දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මා කැමැතිම පිරිමි දහදෙනා

මා කැමැතිම පිරිමි දහදෙනා

සබීතා පෙරේරා

1. කැමැතිම නළුවා : පර්හාන් අක්තාර්

මේ වසරේ හොඳම නළුවා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයට පාත්‍ර වුණේ පර්හාන් අක්තාර්වයි. 'බාග් මිල්කා බාග්' චිත්‍රපටයේ ඔහු රඟපෑ 'මිල්කා' චරිතය ඉතාම ආකර්ෂණීයයි. මේ චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය කතාවක්. ඉන්දියාවේ සැබෑ මනුෂ්‍ය ජීවිතයක් වටා ගොඩනැගුණු, ධාවන ශූරයකුගේ කතාවක්. මට හිතාගන්න බැහැ නළුවෙක් මේ තරම් සාර්ථකව චරිතයකට අනුගත වෙලා මොනතරම් කැපවීමකින් මේ චරිතයට සාධාරණය කර තිබෙනව ද කියන එක. සාමාන්‍යයෙන් මම ආසම බටහිර නළුවන්ට. පර්හාන්ගේ මේ රංගනය දුටු විට මට බටහිර රටවල නළුවන් අමතක වුණා.

2. කැමැතිම ගායකයා : අමරදේව මාස්ටර්

අමරදේවයන්ගේ හුඟාක් ගීතවලට මම කැමැතියි. ඒ අතුරෙන් ඔහු ගායනා කරන 'ආදර හැඟුම්' ගීතයට මම ගොඩක් ආසයි. ආදරේ ගැන තරුණ ගායකයින් ගායනා කරන ගීත කොතරම් අහල තිබුණත් අමරදේවයන්ගේ 'ආදර හැඟුම්' ගීතය ඇසෙද්දී ආදරයේ මිහිර සැබැවින්ම රස විඳින්න පුළුවන් බව දැනෙනවා. ඒ වගේම එතුමාගේ 'ඇසේ මතුවන කඳුළු බිඳු' ගීතයටත් මම හුඟාක් කැමැතියි.

3. කැමැතිම ක්‍රීඩකයා : කුමාර් සංගක්කාර

ලංකාවට කුමාර් සංගක්කාර ගෞරවයක් කියල මට හිතෙනවා. ඔහු තුළ ලොකු පෞරුෂයක්, කඩවසම් බවක් මම දකිනවා. මහත්මයෙක් කියලා කියන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අපේ රටට ගෞරවයක් ලබාදුන් ක්‍රීඩකයෙක්.

4. කැමැතිම චරිතය : ගෝඨාභය රාජපක්ෂ

කොයි මොහොතකවත් දේශපාලනයට ඈඳුණු චරිතයක් නෙමෙයි මම. අපේ රටේ යුද්ධයෙන් පස්සේ ‍කොයි තරම් දුරට ලංකාවේ කෝට්ටේ ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ හඳුනාගන්න බැරි තරම් සංවර්ධනයකට ලක්ව තිබෙනවා. එයට හේතුව ලෙස මම දකින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකරගෙන යන නාගරික සංවර්ධන වැඩපිළිවෙළයි. මම ඔහුට ගරු කරනවා. යුද්ධෙන් පස්සේ මේ කරගෙන යන සංවර්ධනය පුරවැසියෙක් ලෙස මම අගය කරනවා.

ගෝඨාභය මහතා වගේ තව කෙනෙක් මේ රටට හිටියානම් අද අපේ රට තවත් දියුණුයි. ඔහුට මේ සේවය මේ විදිහට සිදු කරන්න ලැබෙන්නේ ඔහුගේ බිරිඳ ගෙන් ලැබෙන ශක්තිය නිසා. වසර ගණනක් විදේශයක ජීවත්වූ කෙනෙක් ලංකාවට ආවොත් ලංකාවේ ප්‍රදේශ වෙනස් වෙලා දියුණු වෙලා තිබෙන හැටි බැලුවොත් හිතාගන්න බැරි තරම්. මේ ගැන මට හරිම ආඩම්බරයි වගේම සතුටුයි.

