දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි
 

දුටුගැමුණු චරිතය සිනමාවට ගෙන එන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ

ජයන්ත චන්ද්‍රසිරි

දුටුගැමුණු චරිතය සිනමාවට නඟන්න සිතුවේ ඇයි?

මා ජීවත්වන මේ පොළොව ඉතිහාසයේ අරුණෝදයේදීම අතිශය උන්නතිකාමී විදේශ ආක්‍රමණිකයකුගෙන් මුදවා ගත්තා වූද, ඉතාම නිශ්චිත ජීවන දර්ශනයකින් පිරිපුන් ඓතිහාසික සම්ප්‍රදායක් රටට දායාද කළා වූද, කරුණු සොයන්නට සොයන්නට ඔප දැමෙන මැණිකක් මෙන් බබළන්නා වූද, ලංකා ඉතිහාසයේ පමණක් නොව සමස්ත මානව ඉතිහාසය තුළ තබා බැලුව ද ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක් කිසියම් සැක නොකරන ලද අසද්භාවයක සිරකර තිබෙනු මා කලක් පටන්ම දුටුවා. මේ අසද්භාවය මත ගොඩනැඟුණු දෘෂ්ටිවාදී පදනමකින් යුක්ත දේශපාලන කෝණයන් ගෙනුත්, කලාත්මක හා සාහිත්‍යයික කෝණයන් ගෙනුත් හැම විටම ප්‍රකාශ කෙරුණේ ගැමුණු රජතුමා වාර්ගික සංහාරයක නියැළුණු යුද යාන්ත්‍රණයක මෙහෙයුම් කරුවා හැටියටය. .

නමුත් මේ හැඳින්වීමට මුළුමනින්ම වෙනස් වූ එතුමාගේ ජීවන චරිතයක් ජීවන දර්ශනය හා සම්ප්‍රදානයන් ගැනත් කවුරුන් විසින් හෝ යුක්තිය ඉෂ්ට කරනු ලැබිය යුතුව තිබුණා. අපේ ගරුතර ස්වාමින් වහන්සේලා කිහිප නමකගේ සහ ඉතාම සීමිත විද්වතුන් කීප දෙනකුගේ ලේඛනවලදී හැර මේ පිළිබඳව පුන පුනා කතා කළ දේශීය සහ විදේශීය ලේඛනත් දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙර කී අසද්භාවය තුළම සිරගත වී සිටිනු තමා මා දුටුවේ.

පුරුද්දක් විදිහට අප ගැමුණු මහරජතුමාට දුටුගැමුණු යැයි තවමත් කියන්නේත් පෙර කී අසද්භාවය තුළ අප ද සිරවී සිටින නිසා කියලයි මට හිතෙන්නේ. මේ වැරදි නාම ගැන්වීම ඉතිහාසයේ වූ වරදකට වඩා ඉතිහාසයට එකතු කළ විකෘතියක් විදිහටයි මා දකින්නේ. අඩුම තරමින් අපගේ ඉතිහාසයේ තම පියා ඝාතනය කළ රජකුගේ නමක් ඉදිරියෙන්වත් දුෂ්ට යනුවෙන් කෑල්ලක් අප යොදා නැහැ.

ගාමණී අභය මහරජු ගේ නාමය අප චිරාත් කාලයක් මුළුල්ලේ දුටුගැමුණු වශයෙන්ම භාවිත කිරීමත් මා පෙර කී ආකාරයේ සැක නොකරන ලද අසද්භාවයක ප්‍රතිඵලයක් නම් මේ චරිතය වටා ගොඩනඟන ලද තවත් කෙතරම් නම් විකෘතීන් තිබිය හැකි ද?

මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණ දා පටන් මම මේ සුවිශේෂ චරිතය පිළිබඳව ගැඹුරින් සොයන්න පටන්ගත්තා. මා සිතන්නේ මා බොහෝ දේ සොයාගත් බවයි. එසේම, මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ චරිතය මේ රටේ අතීත, වර්තමාන, අනාගත සියලුම මිනිසුන්ගේ ජීවන මුහුණුවර පමණක් නොව ගමන්මඟ පවා පිළිබිඹු කරන ඉතාම සුවිශේෂී කැටපතක් බවත් මට වැටහුණා. එය එක්තරා යුගයක රටේ රාෂ්ට්‍ර පාලකයකු පිළිබඳ කතාවක් වගේම හැම කාලයකම සිටිය යුතු මනුෂ්‍යයකු පිළිබඳ කතාවකුත් වුණා. එතුමා පිළිබඳ මගේ ප්‍රකාශනයට වඩාත් උචිතම මාධ්‍යය සිනමාව කියලයි මට හිතුණේ. ඉතින් මම ඒ අරභයා මගේ තිරරචනය සකස් කළා. මුලින්ම චිත්‍රපටය නොකෙරුණ අවස්ථාවේ මා එම තිරරචනය ඇසුරෙන් නවකතාවක් රචනා කළා. ඔබ දන්නවා එය උණු කැවුම් වගේ විකිණී ගිය වග. දැන් එහි ප්‍රකාශයට පත් කෙරෙන්නේ සයවන මුද්‍රණයයි.

මේ චිත්‍රපටය ඔබ නිර්මාණය කරන්නේ සැබෑම ඉතිහාසය පදනම් කර ගෙන ද නැතහොත් ඒ ඇසුරින් කළ ප්‍රබන්ධයක් ලෙස ද?

මෙය නිර්මාණය වන්නේ සැබෑම ඉතිහාසය පදනම් කරගත් ප්‍රබන්ධයක් ලෙසය. එහි අර්ථයම ඉතිහාස තත්ත්වයන්ට අදාළ උපකල්පනයන් ද මෙහි තිබෙනවා කියන එකයි. ඉතිහාසය පිළිබඳ වාර්තාවත් ඉතිහාසය පිළිබඳ නිර්මාණයත් හැම විටම ස්වරූප දෙකක් දරනවා. නමුත් එහි ආත්මය හැම විටම එකයි. හැබැයි, කවර හේතුවක් නිසාවත් ඉතිහාසය නිර්මාණ කරුවන් අතින් විකෘති නොවිය යුතු ය යන මතයේ මා සිටිනවා.

ඔබ අතින් ඉතිහාසය විකෘති නොකෙරෙන්නේ නම් එය ප්‍රතිනිර්මාණය සඳහා ඔබ යොදාගන්නා උපක්‍රම මොනවා ද?

පළමු උපක්‍රමය නම් මම මා තෝරාගත් ප්‍රස්තුතයටත්, ආධ්‍යාපනයටත් අවංක වීම. මගේ පරිකල්පන පර්යාලෝකය මත චරිත මැවෙන්නට ඉඩ හැරීම. ඒවාට බාධා නොකිරීම. යථාර්ථය සහ නිර්මාණය වන චරිත අතර ඇති සම්බන්ධතාව නොකඩවා පවත්වා ගැනීම. වරක් පැසලෝනි කියන ඉතාලියානු සිනමාකරුවා ප්‍රකාශ කළා සිනමාවේ සංඥාර්ථ වේදයත්, යථාර්ථයේ සංඥාර්ථ වේදයත් දෙකම එකක් කියලා.

අවසාන වශයෙන් දැන් රූගත කෙරෙමින් පවතින මහරජ ගැමුණු චිත්‍රපටයට සම්බන්ධ වන ශිල්පීන් පිළිබඳව යමක් කියන්න.

මෙය නිෂ්පාදනය කරන්නේ සිප්වින් චිත්‍රපට සමාගම වෙනුවෙන් ගුණපාල රත්නසේකරය. ජැක්සන් ඇන්තනි, උද්දික ප්‍රේමරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, බුද්ධදාස විතානාරච්චි, දමිතා අබේරත්න, තාරකා වන්නිආරච්චි, අරුණී රාජපක්ෂ, බුද්ධිනී පූර්ණිමා, ලකී ඩයස්, යශෝධා විමලධර්ම, අජිත් වීරසිංහ, ජගත් මනුවර්ණ, අර්ජුන් කමලනාත්, දිමුතු චින්තක, ලක්ෂ්මන් රාජපක්ෂ, රෙබෙකා නිර්මලී ඇතුළු විශාල නළු නිළි කැලක් මෙහි චරිත නිරූපණයේ යෙදෙනවා


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්