දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

පාලිත පෙරේරා

* ඔබේ සම්පූර්ණ නම මොකක්ද?

කුරුප්පුගේ පාලිත චන්ද්‍රසිරි පෙරේරා

* උපන්නේ?

1942 දී.

* ගම කොහෙද?

නුගේගොඩ ගංගොඩවිල. අද නගරයක් වුණාට එදා මේක ගමක්. පන්සල, කුඹුර, ඇළ තිබුණා. පරංගියා කෝට්ටේ ගිය ඇළ ඉවර වුණේ කට්ටිය හන්දියෙන්. කට්ටිය හන්දියේ තමයි අපේ ගේ තිබුණේ.

* අම්මා?

පියසීලි සිසිලියා පෙරේරා.

* තාත්තා?

ලුවිස් පෙරේරා.

* තාත්තා මොනවද කළේ?

ව්‍යාපාරිකයෙක් තාත්තා මරදානේ සිල්ලර කඩ කීපයක් පවත්වාගෙන ගියා.

* පවුලේ කී දෙනයිද?

පස් දෙනයි.

මගේ ලොකු අයියා ගුවන් විදුලියේ ගම්බද ගී ගායකයෙක් විදියට කටයුතු කළා.

* මොන ඉස්කෝලෙටද ගියේ?

කොළඹ නාලන්දා‍.

* පාසලේදී ක්‍රීඩාවට සහභාගි වුණා ද ?

ඔව්. මම ක්‍රිකට් ගැහුවා. ඒවගේ ම මලල ක්‍රීඩා කළා. මගේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණේ පසු කලෙක දේශපාලනඥයකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා.

* ඔබ මධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද?

ලොකු අයියගේ අතේ එල්ලීගෙන තමයි ගුවන් විදුලියට ගියේ. මට ළමා පිටියේ වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ.පී. ගුණරත්න ලියපු ‘වනචර සරණ’ කියන ගුවන් විදුලි නාට්‍යයේ මම තිසාහාමිගේ ළමා කාලයත් තිසාහාමිගේ පුතා ටිකිරිගේ චරිතයත් රඟපෑවා. ඒ තැටිය තාම ගුවන් විදුලියේ සංරක්ෂිතව තිබෙනවා.

* එතකොට ඔබ වෘත්තිය වශයෙන් ගුවන් විදුලියට සම්බන්ධ වුණේ?

1963 දී. ඒ නිවේදකයකු වශයෙන්. ඒ කාලේ ගුවන් විදුලිය හරියට විශ්වවිද්‍යාලය වගේ. මොනතරම් බහුශ්‍රැතයෝද ඒකේ හිටියේ. ඒ අයගේ ඇසුර, ආභාසය ලබන්න අපි වාසනාවන්ත වුණා.

* අපේ රටේ ක්‍රිකට් විස්තර විචාරයේ පුරෝගාමියා ඔබ?

ඊට කලින් ක්‍රිකට් තරගයක් පන්දුවෙන් පන්දුවෙන් විස්තර විචාරය කරලා තිබුණේ නැහැ.

කරුණාරත්න අබේසේකර තරගයක අන්තිම දිනයේ විනාඩි 45 ක පමණ කාලයක් විස්තර විචාරය කළා. 1963 දී තමයි මම ආනන්ද - නාලන්ද ක්‍රිකට් තරගය මුළුමනින්ම පළමු දිනයේ (පළමු පන්දුවේ සිට දෙවැනි දිනයේ අවසාන පන්දුව දක්වා) විස්තර විචාරය කළේ. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් එහි ගුරුවරයකු වූ රඝුනාත් වීරසූරියව මා ඊට එක්කර ගත්තා.

* රූපවාහිනියෙන් ආරම්භක ක්‍රිකට් විස්තර විචාරකයා වුණේ ඔබ?

