හෙද පුරප්පාඩු පිරවීම ප්‍රශ්නයක්

දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

රෝහල් සේවා සඳහා හෙද හෙදි පුරප්පාඩු 10,000 ක් පිරවීමට තෝරාගත් පිරිස සම්මුඛ පරීක්ෂණයට කැඳවූ අවස්ථාවේ පැමිණ ඇත්තේ සියයට 60 ක පිරිසක් වන අතර සියයට 40 ක් හෙවත් 4000 පමණ පිරිසක් ඊට සහභාගි වී නැතැයි වාර්තා වෙයි. මේ අනුව අදාළ රැකියා සඳහා සුදුසුකම් ලැබු පිරිස බඳවා ගැනීම ප්‍රශ්නයක් වී ඇත. මෙපමණ විශාල පිරිසක් ඉදිරිපත් නොවීමට හේතුව රැකියාව කෙරෙහි උනන්දුව නැතිකම ද නැතිනම් සුදුසුකම් නොමැතිකම ද යන්න ප්‍රහේළිකාවක් වී තිබේ.

විස්තර »

 

රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරමින් වැලිකඩ බන්ධනාගාර රැඳවියන් රඟ දැක්වූ ‘වීරයෝ මරන්න බෑ’ වේදිකා නාට්‍යය මරදාන ටවර් රඟහලේ දී ගිය සිකුරාදා වේදිකා ගත විය. විශේෂ ආරාධිතයා ලෙස එම අවස්ථාවට සහභාගි වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, චන්ද්‍රසිරි ගජධීර සහ ටී. බී. ඒකනායක යන ඇමැතිවරුන් සමඟ නාට්‍යය නැරැඹූ අයුරු. ඡායාරූපය - විමල් කරුණාතිලක

 

බොරු මත බිඳින්න අපි සූදානම්

ජිනීවා නුවරදී හෙට (3) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඇමෙරිකාවෙන් එල්ල විය හැකි යයි මත පළ කෙරෙන යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එම මත බිඳ දමා රටේ ඇත්ත තත්ත්වය ලොව හමුවේ තැබීමට රජය සූදානම් බවත් ඒ සඳහා ශක්තිමත් නියෝජිත පිරිසක් ජිනීවා බලා යවන බවත් රජය කියයි. මේ සමුළු වාරයට යන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වන අතර ඇමැතිවරයා 5 වැනිදා සමුළුව අමතයි.

විස්තර »

තුන්වැනි අධිවේගී මඟ 8 වැනිදා ඇරේ

මෙරට ජනතාවට පැවරෙන තුන්වැනි අධිවේගී මාර්ගය ලෙසින් කොළඹ පිටත වට රවුම් මාර්ගයේ 1 අදියර වන කොට්ටාව - කඩුවෙල මාර්ගය ලබන සෙනසුරාදා (8) සවස ජනතාවට විවෘත කෙරෙන බව වරාය මහාමාර්ග හා නාවික ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා සිළුමිණට කීය. මේ මාර්ගය විවෘත කිරීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට කඩුවෙල දක්වාම පැමිණීමට හැකි බවත් 2015 වන විට කඩවත දක්වාත් 2016 වන විට කෙරවළපිටිය (කොළඹ - කටුනායක අධිවේගී මඟට සම්බන්ධ වේ) දක්වාත් අධිවේගී මාර්ගය ඉඳි කෙරේ.

කුර හා මුඛ රෝගයට එන්නත් ලක්ෂයක්

මේ දිනවල පළාත් කිහිපයක පැතිර යන ගව සත්ත්ව කුර හා මුඛ රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සත්ත්ව ප්‍රතිශක්තීකරණ එන්නත් ලක්ෂයක් කඩිනමින් නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කුමාර සිල්වා මහතා කියයි.

විස්තර »

දවස් 7 ට ලක්ෂ 25 ක් ඇවිත්

දැයට කිරුළ ප්‍රදර්ශනය නැරැඹීමට සිකුරාදා සවස වන විට පුද්ගලයන් ලක්ෂ 25 පමණ පැමිණ ඇතැයි දැයට කිරුළ ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර පසුගිය 27 වැනිදා දැයට කිරුළේ මාධ්‍ය දිනයේ පමණක් 650000 දෙනා පැමිණි අතර මෙතෙක් දැයට කිරුළට පැමිණි වාර්තාගත ජනතාව මෙවර පැමිණ ඇති බව ද දැයට කිරුළ ලේකම් කාර්යාලය කියයි.

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්