දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood News

වංචා නඩුවෙන් ශෝන් කොනරි නිදහස්

ප්‍රවීණ නළු සර් ශෝන් කොනරිට එරෙහිව ස්පාඤ්ඤයේ මාබෙලා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරී තිබුණා. සැබැවින්ම මේ නඩුව ඔහුට සහ බිරියටත් එරෙහිවයි පැවරී තිබුණේ. මේ දෙදෙනාට නැඟුණු චෝදනාව වුණේ ඔවුන් සතුව තිබූ ස්පාඤ්ඤයේ නිවස 1999 දී විකිණීමේදී වංචාවක් සිදුකළ බවටයි.

මේ පිළිබඳ තීන්දුවක් ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම චෝදනාවෙන් ශෝන් කොනරිව නිදහස් කරන බවයි. තව දුරටත් ඔහුට අදාළ පරීක්ෂණ කටයුතු නොකරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

ඒත්, ශෝන් ගේ බිරිය වන මිචලින් රොක්‍යුබර්න්ට නම් නිදහසක් ලැබුණේ නැහැ. ඇයට එරෙහිව නැඟී ඇති චෝදනා තවදුරටත් විභාග කරන්නැයි උසාවියෙන් නියෝග කෙරුණා. ඊට අදාළ විමර්ශන කටයුතු ද දිගටම සිදු කෙරෙන බවයි පැවසෙන්නේ. ශෝන් සහ මිචලින් මේ සුඛෝපභෝගී නි‍ෙවස මිලදී ගත්තේ 1975 දීයි.

මැකින්ටොෂ්ට ජනප්‍රිය පිස්සුව

ජනප්‍රිය නිළියක සහ මෝස්තර නිරූපිකාවක වන කෙලී බෲක් පසුගිය සති අන්තයේදී තමන්ගේ හිටපු පෙම්වතා වූ ඩේවිඩ් මැකින්ටොෂ් හට චෝදනාවක් එල්ල කළා. ඔහු ද හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක්. කෙලී පවසන්නේ ඩේවිඩ් ජනප්‍රිය වන්නට උත්සාහ කරන්නේ තමන්ගේ නම පාවිච්චි කරමින් බවයි.

"ඩේවිඩ් ජනප්‍රියත්වයට හරිම කෑදරයි. මගෙ නම පාවිච්චි කරලා හරි එයා ජනප්‍රිය වෙන්නයි හදන්නෙ. ඒක මට මහ හිසරදයක් එයාගෙ මේ වැඩ වලින් මට අපහාසයක් වෙනවා. අපි දෙන්න අතරෙ සම්බන්ධයක් තියෙන කාලෙදි මට ටිකෙන් ටික තේරුම් ගියා එයා මගේ කරපිටින් ජනප්‍රිය වෙන්න හදනවයි කියල. ඒ නිසා මම එයාගෙන් ඈත්වුණා." කෙලී xබෲක් එලෙස පැවසුවා.

මෙතෙක් කාලයක් අන්තර්ජාලයට එක්කර තිබූ තමන් සහ ඩේවිඩ්ගේ පින්තූර රැසක්ම ඉවත් කළ බවත් කෙලී පැවසුවා.

සුපිරි ගායිකාවගේ අසැබි රංගනය හරිම කැතයිලු

මිලී සයිරස්, සුපිරි ගායිකාවක්. ඇයට තිබෙන ජනප්‍රියත්වය හොඳටම ඇති. ඒත් රසික පිරිස් තව තවත් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් යුතුව ඇය විසින් ඉදිරිපත් කරනු ලබන ඇතැම් නිරූපණ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්වෙලා.

පසුගියදා ලන්ඩනයේ දී පැවැත්වුණු සංගීත ප්‍රසංගයකදී මේ සුපිරි ගායිකාව නිරූපණය කළ එක්තරා 'රංගනයක්' කෙරෙහි මුළු ලොවම අවධානය යොමු කර තිබෙනවා. ගීයක් ගයමින් රංගනයක් ඉදිරිපත් කළ මිලී වෙත එක්තරා රසිකයෙකු අසැබි ඉරියව්වක් පා තිබෙනවා. ඒ බව දුටු ඇය, වහාම ඔහු වෙතට ගොස් වහාම ප්‍රතිචාර දැක්වූවා. මේ සිදුවීමට ගතවුණේ තත්පර කිහිපයක් පමණයි. ඒත් ඒ ක්‍රියාව මහත් ආන්දෝලනයකට ලක්වෙලා.