5. අදහන්න කැමැතිම ආගමික නායකයා : බුදුන් වහන්සේ

මං අදහන්නේ බුදුන් වහන්සේ ගේ ධර්මය. බුදුන් වහන්සේ මිනිසුන්ට සංසාරෙන් එතෙර වෙන්න මනුෂ්‍යයින් වෙනුවෙන් කළ දුෂ්කර ක්‍රියා‍වන්. කියා දුන් දේවල් අන් කවර ආගමකවත් නැහැ. මම දවස පටන් ගන්නේ බුදුන් වහන්සේ දෙසු දහම සමඟයි. එම වතාවත් සමඟයි. ඒ තුළින් මගේ ජීවිතයට අාධ්‍යාත්මික, ලෞකික සහනයක් ලැබෙනවා. මනස සැහැල්ලු වෙනවා. එනිසා මම වැරැදි කරනවා අවමයි. ඒ දහමට අනුව මමත් සසරින් එතෙර වෙන්න පෙරුම් පුරනවා.

6. ජීවිතයට සමීපතම පුද්ගලයා : මගේ මහත්තයා උපාලි ජයසිංහ

ඒ මුණ ගැසීම අහම්බයක්. ඔහු හා ඇති ගැඹුරු බැඳීම ගැන හිතන විට මේ ආත්මෙ නෙමේ පෙර සසරවල සිටම ගෙන ආ බැඳීමක් කියා සිතෙනවා. එය වචනයෙන් විස්තර කරන්නට බැරි තරමටම අපි දෙදෙනාගේ ජීවිත තුළ ඇති ගැඹුරු බැඳීමක්.

7. කැමැතිම නවකතාකරු : ජයසේන ‍ජයකොඩි

එක කාලයක් තිබුණා මම ඔහුගේ පොතක් පිටවෙනතුරු බලා හිඳපු. ඔහුගේ නවකතාවලට මම එතරම්ම කැමැතියි. ඔහුගේ මරණය දවසේ මට දැනුණේ මට කිට්ටු කෙනෙක් නැති වුණා වගේ හැඟීමක්.

8. කැමැතිම සංගීතඥයා : ඒ. ආර්. රහුමාන්

රහුමාන්ගේ සංගීතයට මම කැමැතියි. ඔහු ඉන්දියානුවෙක් ලෙස ඔස්කාර් සම්මානය දක්වා සංගීතය රැගෙන ගියා. 'ස්ලම් ඩෝග් මිලියනයර්' චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් ඔහු

සම්මානයට පාත්‍ර වුණා. ඔහුගේ හැම නිර්මාණයකටම මම කැමැතියි.

9. කැමැතිම චිත්‍රපට අධ්‍යක්ෂවරයා :  තිස්ස අබේසේකර

ඇත්තටම මං ඔහුට ගොඩක් ප්‍රිය කරනවා. මගේ සිනමා මාධ්‍ය ජීවිතයේ දී ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් සිනමාව සම්බන්ධ පාසලකට ගියත් මට ලබාගන්න බැරි වෙයි. ඔහු හරිම ආදරයෙන් සිනමාව ගැන කියලා දුන්නා. සිනමාව පිළිබඳ චිත්‍රපට නරඹන්න, අධ්‍යයනය කරන්න එහි ගැඹුර ගැන ඔහු මට කියලා දුන්නා.

10. කැමැතිම චිත්‍ර/මූර්ති ශිල්පියා මයිකල් ආන්ජලෝ

මගේ ජීවිතයේ දී මා දැකපු ලස්සනම චිත්‍ර හා මූර්ති මම දැක්කේ වතිකානුවේ බැසිලිකා දෙව් මැදුරේදීයි. එහි දක්නට ලැබෙන චිත්‍ර, මූර්ති මයිකල් ආන්ජලෝ නම් අද්විතීය කලා ශිල්පියාගේ කලා නිර්මාණ. ඒ සිතුවම්, මූර්ති ඇඳලා, අඹලා තිබෙන ආකාරය ඇත්තටම සජීවියි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්