ක්‍රිකට් විස්තර විචාරකයා විතරක් නෙමෙයි ආරම්භක නිවේදකයා වුණේත් මම. රූපවාහිනි සංස්ථාව විවෘත කරපු දවසේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමරු ඵලකය විවෘත කළාට පසු කැමරාව එල්ලවුණේ මා දෙසටයි. ජාතික රූපවාහිනිය නිල වශයෙන් ජාතියට විවෘත වූ බව ඒ වෙලාවේ මා නිවේදනය කළා. ඊට මාස කීපයකට පස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණා. ඒකේ විස්තර විචාරකයා මම. මට තව කරුණක් කියන්න අමතක වුණා. ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ (නාළිකාව කියන වචනය වැරදියි) ආරම්භක නිවේදකයා වුණෙත් මම. ඒ අනුව රූපවාහිනි සේවා දෙකකම මා ආරම්භක නිවේදකයා. ඒක විශේෂත්වයක් නේද? මේවා පෙර ආත්මයේ කළ කුසල්වල ප්‍රතිඵල .

* ඔබ ගුවන්විදුලියෙන් විශ්‍රාම නොගිහින් ඉල්ලා අස්වුණේ ඇයි?

එකම හේතුව කලකිරීම. ඒකට නිමිත්ත වුණේ එක්තරා සභාපතිවරයෙක්. ඔහු දැන් දිවංගතයි. ඒ නිසා ඒ ගැන මා කතා කරන්න කැමැති නැහැ. කොහොම වුණත් මගේ ඉල්ලා අස්වීමේ ලියුම මහාචාර්ය සරත් විජේසූරියගේ ‘විනයක් නැති රටක’ කියන පොතට ඇතුළත් කරලා තියෙනවා. ඒක ඓතිහාසික ලිපියක්.‍

* බන්දුල වර්ණපුරලගේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය ගැන ඔබ ‘කල්පනා’ සඟරාවට ලියූ කවරයේ කතාව එකල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා.

ඔව් මා දන්නා තරමින් අපේ පුවත්පත් කලා ඉතිහාසයේ ක්‍රීඩාව සම්බන්ධ ලිපියක් ලියලා සී.අයි.ඩී. එකෙන් කුදලාගෙන හතර වැනි තට්ටුවට ගෙන ගිය එකම පුද්ගලයා මම වෙන්න ඇති.

* හතර වැනි තට්ටුවට නඟිද්දී ඔබට මොනවද හිතුණේ?

ඒක හරියට පෙ‍ෙර්තයන් ළඟින තැනක් වගෙයි මට පෙනුණේ. හරිම අඳුරුයි. පඩිපෙළ නඟිද්දී මට දොඩම්පෙ මුදලාලි මතක් වුණා. ඔහු මේ පඩිපෙළ නැඟලා ආපහු බිමට ආවේ ජනේලයෙන්. මටත් එහෙම වේවිද කියන බය මා තුළ ඇති වුණා. පැය හතරක් විතර ඔවුන් මාගෙන් ප්‍රශ්න කළා. එක සී.අයි.ඩී. නිලධාරියෙක් ඇහැව්වා වර්ණපුරලාගෙන් කීයක් සල්ලි අරන්ද ඔය ලිපිය ලිව්වේ කියලා. මං කිව්වා ඒක මගේ ජීවිතයේ අහපු ඉතාම පහත් ම ඉතාම නින්දිතම ප්‍රශ්නය කියලා. පස්සෙ දෙවැනි වතාවටත් මාව හතරවැනි තට්ටුවට ගෙන ගියා. ඒ අවස්ථාවේ නම් පැය දෙකක් විතර කාලයක් තමයි ප්‍රශ්න කළේ.

* ඇත්තටම වර්ණපුරලගෙ සංචාරයේ යථාර්ථය වුණේ මොකක්ද?

අපිට ලිඛිත සාක්ෂි කීපයක් ලැබුණා. ඒවා අති භයානකයි. ඒ පිටුපස්සේ දේශපාලන බලවේගයක් තිබුණා. කැබිනට් එකේ දේශපාලන බල අරගලයේ එක පැත්තක් එයින් ක්‍රියාත්මක වුණා. වර්ණපුරවත් ඒක දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම මුලින් ටෝනි ඕපාත එක්ක ගනුදෙනු කළේ වර්ණපුර නෙමෙයි. වෙනත් ප්‍රබල ක්‍රීඩකයෙක්. ඔහු ටෝනිට ලියූ ලියුම් අපි අතට පත් වුණා. තමන්ට දේශපාලන රැකවරණය තිබෙනවා කියලා ඔහු ලියුම්වල සඳහන් කරලා තියෙනවා.

