දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


උපුල් නුවන් විදහා

ආදරණීය ඔබේ ප්‍රශ්නවලට ජනප්‍රිය ටෙලි නාට්‍ය, කැසට් නිෂ්පාදක උපුල් ජයසිංහ දෙන හෘදයාංගම පිළිතුරු

ඔබේ ප්‍රශ්න - අදහස් - යෝජනා පහත ලිපිනයට යොමු කරන්න.

‘උපුල් නුවන් විදහා’, ‘රසඳුන’, ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10.

චිත්‍රපටයක දුටු හොඳම විකට ජවනිකාව කුමක් ද?

වාද්දුව දෙදියවල ගාමිණි ගුණතිලක

ඔබේ හිතේ තාමත් රැඳිලා තියෙන චිත්‍රපටියක අඩංගු විකට ජවනිකාවක් කියන්න පුළුවන් ද?

මට ජවනිකා කීපයක්ම එකපාර මතක් වෙනවා. ඒත් අද එකක් කියන්නම්.

යසපාලිතගේ චිත්‍රපටයක්. ප්‍රෙඩී සිල්වගේ ආදරයට නැන්දම්ම විරුද්ධයි.

ඉතින් ප්‍රෙඩී තම ආදරය වෙනුවෙන් උසම වතුරට ටැංකියකට නඟිනවා. දැන් වටේටම සෙනඟ පිරිලා. පහළ නැන්දම්මා ආදි පිරිස උඩ බලාගෙන ඉන්නවා.

ප්‍රෙඩී වතුර ටැංකිය උඩ ඉඳන් පිරිස අමතනවා.

"මම මගේ ආදරය වෙනුවෙන් මගේ ජීවිතය පුදනවා අද. මම දහයට ගණන් කරනකොට මගේ ආදරයට එකඟ වුණේ නැත්නම් මම අද මේකෙන් බිමට පැනලා මැරෙනවා... ඔව් මම සත්‍ය ප්‍රේමය වෙනුවෙන් මගේ ජීවිතය පූජා කරනවා. මැරෙන එක මැරෙනවා - මැරෙනවාමයි" ඔහු මහ හඬින් බෙරිහන් දෙනවා. ඔන්න ප්‍රෙඩී දැන් එකේ ඉඳන් ගණන් කරනකොට මිනිහගේ ගණන් කිරිල්ල ස්ලෝ වෙනවා. පහළින් කිසිම ප්‍රතිචාරයක් නෑ.

"මම 10 ට ගණන් කරනකොට පනිනවා - පනිනවාමයි" ඔහුට දැන් දාඩියත් දාලා. පහළ පිරිස ප්‍රෙඩිත් එක්කම ගණන් කරන ඉලක්කම් මහ හඬින් කියනවා.

නැන්දම්මවයි, ප්‍රෙඩීගේ කෙල්ල බඳින්න බලන් ඉන්න අනිත් විකට නළුවයි (මට මතක නෑ ඔහු කවුද කියලා) සතුටින් ඉපිලිලා උඩ බලන් ඉන්නවා. ඔන්න දැන් ප්‍රෙඩී 8 යි කියනවා. ඔහුගේ ඉහෙන් - කනෙන් දහඩිය වැක්කෙරෙනවා. වැඩේ වරදිනවා වගේ ආදරයට කිසිම එකඟතාවයක් පහළින් එන්නේ නෑ.

"ඔන්න මම 10 කියපු ගමන්ම පනින එක පනිනවා - මගේ ආදරයට කැමැතියි කිව්වේ නැත්නම්. කැමැතියි නේද? කැමතියි නේද? ඔහු කෑ ගහලා පහළින් අහනවා."

"නෑ... නෑ... පැනපං - පැනපං" පහළින් නැන්දම්මයි, දුෂ්ටයයි මහ හඬින් කෑ ගහනවා.

"නවයායි" ප්‍රෙඩී බිඳුණු හඬින් කෑ ගහලා බිම බලනවා. මිනිහා බයෙන් වෙව්ලනවා.

"ඔන්න මොකද කියන්නේ අන්තිමටමයි මේ අහන්නෙ? අන්තිම වතාවයි මේ මොකද කියන්නෙ" ප්‍රෙඩී දහය නොකියා පහළින් අහනවා.

"නෑ - නෑ - පැනපං - පැනපං දහයයි දහයයි" පහළින් කෑ ගහනවා මදිවට දහයත් මහ හඬින් කියනවා.

ප්‍රෙඩී දහය නොකියා වචන ගිලිනවා - කෙළ ගිලිනවා. කලිසම කමිසය හදනවා - පනින්න බයේ."

"පැනපං - පැනපං - පැනපං" පහළින් මහා ඝෝෂාව.

ප්‍රෙඩී ඊළඟ ඉලක්කම කියන්න රැල් බුරුල් අරිනවා. පහළින් "දහයායි" මහා හඬින් ඇහෙනවා.

"හඃ හඃ මම අහුවෙයි ඕවට, මම පැනල මැරෙනකම් ද උඹලා බලන් ඉන්නේ. මම අහුවෙන්නේ නෑ යකෝ උඹලගේ ගැටේට මම 10 කියන්නේ නෑ. ප්‍රෙඩී එක්වරම මහ හඬින් 10 නොකියා එකොළහයි, දොළහයි, දහතුනයි, දාහතරයි කියලා ගණන් කරගෙන කරගෙන යනවා. බිමට පනින්නේ දහය කිව්වොත්නේ.

මිනිහා නමයට පස්සේ දහය නොකියා එකොළහේ ඉඳන් ගණන් කරා. යසපාලිත මේ විහිළු ජවනිකා හරිම ලස්සනට තම චිත්‍රපටියට යොදවාගෙන තිබුණා.

