ස්ටේජ්වලට ගිහිල්ලා සල්ලි හම්බ කිරීෙම් ටාර්ගට් එකක් මට නෑ
ස්ටේජ්වලට ගිහිල්ලා
සල්ලි හම්බ කිරීෙම්
ටාර්ගට් එකක් මට නෑ
අභිෂේකා විමලවීර
ඈ සතු හැකියාවන් බොහෝ වුණත් ඒ හැම හැකියාවක්ම කැටි කර ගෙන හෙමින් ගමනක්
යමින් වැඩි සද්ද බද්ද නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න චරිතයක් තමයි අභිෂේකා
විමලවීර. 'සීමා නෑ ' ගීතයෙන් ගායන ක්ෂේත්‍රයට පා තැබූ අභිෂේකා ' දෙකොපුල්
කඳුළින් තෙමා' , 'හවසක මා' යන ගීත ඔස්සේ තම ගායන කෞශල්‍යයටද සීමාවක් නැති බව
පසක් කර දෙන්නීය.
අභිෂේකා සින්දු කිව්වාට හැමෝම දන්නේ නිවේදිකාවක් විදිහට නේද?
ඔව් අවුරුදු 9 -10 ඉඳලම ලහිරු මඩල, සමනල උයන, ටිකිරි පැය සහ සෙල්ලම් ගෙදර වගේ
වැඩසටහන් වල නිවේදිකාවක් විදිහට තමයි සම්බන්ධ වුණේ. ඒත් ගුවන් විදුලි
සංස්ථාවේ පොඩි ළමයින්ගේ සින්දු කියන වැඩසටහනකත් හිටියා. නමුත් ටීවී එකේ මගේ
මුහුණ දැක්කේ නිවේදිකාවක් විදිහට නිසා හැමෝම හිතුවේ මම ගායන පැත්තට සම්බන්ධ නෑ
කියලයි.
නිවේදිකාවක් විදිහට ඇවිත් ගායිකාවක් වෙන්න හිතුණේ ඇයි?
මම කොහොමත් මියුසික් තමයි ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳලම. සනත් නන්දසිරි සර් ගෙන්
තමයි සංගීතය හදාරන්න පටන් ගත්තේ. නමුත් එළියට එන්න වුණේ නිවේදිකාවක් විදිහට.
මොකද ළමා ගායිකාවකට ඒ කාලේ එළියට එන්න තිබුණ ඉඩ කඩ අඩුයිනේ .
විශාරද වුණත් ගායිකාවක් විදිහට තවම අනන්‍යතාවයක් නෑ කිව්වොත් ?
සින්දු කරලා තියෙන ප්‍රමාණය නම් අඩුයි. තවම සින්දු 15 ක් විතර තමයි කළේ. ඒවායින්
'සීමා නෑ' , 'අමා තේමා ගීතය' සහ 'හවසක මා' වගේ මියුසික් වීඩියෝස් එක්ක කරපු ගීත
ජනප්‍රිය වුණා. අනික ඒ දවස්වල මම එක චැනල් එකකටම කොටු වෙලා හිටියනේ . දැන් නම්
එහෙම නෑ.
සින්දු 15ක් තිබුණත් හිට් වුණේ ඩුවට්ස් විතරයි නේද ?
මම තනියම කියල තියෙන්නේ එක සින්දුවයි. අනිත් ඔක්කොම ඩුවට්ස් තමයි. ටෙලි නාට්‍යවල
චිත්‍රපටිවල මට හම්බුණෙත් ඩුවට්ස් කියන්න තමයි.
ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න වුවමනාවක් නැහැ කිව්වොත් ?
උනන්දුවක් නැතිකම තමයි මුල්ම හේතුව. අනික නිවේදන කටයුතු හා ව්‍යාපාරික
කටයුතුවලටම හිර වෙලා හිටපු නිසා සින්දුවක් කරන්න ඕනේ කියල හිතුනෙම නෑ.