මීට පෙර පැවැති ප්‍රසංගයකදී ඇය ගීයක් ගයද්දී ඇගේ නර්තන කණ්ඩායමේ නිරූපණ ශිල්පියෙකු ඇමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ලෙස සැරසී සිටියා. ඔහු වෙතට සමීප වෙමින් ගීතය ගායනා කරන අතරේදී ඇය නිරූපණය කළ අසැබි රංගනයට ද බොහෝ දෙනෙකුගේ නොසතුට පළවී තිබෙනවා.

පනහේදී එන්ගේජ් වෙලා

මෑතකදී තිරගත කිරීම ආරම්භ කළ 'ත්‍රී ඩේස් ටු කිල්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන සුරූපී යොවුන් නිළියක් තමයි, ඇම්බර් හර්ඩ්. මේ වන විට 27 වැනි වියෙහි පසුවන ඇය, පසුගියදා විවාහ ගිවිස ගත්තා. ඇගේ මනාලයා, ජනප්‍රිය නළු ‍ජොනි ඩෙප්. ඔහු, ඇම්බර්ට වඩා බොහෝ සෙයින් වයසින් වැඩි අයෙක්. ජොනි මේ වන විට 50 වැනි වියෙහි පසු වෙනවා.

දෙදෙනා මුලින්ම මුණ ගැසුණේ 'ද රම් ඩයරි' නම් වූ හොලිවුඩ් චිත්‍රපටය 2010 දී රූපගත කරන කාලයේදීයි. එතැන් පටන් පසුගිය ජනවාරි මාසය තෙක් පෙමින් බැඳී සිටි ජොනි සහ ඇම්බර්, ඒ මාසයේදී විවාහ ගිවිස ගත්තා. මේ බව මාධ්‍ය ඔස්සේ රටට, ලෝකයට හෙළිදරව් නොකර සිටින්නටයි දෙදෙනාම උනන්දු වුණේ. ඒ වුණත් ඒ රහස කෙසේ හෝ හෙළි වුණා.

පසුගියදා 'ත්‍රී ඩේස් ටු කිල්' චිත්‍රපටයේ මංගල දර්ශනය ඇමෙරිකානු සිනමාහලකදී තිරගත වුණා. එය නැරඹීමට පැමිණි ප්‍රධාන ආරාධිතයන් අතර ඇම්බර් සහ ජොනි ද සිටි බවයි ආරංචි.

'රොබෝකොප්' වීරයාට ඉහළ ප්‍රතිචාර

සිනමා රසිකයන්ගේ ප්‍රසාදය දිනාගත් ජොඑල් කිනමෑන්, දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු ගැන ලොව පුරා අවධානය යොමු වී තිබෙනවා. ඒ, 'රොබෝකොප්' චිත්‍රපටය මේ දිනවල තිරගත වීමත් සමඟමයි. හදිසි අනතුරකින් තුවාල ලබා නැවතත් අර්ධ මිනිසෙකු සහ අර්ධ රොබෝවකු ලෙස ජීවමාන වන විස්මිත වීරයෙකු වටා ගෙතී ඇති 'රොබෝ කොප්' චිත්‍රපටයේ එම චරිතය රඟන්නේ ජොඑල්.

පසුගියදා ඔහු ඉතාම සැහැල්ලුවෙන් යුතුව, බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර සුපිරි හෝටලයක සඳළුතලයට වී කාලය ගත කරන අයුරු කාටත් දැකගත හැකි වුණා. තනිවම නොවෙයි, ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් එක්කයි. දැන් ලොව වටා තිරගත වන 'රොබෝකොප්' චිත්‍රපටය මේ වන විට ඩොලර් මිලියන 40 කට වැඩි ආදායමක් උපයා තිබෙනවා. ඒ සතුටට වෙන්න ඇති ජොඑල්, බ්‍රසීලයේ සංචාරය කරමින් විනෝද වන්නේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්