එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මර්සි  ජවනිකාවක නිමාව

මර්සි  ජවනිකාවක නිමාව

මර්සි එදිරිසිංහ නමැති කලාකාරිණිය අර්නස්ට් පෝරුතොට ගරු පියනමගේ මාහැඟි සොයාගැනීමක් බව මම අසා ඇත්තෙමි. ඇගේ කලා ජීවිතයේ තිඹිරි ගෙය වූයේ අපේ රටේ බොහෝ කලාකරුවන් දොරට වැඩි පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායමයි. මර්සිගේ ගායන කෞශල්‍යය ඔප් නැංවුණේ ඒ ඔස්සේය.

ජී.රංගනාත්ගෙන් උඩරට නැටුම්, ජයතිස්ස අලහකෝන්ගෙන් සංගීතය හා ගායනය හැදෑරූ මර්සි වැලිකල රත්නගේ ‘උගුරට හොරා බේත්’ නම් වූ වේදිකා නාට්‍යයෙන් රංග කලාවට අවතීර්ණ වූවාය.

මර්සි, ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ගේ ප්‍රමුඛත්වයෙන් යුතු ‘අපේ කට්ටිය’ නාට්‍ය කලා සංවිධානයට එක්වීම ඇගේ රංග කලා භාවිතාවේ සුවිශිෂ්ට කඩඉමකැයි සිතමි.

ඇය එහිදී නියෝජනය කළේ අපේ කට්ටියේ දෙවැනි පරපුරය. විමල් කුමාර ද කොස්තා, යූ.ආරිය විමල්, බන්දුල විතානගේ, දයා තෙන්නකෝන් එකී පරම්පරාවේ ඇගේ සමකාලීනයෝ වූහ. සුගතපාලගේ ‘දුන්න දුනු ගමුවේ’, ‘හිත හොඳ අම්මණ්ඩි’, ‘නිල් කට්රොල් මල්’, ‘මුතු කුමාරි’, ‘තුරඟ සන්නිය’ වැනි නාට්‍යවල මර්සි විවිධ චරිත රංගනයෙන් ස්වකීය රංග මහිමය විදහා පෑවාය.

කෙසේ වෙතත් මර්සි නාට්‍ය කලා ප්‍රේක්ෂකයන් ගේ තියුණු ආකර්ෂණය දිනාගත්තේ චන්ද්‍රසේන දසනායකගේ ‘රන්කඳ’ නාට්‍යයේ ට්‍රික්සිගේ චරිතයෙනි. එය හාස්‍ය උපදවන ආකාරයේ අපූර්ව චරිත රංගනයක් වූයේය.

එසේම මර්සි, පතිරාජ එල්.එස්.දයානන්ද ගේ ‘කවුරුවත් එන්නේ නැහැ’ නාට්‍යයේ ගැඹුරු චරිතාංග නිරූපණයක යෙදුණාය. මෙම නාටකයට ඇතුළත් වූයේ චරිත දෙකකි. ඉතා අසීරු වූත් ඒ නිසාම අභියෝගාත්මක වූත් ඒ චරිතය මර්සි රඟපෑවේ ඇගේ සියලු සමකාලීන වේදිකා නාට්‍ය නිළියන්ට නොදෙවැනි වන පරිද්දෙනි.

ඒ හැරුණු කොට ‘අඹුසැමියෝ’, ‘මූදු පුත්තු’ (නව නිෂ්පාදනය) ‘තාරාවෝ ඉගිලෙති’, ‘විශ්ව සුන්දරී’ වැනි නාට්‍යවලට ද ඇය රංගන දායකත්වය දුන්නාය. මෙයින් ‘විශ්ව සුන්දරී’ ඇගේම නිෂ්පාදනයකි.

මර්සි චිත්‍රපට කීපයක ද රඟපා ඇත. ‘දියමන්ති’, ‘වල්මත් වූවෝ’, ‘පළගැටියෝ’, ‘නුවන් රේණු’, ‘සක්විති සුවය’ ඉන් කිපයකි. එයින් ඇගේ වඩාත්ම සාර්ථක රංගනයක් දක්නා ලැබුණේ ‘පළගැටියෝ’ චිත්‍රපටයේය. ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන ක්‍රමක්‍රමයෙන් තරුණ විය ඉක්මවා යන ගැහැනියක ලෙස ඇය කළ රංගනය නොමඳ විචාරක ප්‍රශංසාවක් ලබා ගත්තේය.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස ද රූපවාහිනී හඬකැවීම් ශිල්පිනියක ලෙස ද මර්සි පෑ කුසලතාව විශිෂ්ට වූවකි. ‘හන්දියේ ගෙදර’ ගුවන්විදුලි හඬ නළුවේ ඇය රඟපෑ මිසිස් ටූලිට්ල් ගේ චරිතය ශ්‍රාවක ප්‍රසාදය දිනාගත්තේය. ‘වජිරා’, ‘සමනල බැද්ද’ ඇය රඟපෑ තවත් ගුවන්විදුලි නාට්‍ය කීපයකි.

විනෝද සමය නම් වූ අතිශය ජනප්‍රිය විකට විචිත්‍රාංගයට සම්බන්ධ වූ මර්සි ඒ ඔස්සේ ඇගේ තවත් කලා හැකියාවක් මූර්තිමත් කළාය. ටයිටස් තොටවත්තගේ ‘රසාර’ වැඩසටහනේ බගලවතී ඉස්කෝලේ හාමිනේගේ චරිතය එහිම වර්ධනීය අවස්ථාවක් බඳුය.

මර්සි වැනි රංගනයෙන්, ගායනයෙන් සුවිශද ප්‍රතිභාවක් පෑ කලාකාරිණියක් රටට, ජාතියට අහිමිවීම අපිරිමිත පාඩුවක් බව අවසාන වශයෙන් සඳහන් කරමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්