* කවුද ඒ ක්‍රීඩකයා - දුලිප් මෙන්ඩිස් ද?

මගෙන් අහන්න එපා ඒ කවුද කියලා.

* කොහොම වුණත් වර්ණපුරලා මේ සංචාරයට එක් නොවුණා නම් හොඳයි කියන එකයි මගේ මතය?

ගමනට හේතුව කාරණා ඔබ දන්නේ නැහැ, නායකත්වයට තිබුණු කැපිලි කෙටිලි ඔබ දන්නේ නැහැ. ඇත්තටම වර්ණපුරව ඉවත් කිරීමේ බලවත් කුමන්ත්‍රණයක් තිබ්බා. ගාමිණී දිසානායක ක්‍රිකට් පිල ඉදිරියේ කරපු එක්තරා කතාවකදී වර්ණපුරට ඇඬුණා. ඔහු තනිවුණා. ඒ වෙලාවේ අනිත් අය නිහඬ වුණා. ටෝනි ඕපාත ප්ලෑන් එක ගැහැව්වේ ඒ වෙලාවේ. ඇත්තටම මං කලින් ‍ කිව්ව වගේ ඔහු මුලින් ම කතා කළේ වර්ණපුර එක්ක නෙමේ.

* දුලිප් එක්ක?

අදාළ ක්‍රීඩකයා පසුබාද්දීයි වර්ණපුරව ඇදල ගත්තේ‍.

* අපේ ර‍ෙට් බිහිවුණු හොඳම ක්‍රිකට් නායකයා වර්ණපුර බව ඔබ වරක් මා සමඟ කියා සිටියා.

ඔව්. මම ඒක අදත් කියනවා. ඔහු තමයි එතෙක් මෙතෙක් මෙරට බිහිවුණු උපායශීලීම නායකයා.

* ඔබ දැන් වැඩිය ක්‍රිකට් විස්තර විචාරවල නැත්තේ ඇයි?

මම ප්‍රතිපත්තියක් විදියට රූපවාහිනි තිරය බලාගෙන විස්තර විචාරය කරන්නේ නැහැ. මොකද ඒක වංචාවක්, හොරකමක්. රූපවාහිනි තිරය බලාගෙන විස්තර විචාරය කරන්න කියලා ගුවන් විදුලිය මට දවසක් කිව්වා. මම එය තරයේ ප්‍රතික්ෂේප කළා. මොකද ඒක ආචාර ධර්මවලට පටහැනියි. එතැනදී බොරු කියන්න සිද්ධ වෙනවා. එහෙම බොරු කිව්වම ‍වෙන්නේ විශ්වාසය බි‍ඳෙන එක.

* මං දන්නා තරමින් ඔබ විස්සයි 20 තරගවලටත් විස්තර විචාර කරන්නේ නෑ.

ඔව්. මොකද විස්සයි 20 තරග කියන්නේ රස්තියාදුකාර ක්‍රීඩාවක්. ක්‍රිකට්වල තියෙනවා බේසික්. ඒ කියන්නේ මූලධර්ම. පිත්ත අල්ලන හැටි, පන්දුවට පහර දෙන හැටි. විස්සයි 20 තරග නිසා මේ ඔක්කොම වෙනස් වෙලා.

* අද ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහොම ද?

මීට අවුරුදු තුන හතරකට කලින් මට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් දෙතුන් දෙනා (සංගක්කාර, මහේල, ඩිල්ෂාන්, මාලිංග) විශ්‍රාම ගියාට පස්සේ ඒ රික්තය, ඒ අඩුව පුරවන්නේ කවුද කියන එක. මා කිව්වේ පේන තෙක් මානයක කවුරුත් නැහැ කියලයි. නමුත් දැන් මට පේනවා දක්ෂ තරුණ පිරිසක් ඉන්න බව. ඒක සුබවාදියි.

