දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සුමිගෙන් අහන්න

‘ඇස් දෙක පියාන’ ගීතය හොඳට ගයන්නේ කවුද?

කළුතර උතුරේ තොටුපළ පාරේ සිරි අබේසේකර

ප්‍රශ්නය - ජෙනිටා සමරවීර මුලින්ම රඟපෑවේ ‘සුරේඛා’ චිත්‍රපටයේ ද?

පිළිතුර - නැහැ. ඇය ඊට ඉහත ‘සිඟිති සුරතල්’ චිත්‍රපටයේ රඟපා තිබුණා.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - සමහර කලාකරුවන්ට දිය හැකි තවත් සම්මාන මොනවා ද?

පිළිතුර - කලා විදූෂක, කලා විභීෂණ, කලා දූෂණ වගේ සම්මාන ගණනාවක්ම තියෙනවා.

ගම්පහ අඹන්වල සිරිවර්ධන

ප්‍රශ්නය - ‘වක්ත්’ නමැති හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද?

පිළිතුර - යෑෂ් චොප්රා

කුලියපිටියේ අනුර කන්දේරා

ප්‍රශ්නය - සාහිත්‍යධර ජී. බී. සේනානායකට ආචාර්ය උපාධියක් පිරිනැමීම ගැන ඔබේ අදහස කුමක් ද?

පිළිතුර - පිරිනැමීම හොඳයි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළානම් ඔහුට අදීන ලේඛකයෙක් වෙන්න තිබුණා. මගේ පෞද්ගලික අදහස ඔහු එය භාර නොගත්තා නම් හොඳයි කියායි.

පාදුක්කේ ගලගෙදර කොලින් පද්මපෙරුම

ප්‍රශ්නය - වික්ටර් + ඉන්ද්‍රානි ගයන ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ’ ගීතය ඇතුළත් චිත්‍රපටය කුමක් ද?

පිළිතුර - සදහටම ඔබ මගේ.

පිළියන්දල මිරිස්වත්තේ චාමර විජේසිංහ

ප්‍රශ්නය - ටොරින්ටන් චතුරශ්‍රය ධර්මපාල චතුරශ්‍රය යනුවෙන් නම් කළොත් නරක ද?

පිළිතුර - ඉතාම හොඳ අදහසක්.

රත්නපුරේ සරත් එම්. හේවා

ප්‍රශ්නය - ‘සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම ගයන ‘කඳ සුරිඳුනි’ ගීතය ගැන ඔබේ අදහස් දක්වන්න?

පිළිතුර - මා කතරගම දෙවියන් විශ්වාස කරන්නේ නැහැ. ඒත් කතරගම දෙවිඳුන් ගැන ගැයුණු සියලු ගී අතරින් හොඳම ගීතය මෙයයි. අමරදේවයන්ගේ ‘කදිර සුරිඳුනේ’ ගීතයටත් වඩා මෙය සාර්ථකයි.

දොඩන්දූවේ නාලක බදුගොඩහේවා

ප්‍රශ්නය - ‘ඇස් දෙක පියාන නිදාගන්න මට බැහැ’ ගීතය වඩාත් හොඳින් ගයන්නේ රූකාන්ත ද? ශිහාන් මිහිරංග ද?

පිළිතුර - මං හිතන්නේ ශිහාන්ගේ ගීතය වඩාත් රසවත්.

මරදානේ එච්. පී. සැමුවෙල්

ප්‍රශ්නය - ‘රත්තන්’ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරන්න?

පිළිතුර - එම්. සදික් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ කරන් දේවාන්, ස්වර්ණලතා ප්‍රධාන චරිත රඟපෑවා. සංගීතවත් කළේ නෞෂාඩ්.

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - අපේ රටේ මිනිසුන් චිත්‍රපට, නාට්‍ය නැරැඹීමට වඩා වැඩි මුදලක් ලොතරැයි මිලදී ගැනීමට යොදවන්නේ යැයි කියන්නේ ඇත්ත ද?

පිළිතුර - ඔව්. ඒ බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මත්තෙගොඩ කිරිගම්පමුණුවේ කිත්සිරි ඒ. මද්දෙවිතාන, කන්දෙගෙදර කිත්සිරි ජයසේන, අවිස්සාවේල්ලේ පී. වයි. අනුලාවතී, මඩාටුගම ජනක රත්නායක, කුරුණෑගල ශාමිණි කරුණාරත්න, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, මඩකළපුවේ ඩුෂානි සසිදරන්, පන්නිපිටියේ ප්‍රේමා පතිරගේ, කපුගොඩ මාළිඳ සරත් රණසිංහ, කැලණිය වනවාසල චන්ද්‍රානි ශ්‍රියාලතා, කුලියපිටියේ මෛත්‍රි පෙරේරා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්