ගායිකාවක් වුණා කියල මම කවදාවත් ප්‍රසංග වේදිකාවට නම් යන්නේ නැහැ. එහෙම
ගායිකාවක් වෙන්න මට ඕන කමක් නෑ.
ඒ කියන්නේ වෘත්තීමය ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද ?
කොහෙත්ම නෑ. වෘත්තියක් විදිහට නියැළෙන්න වෙන මාර්ග තුන හතරක් ම මට තියෙනවා.
සින්දුවක් දෙකක් කියාගෙන හැමදාම මගේ රසිකයන් අතර ඉන්න පුළුවන්නම් මට ඒ ඇති.
ස්ටේජ් වලට ගිහිල්ලා සල්ලි හම්බ කිරීමෙ ටාර්ගට් එකක් මට නෑ .
ඒ කියන්නේ කලාව වෘත්තීය කරගෙන ජීවත් වෙන්න බැහැයි කියලද?
ඇත්තටම අමාරුයි. ඒකට ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මම වෙනත් දේවල් වලින් හම්බ කරන
දේ මියුසික් වලින් හොයන්න අමාරුයි. ඉතින් හම්බ කරන්න පුළුවන් ඊට වඩා පහසු මාර්ග
තියෙද්දී මම මියුසික් වලට මහන්සි වෙන එක අපරාදෙනේ. මියුසික් කියන්නේ මගේ හොබී
එක.
හොබී එකක් විදිහට මියුසික් කරලා ජනප්‍රිය වෙන්න බැහැයි කිව්වොත්?
පොඩි කාලේ ඉඳලම මිඩියා එක්ක හිටපු නිසා ජනප්‍රියත්වය කියන දේ මට අලුත් දෙයක්
නෙවේ. මගේ නිදහස මට වටිනවා. පුංචි කාලේ ඉදලම මාව දන්නා නිසා හැමෝම මට ආදරෙයි.
ස්ටාර් කියන වචනය ඇතුළේ බොහෝ දෙනෙක්ට අවුරුදු 5ක් වගේ තමයි රැඳිලා ඉන්න පුළුවන්.
එහෙම නැති අයත් ඉන්නවා සුනිල් පෙරේරා අන්කල් වගේ. නමුත් ගෑනු ළමයෙක්ට එහෙම පීක්
එකේ ඉන්න අමාරුයි.
අභිෂේකා කියන්නේ එක අරමුණක ඉන්න බැරි කෙනෙක්ද?
අරමුණක් තියෙනවා. පළවැනි අරමුණ තමයි මගේ පවුල. මගේ මහත්තයා, අම්මා, තාත්තා සහ
මගේ බබා. ඒ ගොල්ලෝ අකැමැති එයාලට හානියක් වෙන දෙයක් මම කොහෙත්ම කරන්නේ නෑ.
සින්දුවක් කළත් වීඩියෝ එකක් කළත් මම ඒ ගැන සෑහෙන හිතනවා. මොකද එක කතාවක් හරි
හැදුනොත් ෆීල්ඩ් එකේ ඉඳල වැඩක් නෑ. අනෙක් කාරණාව තමයි ඉගෙන ගත්තු දේ කවදාවත්
අහක යන්නේ නෑනේ. විශාරද දක්වා ඉගෙන ගත්තේ තාත්තට මට හරි දේ දෙන්න ඕන වුණ නිසා.
කිසි දෙයක් නොදැන සින්දුවක් කියනවට වඩා දැනගෙන කියන එක හොඳයිනේ. මම නීතිය
හදාරා තියෙනවා. ඊට පස්සේ උපාධියට කළේ ආර්ථික විද්‍යාව. දැන් මම ආයුර්වේද
වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා. මේ හැමදේම කරන්නේ අරමුණක් ඇතිව.
