මෝටර් රථ ඉතිහාසයේ පෞරාණික සංකේතය
රිය අංගණය
මෝටර් රථ ඉතිහාසයේ
පෞරාණික සංකේතය

දැන් දැන් රිය අංගණයට එකතු වෙන වාහන ප්‍රමාණයත් එක්කම අපි ඒ ගැන හාරා
අවුස්සලා එහි අලගිය මුල ගිය තැන් ලියන්න ගත්ත දා ඉඳලා රිය අංගණයට ලැබෙන
ප්‍රතිචාරත් යහපත් කියලා කියන්නම ඕන. පසුගිය සතියේ අපි කොරියාව පැත්තේ ඉඳලා
එනකොට මෙදා පාර අපිට හිතුණා ප්‍රංශය පැත්තට ගිහින් බැලුවොත් හොඳයි කියලා.
ප්‍රංශයේ 'පර්ජෝ' කියන්නේ අපේ මෝටර් රථ ඉතිහාසයේ පෞරාණික මෝටර් රථයක්. හැබැයි ඒ
පෞරාණිකකමේ උරුමය ප්‍රංශය ලියා ගත්තේ අද ඊයේ ඉඳලා නෙමෙයි. දහඅට වන ශතවර්ෂයේ
ඉඳලාම. අද අපේ රටෙත් සෑම තැනකම පර්ජෝ මෝටර් රථ දකින්න පුළුවන් අතරේ අන්න ඒ
අයටත් මෝටර් රථ ගැන හොයන අයටත් දැනගන්න අද අපි පර්ජෝ ඉතිහාසය හොයා යන්න
හිතුවා.
ප්‍රංශයේ ජීවත්වුණු සාමාන්‍ය ව්‍යාපාරික පවුලකින් පර්ජෝ කර්මාන්තය ආරම්භ
වෙන්නේ 1810 වසරේදී. හැබැයි ඔවුන්ගේ ව්‍යාපාර වුණේ කෝපි, ගම්මිරිස්, ලුනු ඇඹරුම්
යන්ත්‍ර
නිෂ්පාදනය කරන එක. ඒත් ඒ අතරෙම තම ව්‍යාපාරික ඥානය පුළුල් කරමින්
පර්ජෝ පවුලේ උදවිය පාපැදි නිෂ්පාදනයට අවශ්‍ය අමතර උපාංගත් නිර්මාණය කරන්න
ගත්තා. එහි අවසානය වුණේ ඔවුන් පාපැදි නිෂ්පාදනයටත් පෙලඹීමයි.
1858 දී එමිල් පර්ජෝ සිංහයා ලකුණ තමන්ගේ නිෂ්පාදන සඳහා වාසනාව ගෙනන ලාංඡනයක්
යැයි සිතමින් ඒ සඳහා ප්‍රංශ රජයෙන් ඉල්ලීමක් ද කරනවා. ඒ ඉල්ලීමත් එක්කම පර්ජෝ
පවුලේ එක් සහෝදරයෙක් වන ආර්මඩි පර්ජෝ 'පර්ජෝ' නාමය යටතේ පළමු මෝටර් රථය
නිපදවන්න උත්සාහ ගත්තා. එහි සුවිශේෂිත්වය වුණේ එය රෝද තුනේ වාහනයක් වීමයි.
මෙන්න මේ උත්සාහයත් එක්කම 1890 දී ඇතුළත ඉන්ධන දහනය වන එංජිමක් සහිත මෝටර්
රථයක් නිෂ්පාදනය කරමින් පර්ජෝ පවුලේ ව්‍යාපාරය තවත් පුළුල් මාවතකට යොමු කර
ගන්නවා. මෙන්න මේ මෝටර් රථය සඳහා යොදාගන්නා එංජිමට ඔවුන් එකතු කරන්නේ අපි මුලින්
ඔබට රිය අංගණයෙන් කියු බෙන්ස් මෝටර් රථ කර්මාන්තයේ හිමිකරු ඩෙබිලර් හා කාල්
බෙන්ස් නිපදවූ ඩෙබිලර් වර්ගයේ එංජිමක් වීමත් තවත් සුවිශේෂත්වයක්.