* ගුවන් විදුලි බලධාරීන් ක්‍රිකට්වලට පාරිභාෂික වචන නියම කිරීමෙන් ඔබ වරක් ලොකු අමාරුවක වැටුණු පුවතක් අප අසා තිබෙනවා.

ආ ඔව්. ඒ අය විකට් එකට වැට, ස්ලිප් වලට ‘ලුහුට්ටා’ කියන්න කිව්වා. ඉතිං මං දවසක් ‘වැට රකින්නා ළඟම ලුහුට්ටන් පේළියක් ඉන්නවා. පළමු ලුහුට්ටා, දෙවැනි ලුහුට්ටා, තුන්වැනි ලුහුට්ටා... දැන් මෙන්න ලුහුට්ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා’ කියලා. මේක අහපු නරඹන්නෝ මට ‘හූ’ කිව්වා. අන්තිමෙට ගුටි නොකයි බේරුණේ.

* ඔබ දේශපාලනඥයන් සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා කීපයක් පැවැත්වූවා. කොහොම ද ඒ අත්දැකීම්?

මට වුවමනා කළේ බී. බී. සී. එකේ හාඩ්ටෝක් වගේ වැඩසටහනක් කරන්න. වරක් මා පැකේජය ගැන එක්තරා දේශපාලනඥයෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කළා. ඔහු මට අහන්න කියලා ප්‍රශ්න වගයක් දුන්නා. එහෙම දෙන ප්‍රශ්න අහන එක මාධ්‍යවේදියකු වශයෙන් අපේ කාර්යභාරය නෙමෙයි. අදාළ වැඩසටහනේදී මා ඒ ප්‍රශ්න ඇසුවේ නැහැ. ඒ නිසා මේ දේශපාලනඥයාට කේන්ති ගියා. ඔහු කිව්වා ඔහේ මොනව ද පැකේජ් එක ගැන දන්නෙ කියලා. මම කිව්වා මං මොනව ද දන්නෙ කියලා දැනගන්න ඔබතුමා මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහල බලන්න කියලා. මං මේක ජනාධිපතිනියට පැමිණිලි කරනවා කියලා ඔහු තර්ජනය කළා. ඇත්තටම ඔහු පැමිණිලි කරලා තිබුණා. ඔය වගේ අප්‍රසන්න අත්දැකීම්වලට අපිට මාධ්‍ය ජීවිතයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

* ඔබ මෙතෙක් ඉදිරිපත් කළ හොඳම ගුවන් විදුලි විචිත්‍රාංගය මොකද්ද?

ගණනාවක් තිබෙනවා. 1970 දී බී. බී. සී. ගුවන් විදුලිය විචිත්‍රාංග තරගයක් තිබ්බා. ඒකට මං ඉදිරිපත් කළේ ලංකාවේ පුනරුත්පත්තිය ගැන කියැවුණු ප්‍රථම කාන්තාව වූ කොත්මලේ ඥානතිලකා ගැන සැකසුණු වැඩසටහනක්. ඇගේ පුනරුත්පත්තිය ගැන වූ කතාවෙන් එච්. එස්. එස්. නිශ්ශංඛ කියල මහත්මයෙක් පොතකුත් ලියලා තිබ්බා. ‘ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රීය පුනරුත්පත්ති පර්යේෂණය හෙවත් නැවත උපන් දැරිය’ නමින්. නිශ්ශංඛ මහත්මයා මහනුවර ධර්මරාජ විදුහලේ ගුරුවරයෙක්.

මේ විචිත්‍රාංගය තරගයෙන් පළමු තැන දින්නා. එම වැඩ සටහන තවමත් ගුවන් විදුලියේ තියෙනවා. ඊට අවුරුදු දහයකට පහළොවකට විතර පස්සේ මට අහම්බෙන් වගෙ ඥානතිලකා මුණ ගැසුණා. එතකොට ඇය නමත් වෙනස් කරගෙන. ඇය කිව්වා, මහත්තයා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. මං ඒකට හේතුව මොකද්ද කියලා හොයලා බැලුවා. පුනරුත්පත්ති කතාව නිසා ඇයට ගොඩක් ප්‍රශ්න ඇවිත්. ඒ නිසා ඇය සමාජයෙන් හැංගිලා වගෙයි ජීවත්වෙලා හිටියේ. ඉතිං මම ඇගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතුයි. කෙසේ වෙතත් අද්විතීය වැඩසටහනක් ඉදිරිපත් කරන්න තිබු අවස්ථාවක් එයින් මඟ හැරී ගියා.

