දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


විජේ මල්ලිගෙ කොලම

විජේ මල්ලිගෙ කොලම

විජේ මල්ලි ලාස්ට් සන්ඩේ කොලම් එකේ මිනි බැට්ල්ස් ගැන කියද්දි ඩ්‍රාමා ෆීල්ඩ් එකේ ලිටරෙරි ෆීල්ඩ් එකේ බැට්ල්ස් ගැන කිව්වට දෙවැනි එක ගැන ලියන්න කියන්න ස්පේස් නැති වුණානේ කොලම් එකේ. 29 දා තියෙන පොලිටිකල් බැට්ල් එක නම් විජේ මල්ලිට මීටර් වෙන්නෑ. මොකද ඒ වයේ කිසිම රහක් නැති නිසා. මෙලෝ රහක් නැති පතෝල ව‍ගේ. ඒ වුණාට ඩ්‍රාමා, ලිට්රේචර් එහෙමද? නැගල යනවා එකසිය අසූගාණට. ඩ්‍රාමා සීන් එක නම් ඉවරයි. රිසල්ට් අහන්න මාර්තු මැද වෙනකල් ඉන්න වෙනව කියන්නෙ.

හැබැයි ජජස්ල කොම්පියුටර් ජිල්මාට් දාලා රිසල්ට් එක වෙනස් කරයි ද කියල විජේ මල්ලිට නම් සැකයක් නෑ. ඒත් ඔය කම්පිටිෂන් එකේ ෂෝට් ලිස්ට් කරන්න පුළුවන් හතර පස්දෙනා නම් හිතාගෙන ඉන්නෙ ඒ ගොල්ලන්ගෙ ප්‍රොඩක්ෂන් එක ද බෙස්ට් කියලනේ. ඒත් ඕනම කම්පිටිෂන් එකක ද බෙස්ට් තුන හතරක් තියෙන්න බැරි වග විජේ මල්ලි නම් දන්නවා. ඒ වුණාට උණහපුලුවටත් උගේ පැටියා මැණිකක්ලු නේ. ඕන්න ඩ්‍රාමා මෙගා සීන් එකේ අන්තිම එපිසෝඩ් එකත් පෙන්නුවනේ. දැන් ඉතින් ෆයිනල් රිසල්ට් එක එනවුන්ස් කරන කල් බී.එම්.අයි.සී.එච්. එකේ ගහක් යටට වෙලා රටකජු පැකට් එකක්වත් කකා ඉමු නේද?

ඕකේ, දැන් අපි ටියුන් කරමුකො ලිටරෙරි චැනල් එකට. ඒකෙන් බැට්ල්ස් කීයක් පෙන්නනවද! ස්වර්ණ පුස්තක මිනි බැට්ල් එක, ඊළඟට විද්යෝදෙත් මිනි බැට්ල්ස් නේ, කැටගරි හතරයි, නෝ කෑෂ් එවෝඩ්ස්. මෙගා බැට්ල්ස් තියෙන්නෙ දියවන්නාවෙ ස්ටේට් කට්ටියයි මරදානෙ කට්ටියයි පෙන්නන ෂෝස්වල. ස්වර්ණ පුස්තකේ වුණත් මිනි බැට්ල් එකක් වගේ පෙනුනට ඒකෙ එවෝඩ් ප්‍රයිස් එක නිසා මෙගා සයිස් එකට වැටෙනවා. හාෆ් අ මිලියන් රුපීස් කියන්නෙ ෂිඃ පොඩි ‍පහේ කෑෂ් ප්‍රයිස් එකක්ද! ඒ කම්පිටිෂන් සීන් එකට එන්ටර් වෙලා ඉන්න කැප්ටන්ලගෙ නම් ලිස්ට් එක බැලුවම විජේ මල්ලිට තරු විතරයි පෙනුණෙ නැත්තෙ. මේල් කැප්ටන්ල වගේ ෆීමේල් කැප්ටන්ස්ලත් ග්‍රවුන්ඩ් එකේ.

බයේ බෑ රිසල්ට් එනවුන්ස් කරන කොට මෙගා සයිස් එකෙන් ගේම් එක ඉවර වෙයිද කියලා. තාරකාලා, සේපාලිලා, කරුණලා, සුනේත්‍රල, ශාන්තිලා වගේ විමෙන් ක්‍රිකට් කැප්ටන්ලා එක පැත්තක. අනිත් පැත්තෙ ටීම් එකනේ ටීම් එක. අමරකීර්ති, කම්මැල්ලවීර, වෙඩිවර්ධන, විජේමාන්න, මඩවල, සේනානායක, සූරියආරච්චි, මහේන්ද්‍ර පල්ලියගුරු, ඉලයප්පාරච්චි, පෙරේරා මහඋල්පත, දිසානායක. ඩ්‍රාමා බැට්ල් එක ‍ෙමාකක්ද මේ නවල්ස් බැට්ල් එකත් එක්ක‍.

