දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

.


ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

පුවත්පත්වලට ප්‍රධාන සිරස්තල ලබාදීමට තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් දක්වන්නේ පුදුමාකාර දක්ෂතාවකි. මෙවර ඇගේ මැතිවරණ ‍ෙපාරොන්දුවලින් ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් ඇතිකිරීමටත්, අපේ රටට අයිති කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමටත් ඕ ප්‍රතිඥා දී තිබේ.

ඇගේ ඉතිහාසය දෙස බැලූ විට මේ පොරොන්දු පිස්සු ගැහැනියක‍ෙග් පිස්සු වැඩ හැටියට ලඝු කරන්නට බැරිය. එල්ටීටීඊයට විරුද්ධව ආණ්ඩුවේ හමුදා යුද්ධ කරද්දී ජයලලිතා හිටියේ විපක්ෂයේය. එවිට යුද්ධය නවත්වන්නට ශ්‍රී ලංකාණ්ඩුවට බලපෑම් කරන්නේ නැතැයි ඈ එවකට මහ ඇමැතිව සිටි එම්.කරුණානිධිට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙන ගියාය.

ශ්‍රී ලංකාණ්ඩුවට විරුද්ධව නැඟී සිටි ත්‍රස්තවාදීන්ට ඉන්දීය ආණ්ඩුව ආධාර කළ සමයේ ඊට තමිල්නාඩු බලපෑම මූලික වූ බව රහසක් නොවේ. පසුගිය වතාවේ ජිනීවා වලදී ඉන්දියාව අපේ රටට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ ද ජයලලිතාගේ ඕනෑකමටය යන්න ප්‍රසිද්ධ රහසකි.

මීට දින කිහිපයකට පෙරාතුව ඈ රජීව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් නිදහස් කිරීමට ද තීන්දුවක් ගත්තාය. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් ‍ෙනාවන්නට මේ වන විට වැරැදිකරුවන් රංචුවම ගෙදර ගිහින්ද අවසානය. ජයලලිතාගේ දේශපාලන විරුද්ධවාදියා වන කරුණානිධි ද ගාන්ධි ඝාතනයේ චූදිතයන් නිදහස් කළ යුතු යැයි පසුගිය කාලයේ සද්ද කරමින් සිටියේය. ඔහු අන්ත පරාජයකට පත්කරමින් ජයලලිතා ඔවුන් නිදහස් කිරීමට තීන්දු කළාය.

පෙර වතාවක ද ජයලලිතා ඊළම දෙන කතාවක් කිව්වාය. ඒ වතාවේ ඈ කීවේ තමන්ට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ තැනක් ලැබුණහොත් ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා යවා මෙහි ඊළමක් ඇති කරන බවය. දැන් ඈ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඊළමක් අවශ්‍යදැයි ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් අතර ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවය.

මේ අතර දහතුන්වැනි සං‍ශෝධනය ක්‍රියාත්මක කරන ලෙසට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මෙරටට කියා සිටී. ජයලලිතා තවත් අඩි කීපයක් ඉදිරියට තබමින් ඊළම ගැනම කතාකරයි. ඇගේ කතාව අපට හෑල්ලුවට සැලකිය නොහැක්කේ අනෙකක් නිසා නොව ඉන්දීය දේශපාලනයේ පවතින අවිනිශ්චිතභාවය නිසාය.

ළඟ එන ඉන්දීය මහාමැතිවරණයේ දී කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවක් පෙනෙන්නට නැත. එවැනි තත්ත්වයක් යටතේ ජයලලිතා තමිල්නාඩුවෙන් දිනාගන්නා පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවට ලොකු වැදගත්කමක් ලැබෙන්නට ඉඩ තිබේ. ඊළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා කාට හෝ ජයලලිතාගේ සහාය ලබාගැනීමට සිදුවුවහොත් ඇය ඉදිරිපත් කරන කොන්දේසි මොනවා වනු ඇද්ද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ඇගේ කොන්දේසිවලින් එකක් නොවනු ඇතැයි කියන්නට කාටවත් බැරිය.

ඒ නිසා ජයලලිතාගේ ඊළාම් ප්‍රකාශය ගැන ඉන්දීය ආණ්ඩුවේ ස්ථාවරය දැන්ම පැහැදිලි කළ යුතු බව අපේ කල්පනාවයි. ශ්‍රී ලංකාව බෙදන්නට ඉල්ලන මේ ගැහැනිය ඊළඟට තමිල්නාඩුවට ද ස්වයං පාලනයක් ඉල්ලන්නට බැරි නැත. මහ ආණ්ඩුවෙන් වෙන්වී යෑම් ගැන කතා කිරීමට ඉන්දීය ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති නිසා තමිල්නාඩුවේ හැසිරීම ගැන ඉන්දීය මහ ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.

මේ අතරේ උතුරු පළාත් සභාවට ද අපට යමක් කියන්නට තිබේ. ඔවුහු පසුගිය කාලයේ යුද අපරාධ චෝදනා ගැන අන්තර්ජාතික සොයා බැලීමක් ඉල්ලන යෝජනාවක් සම්මත කළහ. දැන් ජයලලිතාගේ යෝජනාව ගැන ඔවුන් දරන ස්ථාවරය කුමක්දැයි දැනගෙන සිටීම ද ඇඟට ගුණ බව අපේ නම් කල්පනාවයි. එවිට ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නදැයි දැනගන්නට පුළුවන් වෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්