළිගත හැකි සාක්ෂි ලැබී නොතිබුණි.

නමුත් දැන් තත්ත්වය වඩා භයානකය. එල්ටීටීඊයේ ප්‍රතිසංධානයක් පිළිබඳව තොරතුරු පමණක් නොව ක්ලේමෝ බෝම්බ සමඟ අවි ආයුධ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එල්ටීටීඊ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) උප පොලිස් පරීක්ෂකවරයෙකු ද තුවාල ලබා ඇත.

කොටි පුනරාගමනයේ තොරතුරු හෙළිවන්නේ පෝස්ටර් සිද්ධියකිනි. දිනය ඉකුත් මාර්තු 05 දාය. මේ වන විට යුද්ධයෙන් විනාශ වූ උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චි සිට පලෙයි දක්වා වූ කොටසේ දුම්රිය පාර ඉදිකර තිබූ අතර එය විවෘත කිරීමට තිබුණේ සතියක කාලයකි. පලෙයි දුම්රිය ස්ථානය විවෘත කිරීම යෙදී තිබුණේ ප්‍රභූ පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

ඒ නිසා පලෙයි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු පිළිබඳව වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කර තිබුණි. ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදුන පොලිස් කණ්ඩායමකට යතුරුපැදියකින් පැමිණ පෝස්ටර් අලවමින් සිටින තරුණයන් දෙ‍දෙනෙකු දක්නට ලැබුණ අතර පොලිස් නිලධාරීන් තරුණයන් දෙදෙනා හා පෝස්ටර් පරීක්ෂාවට ලක්කළේය.

දැන් උතුරේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණය තුළ විවිධ පක්ෂ හා සංවිධාන ආණ්ඩුවට විරුද්ධව විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් ඇලවීම සාමාන්‍ය දෙයකි. කෙසේ නමුත් පරීක්ෂාවට ලක් වූ තරුණයින් දෙදෙනා සතුව තිබූ පත්‍රිකාවල වෙනසක් තිබුණි. එම පත්‍රිකාවල අඩංගු කරුණු අතිශය රාජ්‍ය විරෝධී වූ අතර එල්ටීටීඊ හිතවාදී කරුණු වූහ.

ඒවායේ සදහන්ව තිබුණේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා එක්වන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීම්ය. එම නිසා ඉතිරිව තිබූ පෝස්ටර් පත්‍රිකා තොගයත් සමඟ තරුණයන් දෙදෙනාව සැක පිට පොලිස් අත්අඩංගුවට පත්විය. තරුණයන් දෙදෙනා අගස්තියන් ඥානසීලන් (28) හා කුලසංකර් (34) ලෙස හඳුනා ගනු ලැබීය.

මෙම තරුණයන් දෙදෙනාම වන්නියෙන් පිටස්තර පදිංචිකරුවන් වූ අතර ඔවුන්ගේ විවාහයන්ගෙන් පසුව වන්නියේ පදිංචියට පැමිණ තිබුණි. අගස්තියන් ඥානසීලන් හිටපු කොටි ප්‍රබලයකු බවට ද ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු හෙළිවුණි.

“මේ පත්‍රිකා කොහෙන්ද?” ප්‍රශ්න කෙරුනි.

“සන්තෝෂම් මාස්ටර් කියලා කෙනෙක් ස්විට්සර්ලන්තයේ ඉඳලා මට දුරකථනයෙන් කථා කරනවා. එයත් කලින් එල්ටීටීඊ එකේ හිටපු කෙනෙක්. එයාගෙ උපදෙස් අනුව ‘ගෝබි’ කියලා ‍කෙනෙක්ගෙන් තමයි මේ පෝස්ටර් ගත්තෙ” ඥානසීලන් හෙළිකළේය.

තත්ත්වය සිතුවාට වඩා බැරෑරුම් බව පොලිස් කණ්ඩායමට වැටහුණි. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ (TID) හා රාජ්‍ය බුද්ධි ඒකකයේ කණ්ඩායම් දෙකකට පැවරුණි. පරීක්ෂණ පැවැත්වූ පොලිස් බුද්ධි අංශ නිලධාරීහු කරුණු රැසක් හෙළි කර ගත්තෝය.