බලාගෙන යන කොට ස්වර්ණ පුස්තක බැට්ල් එක මිනි බැට්ල් එකක් නෙවි, රෝයල් තෝමියන් වගේ ත්‍රී ඩේ බිග්මැච් එකක් සයිස්. විජේ මල්ලිට මීටර් වෙච්ච කැප්ටන්ස්ලා, ඇරුණම තව අලුත් කැප්ටන්ස්ලා කී දෙනෙක් ඉන්න පුළුවන් ද මෙදා සැරේ ෆයිට් එකේ? ඔය ඇනුවල් සීරීස් ඕගනයිස් කරන කට්ටියට තියෙන ලොකුම චැලේන්ජ් එක වෙන්න පුළුවන් ඔය බැට්ල්ස් වලට ජජස්ල අම්පයර්ස්ලව හොයාගන්න එක. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ, ඊට පස්සෙ මිඩ්ල් ස්ටේජ් එකේ අන්තිම ලාස්ට් ෆයිනල් පැනල් එකේ ජජස්ලා පිටරටවලින් ඉම්පෝට් කරන්න වෙයිද කියලා වෙලාවකට හිතෙනවා. මරදානෙ කට්ටිය එක්ක ඉන්න ජජස්ලව, ස්වර්ණ පුස්තකේට හරියන් නෑ.

ඒ දෙකේම ඉන්න කට්ටිය දියවන්නාවෙ කල්චරල් පැනල්ස්වලට ඔට්ටු නෑ. විද්යෝදෙ කට්ටිය මේ එකකටවත් නෑ. මාර සයිස් එකක ගේමක් මේක. මරදානෙයි දියවන්නාවෙයි සීන්ස් මෙගා වෙන්නෙ, ඒවයෙ කැටගරීස් ගාණ වැඩි නිසා. නවල්ස් ද පොයට්‍රි ද ලිරික්ස් ද ක්ලැසික්ස් ද, ට්‍රාන්ස්ලේෂන්ස් ද, ඩ්‍රාමා ද, චිල්ඩ්‍රන්ස් ද, මාස්මීඩියා ද ෂෝට් ස්ටෝරීස් ද අරකද මේකද කියල කැටගරීස් ටික බැලුවම ස්වර්ණ පුස්තක ජජස්ලට වගේම විද්යෝදෙ ජජස්ලටත් තියෙන්නෙ ඒ තරම් ‍ෙලාකු සීරියස් ටාස්ක් එකක් නෙවි. හැබැයි මේ ඔක්කොම ‍ෙග්ම්ස් අතර නම්බර් වන් වෙන්නෙ ස්ටේට් වැඩේ නිසා ඒකෙ තියෙන ලිටරරි පැනල් එකට මේ දවස්වල නින්ද යන්නෙ නැතුව ඇති.

කොහෙන්ද යකඩෝ, පැනල් ඔෆ් ජජස්ලව හොයන්නෙ කියලා. අවුරුද්දෙ තර්ඩ් ක්වාටර් එක වෙනකොට, ෆයර් වර්ක්ස් බලන්න ලෑස්ති වෙලා ඉමු කට්ටිය. හෙට අනිද්දා ක්‍රිකට් ෆීල්ඩ් එකේ ලයින් අප් වෙලා තියෙන ඒෂියන්ස් කප් එකවත්, 20/20 වර්ල්ඩ් කප් ක්‍රිකට්වත්, සෙප්ටෙම්බර් ලිටරරි බැට්ල්ස් තරම් නැගල යන එකක් නෑ කියලයි විජේ මල්ලිගෙ කල්පනාව. විජේ මල්ලි කියන්නෙ බොරුද කියල ඩිංගක් හිතල බලන්නකො. බැට්ල් ෆීල්ඩ්ස් නම් කමක් නෑ කිලින් ෆීල්ඩ්ස් වෙන්නෙ නැතුව. කිලින් ෆීල්ඩ්ස් සීන් තිබුණොත් ඉතින් මාර්ච් 29 ප්‍රොවින්ෂියල් බැට්ල්ස් එක්ක තමයි ඉතින්. ඩ්‍රාමා පොලිටික්ස්, ක්‍රිකට්, ලිටරේචර්, බැට්ල්ස් සීරීස් එකක් ඉස්සරහ ඉන්න විජේ මල්ලි‍ලාගෙ ටීම්ස්වලට, මේව කොහොම සෙලිබ්‍රේට් කරන්න ද කියන එක තමයි ද බිගස්ට් ප්‍රොබ්ලම්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්