රූපලාවණ්‍ය කටයුතු වලදී ආයුර්වේදය පිළිබඳ දැනුම වැදගත්. බිස්නස් වලදී මගේ
උපාධිය වැදගත්. ඉතින් මගේ අරමුණු අපතේ ගිහින් නැනේ.
තාත්තා (සුනිල් විමලවීර) ප්‍රවීණ ගී පද රචකයෙක්, නමුත් දුවට ඒ හැකියාව නැද්ද?
තියෙනවා. මගේ මුල්ම ගීතය ‘සීමා නැ’ මමම ලියපු ගීතයක් තමයි. ගීතයක් ලියල දෙන්න
කියල ආරාධනා කළොත් ලියනවා. එහෙම ලියපු ගීතත් තියෙනවා. සල්ලි ගන්නේ නැතුව
යාළුකමට ලියපු ගීතත් තියෙනවා. හැබැයි තාත්තා වගේ නම් ලොකු නමක් හදාගෙන නෑ.
අලුත් නිර්මාණයක් කරන්න සෑහෙන කාලයක් ගන්නවා කිව්වොත් ?
නැහැ ... එහෙම නැහැ. මගේ විවාහය සහ පෞද්ගලික කරුණු කිහිපයක් හින්දා පොඩි
කාලයක් අතපසු වූණා නම් තමයි. එත් අවුරුද්දකට ගීත දෙකක් වත් කරන්න තමයි
බලාපොරොත්තුව. මේ ටිකෙත් එහෙම සින්දු දෙක තුනක් කරලා තියෙනවා.
ඔබ හිතන විදිහට අද හීට් කරන්න පුළුවන් මොන වගේ ගීතද?
එහෙම කියන්න බැහැ. නමුත් තේරුමක් තියෙන ගුණාත්මක ගීත හැමෝම අතරේ ජනප්‍රිය වෙනව
නම් මම පෞද්ගලිකවම කැමැතියි. මෑත කාලයේදී අතිශයින් ජනප්‍රිය වුණ ' ඉකි ගසා
හඬන ' ගීතය නිර්මාණය වුණේ මීට වසර 5කට කලින්. ඒත් ඒකට ඒ කාලේ මීඩියාවලින් කිසිම
සපෝට් එකක් තිබුණේ නැහැ. සීඩී එකට විතරක් සීමා වෙලයි තිබුණේ. අන්න ඒ වගේ ගුණාත්මක
ගීත තවමත් කොච්චර හැංගිලා ඇත්ද? ඒවාට චාන්ස් එකක් අවොත් අර්ථයක් නැති ගී රැල්ල
නැති වෙලා ගුණාත්මක ගීත අහන්න මිනිස්සු පෙලඹෙයි.
ජනප්‍රියත්වය රැඳෙන්නේ ප්‍රතිරූපය මතද? හැකියාව මතද?
මට නම් හිතෙන්නේ පළවැනි දේ වාසනාව. දෙවැනි දේ තමයි මිනිස්සු අතරේ ගොඩ නගා ගන්නා
ආකල්පය. ඒ කියන්න ඉමේජ් එක. ඔය අතරට ටැලන්ට් එකත් ඕනේ.
ක්ෂේත්‍රයේ රැඳෙන්න කැමැති ගායිකාවක් විදිහටද? නිවේදිකාවක් විදිහටද?
වැඩිපුරම මම කැමැති ගායනයට. නිවේදන කටයුතුවලට මම ආයෙත් සම්බන්ධ වෙයි කියල
හිතන්නේ නෑ. මොකද එක චැනල් එකකට හිර වෙන්න මම අකැමැතියි. දැන් තමයි මාව මිනිස්සු
ගායිකාවක් විදිහට හඳුනා ගනිමින් ඉන්න කාලේ. ඉතින් ඒ ප්‍රතිරූපය හදා ගත්තට
පස්සේ නිවේදන කටයුතු ගැන හිතල බලනවා.
ටානියා මෝසස්
|