ඒ අනුව මේ වන විට මෙහි මොළකරු ලෙස හඳුනාගෙන ඇත්තේ සං‍තෝෂ් මාස්ටර් නැමැත්තෙකි. යුද සමයේ මුලතිව් අලම්පිල් ප්‍රදේශයේ කොටි නායකයකු ලෙස කටයුතු කර ඇති ඔහු යුද්ධය අවසානයත් සමඟ හමුදා අත්අඩංගුවට පත්ව තිබේ. අනතුරුව වවුනියාව ඕමන්ත පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන කාලය අවසන් කර මීට වසර කීපයකට පෙර නිදහස ලබා ඇත.

ගෝබි

නිදහස ලැබීමෙන් පසුව ඔහු කෙසේ හෝ දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට ගොස් ඇත. ස්විට්සර්ලන්තයේ සිට එල්ටීටීඊ ප්‍රතිසංවිධාන කටයුතු අරඹන ඔහු ලංකාවේ එම කටයුත්ත භාර කරනුයේ ‘ගෝබි’ නැමැත්තාහටය.

ස්විට්සර්ලන්තයේ සං‍තෝෂම් මාස්ටර් සමඟ එක්වන ගෝබි හෙවත් කජීපන් පොන්නයියා සෙල්වනායගම් උතුරේ මේ කටයුතු ආරම්භ කර ඇත්තේ ඉතා උපක්‍රමශීලීවය.

ඔහු මුලින්ම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රචාරක කටයුතු සඳහා යැයි පවසමින් හිටපු කොටි සාමාජිකයන් පිරිසක් නැවත එක් රැස් කරගෙන ඇත. අනතුරුව උතුරු ප්‍රදේශය කලාපවලට බෙදා ඔවුන්ට පවරා තිබේ.

පොලිස් අත්අඩංගුවට පත් අගස්තියන්ට භාර දී ඇත්තේ පලෙයි සිට යාපනය දක්වාය. කුලසංක‍ර්ට පලෙයි සිට ප‍රන්තන් දක්වා භාර දී තිබේ. එසේම තමා එක් රැස් කරගත් කණ්ඩායමට පැවරූ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ආහාර පාන හා ප්‍රවාහන කටයුතු වෙනුවෙන් මුදල් ද ‍ගෝබි ලබා දී ඇති බව හෙළිවී ඇත. ඔහුට මුදල් ලැබී ඇත‍්තේ සන්තෝෂම් මාස්ටර්ගෙනි.

ආරක්ෂක අංශ මෙම කණ්ඩායමේ හය දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ගෝබි සොයා කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ නිවසකට ගිය පොලිස් නිලධාරියකුට වෙඩි තබා පලා යාමට ගෝබි සමත් විය. නිරායුධව සිටි අදාළ පොලිස් නිලධාරියා එම නිවසේ පුටුවක වාඩි වී කතාකරමින් සිටිය දී ඒ අසල ඇඳක් යට සිටි ගෝබි පොලිස් නිලධාරියාට වෙඩි තබා පලාගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම නිවස හා එහි පදිංචිකරුවන් පිළිබඳව ආරක්ෂක අංශ කළ පරීක්ෂණවලදී එළිවී ඇත්තේ ජෙයකුමාරී බාලේන්ද්‍රන් නම් කාන්තාවක් සිය දියණියත් සමඟ එහි ජීවත්වන බවය. එසේම ඇය දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව කටයුතු කරන බවට ද තොරතුරු හෙළි විය.

දෙමළ ජාතික සන්ධානය සංවිධානය කරන උද්ඝෝෂණවල දී නිතර දක්නට ලැබෙන අම්මාවරුන් හඬන අවස්ථා සඳහා යොදා ගන්නා බව ද පැවසේ. ඒ ඇයගේ දරුවෙකු අතුරුදහන් වී ඇතැයි කියමිනි. ඇය ඉතා හොඳින් හඬන බැවින් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් උතුරේ සංචාරය කරන අවස්ථාවලදී ජෙයකුමාරීව ඉදිරියෙන්ම යැවීමට දෙමළ සන්ධානය කටයුතු කර ඇත. ඇගේ නිවසේ දී පොලිස් නිලධාරියා වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව මේ වන විට ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගේ දියණියව පරිවාස භාරයට පත්කර ඇත.