* ඔබට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් එහෙම අද ලැබෙනව ද?

මොන? ඒක මගෙයි බිරියගෙයි බේත්හේත් මිලදි ගන්නත් මදි. ඔබ දැකලා තියෙනවනේ මම යන්නෙ එන්නේ බස්වල. එහෙම යද්දි සමහරු අහනවා අද සර්ගේ කාර් එක ගැරේජ් එකේ ද කියලා.

* ඔබේ බිරිය ගැනත් යමක් කියන්න?

ඇය ලීලා පෙරේරා. වෘත්තියෙන් ගුරුවරියක්. මට මගේ මුළු ජීවිතේටම එක පාසලයි; එක රැකියාවයි; එක බිරියයි. මමත් මගේ බිරියත් ආත්ම ගණනාවක සිට එකට එන බව අපේ කේන්දරේ ලියැවී තිබෙන බව කියැවෙනවා. මගේ පූර්ව ආත්මෙ ගැනත් කේන්දරේ බලපු කෙනා කිව්වා.

* ගිය ආත්මේ ඔබ කවුද?

මම හිමාලයේ සෘෂිවරයෙක්; නැත්නම් ගුරුවරයෙක්. කථනය කියන දේ මට ලැබිලා තියෙන්නේ ඒ ඔස්සේ. මම බොහොම ගැඹුරින් පුනරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක්.

* ඔබේ දරුවන්?

පුතුන් දෙදෙනයි; දියණියයි.

* විනෝදාංශ වශයෙන් මොනව ද කරන්නෙ?

පොත් කියවීම. මට එක් සැරේ පොත් දෙක තුනක් කියවන්න පුළුවන්. මං ‍මේ දවස්වල බොහෝම ආසාවෙන් කියවනවා දීපක් චොප්රාගේ පොත්. ඒවා පුනර්භවය ගැන ලියැවුණු පොත්. මං පොත් කියවීමට දැඩි සේ ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. ඒක දන්න ප්‍රකාශකයන් තුන් දෙනෙක් එච්. ඩී. ප්‍රේමසිරි, අතුල ජයකොඩි හා ප්‍රේම් දිසානායක මට නොමිලේ පොත් ලබා දෙනවා. ඔවුන්ට කෘතඥතා පූර්වක වන්නට මං මෙය අවස්ථාවක් කර ගන්නවා.

* අද ඔබේ දින චර්යාව ගතවන්නේ කොහොම ද?

පාන්දර හතරට විතර මට පුරුද්දකට වගෙ ඇහැරෙනවා. මම මුලින්ම ව්‍යායාම් කරනවා; භාවනා කරනවා. ඊට පස්සේ බුදුන් වඳිනවා. ඊළඟට පරිගණකය ළඟ වාඩිවෙලා අන්තර්ජාලයෙන් පත්තර ටික කියවනවා. පිටරට රූපවාහිනී ප්‍රවෘත්ති බලනවා. ඊමේල් කියවනවා. ක්‍රිකට් විස්තර කියවනවා. මම පරිගණකයට, ඇබ්බැහිවුණු කෙනෙක්. ඔබ දන්නව ද මම උදේ ඉඳගත්තම රෑ 10 විතර වෙනකම් අන්තර්ජාලයේ සිටින බව.

* ඉඳලා හිටලා අඩියක් එහෙම ගහනවා ඇති?

නැහැ මිත්‍රයා. මම සිගරැට් මත්පැන් බොන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි මං නිර්මාංශයි. අපේ මුළු පවුලම නිර්මාංශයි. කොටින්ම අවුරුදු දහයේ මගේ මුනුපුරා පවා නිර්මාංශයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්