නමුත් පවුල් ඒකකය තුළ ඇතිවන වෙනස්කම් ද පර්ජෝ පවුලෙනුත් මතුවීම නිසා ආර්මඩි
පර්ජෝ 1898 දී පර්ජෝ ඔටෝ මොබයිල් කර්මාන්තය තනිවම ආරම්භ කරන්නේ ප්‍රංශ මෝටර් රථ
කර්මාන්තයට අලුත් පිටුවක් එක්කරමින්. ආර්මඩි පර්ජෝට ඔටෝ මොබයිල් ගැන දැඩි
කැමැත්තක් ඇතිවෙන්නේ එක් මොහොතක බෙන්ස් මෝටර් රථ කර්මාන්තයේ ගොමිල්බ් ඩෙබිලර්
ඇතුළු කාර්මික ශිල්පීන් මුණගැසී කතාබහ කරන්නට ලැබුණු අවස්ථාව නිසයි.
මෙන්න මේ
හමුවීමත් එක්ක ආර්මඩි පර්ජෝට දැඩි කැමැත්තක් ඇතිවෙන්නේ රෝද හතරේ මෝටර් රථයක්
පෙට්ට්‍රල් දහනයෙන් ධාවනය කරන්න හැකි අයුරින් නිර්මාණය කරන්නයි. ඒත් ඒ සඳහා
අවශ්‍ය පෙටන්ට් බලපත්‍රය ලබාගන්න එකත් පර්ජෝට ගැටලුවක් වුණා. ඒ නිසාම
ඩේමිලර්ගේ උදව් උපකාරයෙන් ඒ සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍රය ලබාගැනීමත් එක්ක
ආර්මඩි පර්ජෝ නිර්මාණය කළ පර්ජෝ රෝද හතරේ මෝටර් රථය සැප පහසු මෝටර් රථයක් ලෙසම
පිළිගැනීමක් ද ඇති වෙනවා.
ක්‍රම ක්‍රමයෙන් මෙය කර්මාන්තයක් විදිහට හිස ඔසවද්දී 1903 දී ඔවුන්
යතුරුපැදි නිෂ්පාදනයටත් එකතු වෙන්න ගන්නවා. ඒ අතරෙම දිගින් දිගටම විවිධ
ධාරිතාවයෙන් වගේම විවිධ මාදිලියේ පර්ජෝ මෝටර් රථ ද කාලයත් සමඟ දිගින් දිගටම
නිෂ්පාදනය වෙන්න ගන්නවා. ප්‍රංශයේ කා අතරත් පිළිගැනීමක් තිබුණු සුව පහසු
මෝටර් රථය සඳහා පිරිනැමෙන Vanderbile කුසලානය දිනාගන්න පර්ජෝ මෝටර් රථයට
අවකාශය ලැබීමත් එක්ක පළමු ලෝක යුද සමයේදී ඒ සඳහා අවශ්‍ය මෝටර් රථ, පාපැදි හා
යුද ටැංකි, ෂෙල් ටැංකි, නිෂ්පාදනයට ද පර්ජෝ කර්මාන්තයට අවස්ථාව උදා වෙනවා.
ඒ
වාසනාව ඔවුන්ට උදාවීමත් එක්ක මහා කර්මාන්තයකට දොරගුළු විවර වෙන්නේ බොහෝ
දෙනාගේ අවධානය ද හිමිකර ගනිමින්. මේත් සමඟම පර්ජෝ 201 මෝටර් රථය ප්‍රංශ
වෙළෙඳපළේ වැඩි සුව පහසුව ඇති එහෙත් ලාබදායීම මෝටර් රථයක් බවට කා අතරත්
ජනප්‍රිය වෙන්න ගන්නවා. විවිධ තාක්ෂණික සොයා ගැනීම් ඒ වගේම විවිධ හැඩතල පර්ජෝ
මෝටර් රථයට කාලයත් සමඟ එකතු වෙද්දී ලෝකයේ බොහෝ රටවල් අතරට ද පර්ජෝ මෝටර් රථය
අලෙවි වෙන්න ගන්නේ ඉතා ඉක්මනින්.
1939 දී පර්ජෝ මෝටර් රථ 52796 ක් නිපදවෙද්දි 2008 වසර වන විට ලක්ෂ හතළිහක මෝටර්
රථ ලොව පුරා බෙදී ගොස් අවසන්ව තිබුණා. මේ නිසාම අපේ රටෙත් පර්ජෝ මෝටර් රථ දකින්න
ලැබුණේ සුඛෝපභෝගී මෝටර් රථයක් විදිහටයි. අදටත් කා අතරත් ජනප්‍රිය මෝටර්
රථයක් වන පර්ජෝ මෝටර් රථය ලොව පුරා අලෙවි වෙන්නේ නවීන තාක්ෂණය ද එකතු වෙමින්.
වසන්ත ජයසිංහ ආරච්චි
|