ජෙයකුමාරි වෙනුවෙන් උද්ඝොෂණය කරන මහ ඇමැති විග්නේෂ්වරන් හා දෙමළ සන්ධානය

මේ අතරේ ගෝබිගේ කණ්ඩායමෙන් ලැබුණු තොරතුරු අනුව වළ දමා තිබූ ආයුධ තොගයක් විශ්වමඩු ප්‍රදේශයෙන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

ඒ අතර මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 5ක්, එන් 81 මෝටාර් උණ්ඩ 2, ආර්.පී.ජී. උණ්ඩ 2, කිලෝ 5ක් බර ක්ලේමෝ බෝම්බයක්, ටී56 උණ්ඩ 375ක් හා තමිල්ගුණ්ඩු 3 (එල්ටීටීඊ සංවිධානය නිෂ්පාදනය කළ අත්බෝම්බ) විය. මේ තොරතුරු ලබාදුන්නේ ගෝබි සමග එක්ව කටයුතු කර අත් අඩංගුවට පත් රවීන්ද්‍රන් මදිනි නම් කාන්තාවය.

විශේෂත්වය වන්නේ මේ ආයුධ කොටි සංවිධානය බිඳ වැටෙන අවස්ථාවේ වළ දමා තිබී පසුව ගොඩගෙන නැවත අලුත්වැඩියා කර සුරක්ෂිතව වළ දැමූ ඒවා වීමය.

එසේම ගෝබි සිය කණ්ඩායම හරහා උතුරු ප්‍රදේශයේ හිටපු කොටි සාමාජිකයන්ට අවි ආයුධ ඇත්නම් හෝ වළ දැමූ ස්ථාන දන්නේ නම් ඒවා තමන්ට භාර දෙන ලෙස දන්වා ඇති බවට ද මේ වන විට හෙළි වී ඇත.

‍ෙම් අතරේ දෙමළ ජාතික සන්ධානය හා කොටි ඩයස්පෝරාව ජෙයකුමාරී අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

ගෝබි සිය නිවසේ ඇඳක් යට සඟවා තබාගත් ජෙයකුමාරී දැන් ජිනීවා වල ද අවධානයට ලක් කිරීමට ඔවුන් කටයුතු කර ඇත. හිටපු කොටි සාමාජිකයෙක් හා දැන් ස්විට්සර්ලන්තයේ සිටින සංතෝෂම් මාස්ටර් ගෝබිව මෙහෙයවූයේ තනිවම විය නොහැකිය.

ඔහු සමඟ කොටි ඩයස්පෝරාව සිටිය යුතුය. ‍මේ අතර දෙමළ ජාතික සන්ධානය තමන්ගේ යොවුන් පෙරමුණක් ගොඩනැඟීමට සූදානම් වෙයි. එහෙත් මෙහිදී සිහිකර ගත යුත්තේ හැත්තෑව දශකයේ දී උතුරේ සන්නද්ධ අරගලය පිළිබඳව විශ්වාසය තැබූ තරුණයන්ට දේශපාලන මුහුණුවරක් ලබා දුන්නේ එවකට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ පෙරමුණය.

පසුකාලීනව බිහි වූ දරුණු ත්‍රස්තවාදීන් බොහොමයකගේ තිඹිරිගෙය වූයේ එම තරුණ පෙරමුණයි. එබැවින් දෙමළ ජාතික සන්ධානය බිහි කරන යොවුන් පෙරමුණ එවැනි තිඹිරිගෙයක් වුවහොත් රටේ අනාගතය නැවත් අදුරු වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා රජය ජිනීවාහි දී කොටි සංවිධානය නැවත සංවිධානගත වීමට දරන උත්සාහය පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කර ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්