************************************************************************

සිංහල සිනමාවේ අම්මා චරිතය වඩාත්ම හැඟීම්බරව රඟපෑවේ කවුද?

මාතලේ ධර්මා ඒකනායක

සිංහල සිනමාවේ අම්මා චරිතය වඩාත්ම හැඟීම්බරව රඟපෑවේ කවුද? ඒ කුමන චිත්‍රපටියෙ ද?

මගේ නම් පෞද්ගලික තේරීම ශාන්ති ලේඛාගේ "ළසඳා" චිත්‍රපටියේ රංගනය. තම 'අහිංසක' දියණිය වියපත් ධනවත් තම සල්ලාල හාම්පුතාගෙන් බේරා ගන්න මව දරන උත්සාහය ඇය අපූරුවට නිරූපණය කරනවා. රාත්‍රියේ සිල්වාත්, හාම්පුතාත් ගෙදර දොරට තට්ටු කරන විට ඇය තම දියණිය පසෙකට කර කැත්ත පසෙකින් සඟවාගෙන සිටිනා ආකාරය මට දැනුත් මැවි මැවී පෙනෙනවා.

"ළසඳා" හදපු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයා කෙතරම් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ද? ඔහු යටතේ ශාන්ති ලේඛා මැවු දුප්පත් මවගේ වීර්යයවත්, අහිංසක මවු චරිතය මගේ සිතින් කවදාවත් මැකී යන එකක් නෑ.

අනේ ඔවුන් අද ජීවතුන් අතර නෑ නේද?

************************************************************************

 පනහ පැන්න මට  නළුවෙක් වෙන්න බැරි ද?

ගොතටුවේ එඩ්වඩ් පතිරණ

මට දැන් වයස 50 ක් පැනලා. මම වයස 20 ඉඳන්ම නළුවෙක් වෙන්න උත්සාහ කළා. ඇයි මට නළුවෙක් වෙන්න බැරි වුණේ? මට කවදාහරි මැරෙන්න වෙන්නෙත් නළුවෙක් නොවී ද?

ඔයාට නළුවෙක් නෙමෙයි එළුවෙක්වත් වෙන්න බෑ හරිහැටි එක හිතින් උත්සාහ නොකළොත්. විජය කුමාරතුංගයන්ගේ ඥාති පුත්‍රයෙක් වෙලත් රන්ජන් රාමනායක ඒ කාලේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයාගේ ගෙදර ගේට්ටුව ළඟ හැමදාම උදේට ගිහින් රැකලා ඉන්නවාලු. මේ විදිහට 20 - 30 පාරක් විතර ගියාමලු පෙරේරා මහත්තයා එහා දිහා ඇහැක් ඇරලා බැලුවේ. ඔයා මොනව ද කරපු උත්සාහ? යලට මහට විනෝදෙට ට්‍රයි කළාම සිහින සැබෑ වෙන්නේ නෑ.

මම කියනවට ටෙලි නාට්‍ය, චිත්‍රපට රූපගත කරන තැන්වල මාසයක් දෙකක් කරක් ගහන්න. අත හරින්නේ නැතුව. එහෙම යනකොට - යනකොට ඔයාට හෙටක් පෑදෙයි. තේ අල්ලන්න හරි නිෂ්පාදන කණ්ඩායමකට එකතු වෙන්න ලැබේවි. ඊට පස්සේ චූටි චූටි චරිත රඟපාන එක මහ ලොකු වැඩක් නෙවෙයි. කවදාහරි නළුවෙක් උනාම මම හම්බවෙලා කියන්නන්කෝ ප්‍රතිඵලේ.

************************************************************************

හොඳ චරිතයක් ලැබේවිලු. මම යන්න ද?

ඳුරඹ පද්මලතා ලියනගේ

ළඟදී ටෙලි නාට්‍යයක රඟපාන්න ගියා. දවස් ගාණක් ගියත් චරිතයක් දෙන්නේ නෑ. ඒත් නිෂ්පාදකතුමා මට එයත් එක්ක යන්න කතා කරනවා. එහෙම ගියොත් හොඳ චරිතයක් ලැබේවිලු. මම යන්න ද?

යන්න - යන්න - චරිතෙ කොහොම වුණත් ඔයාගෙ චරිතෙ ‍නම් දැලි ගෑවෙයි. ආවේ අරූගේ මුගේ ඇ‍ඟේ පතේ හිරි අරින්න නෙමේනේ - රඟපාන්නනේ.

තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඔයා දැනගන්න ඕන. කෙළින්ම විරුද්ධ වීමේ අයිතිය ඔයාට තියෙනවා. ඔයා අධ්‍යක්ෂකගෙන් අහලා චරිතයක් නැතිනම් ඔය නාට්‍යයෙන් අයින් වෙන්න. ක්ෂේත්‍රයේ හොඳ මහත්වරුන් ඕන තරම් ඉන්නවා. ඔයාගේ වටිනාකමට සරිලන චරිතයක් ගෞරවනීය විදිහට ලැබෙනකම් කාටවත් අයුතු විදිහට ප්‍රයෝජන ගන්න දෙන්න එපා. කාමාතුරයන්ට උඩගෙඩි දෙන්න එපා. ඒක ඔයාගේ අයිතිය. ටෙලි නාට්‍ය රඟපෑමම නෙවෙයිනේ ජීවිතේ කියන්නේ.

රඟපාන්න ලැබෙන්නේ නැතිම නම් ගීත ලියන්න, කතා ලියන්න, අංග රචනය පුරුදු වෙන්න... තව කොච්චර දේවල් තියෙනවා ද කලාවේ.

මේ අනික්වගෙන් තැනකට ආවාම ගෞරවයක් ඇතුව නිළියක් වෙන එකත් අමාරු වෙන එකක් නෑ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්