දක්ෂතා තිබුණු තරුණ පිරිස් කලකිරීමෙන් රට හැර ගියා
|
දක්‍ෂතා තිබුණු තරුණ පිරිස්
කලකිරීමෙන්
රට හැර ගියා
|
|
ඉමාන් පෙරේරා
එක් පසෙකින් ඝෝෂාකාරී, කර්ණකටුක කොත්තු රොටි, ටකරන් වෙළඳ භාණ්ඩ “ගීත” යන ව්‍යාජයෙන්
ඉදිරිපත් කරන රැපියන්ය, හිපියන්ය, සුකිරි බටිල්ලන්ය. අනෙක් පසෙන් අනුන්ගේ ඇඳුම්
තමාගේ ඇඳුම් ලෙස ඇඳගෙන යන්නන් සේ අවසෙස් ගායක ගායිකාවන්ගේ ගී ගයමින් ඊනියා “සුපිරි
තරු” බවට පත්වන්නන්ය. මේ අතර “වැල යන අතට මැස්ස” ගසමින් ජනපි‍්‍රය සංස්කෘතියට
මුක්කු ගසන සුභාවිත ගී ධාරාවේ වගකිවයුත්තන් ගැනද බුද්ධිමත් සහෘදයෝ විමසිලි දෑස්
දල්වා සිටිති. මෙරට කරුණාරත්න දිවුල්ගනේගෙන් පසුව සුභාවිත ගී ධාරාව ඉදිරියට ගෙන
යෑමට සිතූ සේනානායක වේරලියැද්ද, ජානක වික්‍රමසිංහ, රෝහන් ශාන්ත බුලේගොඩ, සමන්
ජිනදාස, ක්‍රිශාන්ත එරන්දක, දයාන් විතාරණ, ජයන්ත රත්නායක ආදීන් මන්දගාමීව සිටිනු
දක්නා ලැබෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය අරභයා යම්බඳු කලකිරීමකින්ද? මෙකී
නොකී අනේකවිධ වහන්තරාවන් මධ්‍යයෙහි සුභාවිත ගීතය කෙසේ හෝ අත් පා දිග හරිද්දී ගීතයේ
අනාගතය පිළිබඳ සුබවාදී අපේක්ෂා අප වෙත දැල්වූ තරුණයෝ තිදෙනෙක් 2000 දශකයේ පහළ වූහ.
ඉමාන් පෙරේරා, කසුන් කල්හාර ජයවර්ධන හා අමල් පෙරේරා යන මේ භාරදූර වගකීම පැවරුණු
ත්‍රිත්වයෙන් ඉමාන් එක් අයෙකි.
”මගේ අම්මටයි, තාත්තටයි සහජ ගායන හැකියාවක් තිබුණා. නමුත් ඔවුන් කලා ක්ෂේත්‍රයට
සම්බන්ධ වුණේ නැහැ. පවුලේ අපි හැමෝටම එහි බලපෑම තිබුණා. අම්බලන්ගොඩ ධර්මාශෝක
විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ් මා පාසලේ සංගීත, ජන ගායනා, නාට්‍ය වැඩසටහන් රැසකට
සම්බන්ධ වුණා. නීල් රංජිත්, සුධර්මන් රංජිත් යන සහෘදයෝ තමයි මගේ හැකියාවන් පාසල්
බිමෙන් එපිටට ගෙන ගියේ.”
මෙරට ජන ගී පර්යේෂණයේ දැවැන්තයකු වූ සී. ද එස්. කුලතිලකයන්ගේ ආභාසය ඔබගේ ගායන
දිවියට ශක්තිමත් අත්තිවාරමක් වුණා.
”මා පාසලේ ඉගෙන ගන්නා කාලේ දිනක එතුමා විදුහලට ආවා. ඔහුගේ ජන ගී පර්යේෂණ සඳහා අපේ
පාසලෙන් තෝරා ගත් ළමුන් කිහිපදෙනා අතරට මාත් අයත්. එතුමා එවකට “සව සංගීත” නමින්
ප්‍රසංගයක් කළා. එහි ප්‍රධාන ගායන ශිල්පීන් වුණේ නිශ්ශංක දිද්දෙණිය හා ඉන්දීවරි
ආරියසිං හයි. අම්බලන්ගොඩ සිට අපි සමූහ ගායනා සඳහා සහභාගි වුණා.
මේ හැරුණුවිට තරුණ
සේවා සභාවේ බෙල්වුඩ් ගම්මානයේ සංගීත වැඩසටහන්වලටත් එකල අපි සහභාගි වුණා. මායි
අයියලා දෙදෙනායි එකතු වී “සදර්න් ශයින්” නමින් අපරදිග සංගීත කණ්ඩායමක් අම්බලන්ගොඩ
පවත්වාගෙන ගියා. මා සංගීතය විධිමත්ව හැදෑරුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ තෙක් පමණයි.
අවිධිමත්ව සංගීතය ගැන සෑමවිටකම ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයෙන් D 8ක් අරන්
උසස් පෙළත් මා හොඳම ප්‍රතිඵල ලැබුවා.”
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රාරබ්ධ කළ “නල මුදු සුවඳ” ඔබේ ගී මඟට නවමු සුවඳක්
මැ වුණා.
”1995 දී ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට
ප්‍රවිෂ්ට වූ පසුව සුනිල් සර්ගේ “නල මුදු සුවඳ” අපේ විශ්වවිද්‍යාලයට වසන්තයක්ම
වුණා. මා ඉදිරිපත් වූ පළමු තරඟයේ අවසන් පස්දෙනාට මා තේරුණත් එවර දිනුවේ ක්‍රිස්ටි
අමරනාත් නමැති සිසුවා. දෙවැනි වර ඉදිරිපත් වූ “නල මුදු සුවඳ” තරඟයෙන් මා දිනුවා.
මෙහිදී තිළිණ රුවන් මලලසේකර ලියූ සුධර්මන් රංජිත් සංගීතය නිමැයූ “වසන්තයේ මල්”
නමැති මගේ පළමු ගීතය ගැයුවා. ඉන්පසුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ යොමු කිරීමෙන්
කුලරත්න ආරියවංශ මහතාගේ මූලිකත්වයෙන් තව ගීත 5 ක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව මට
ලැබුණා. රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, යසනාත් ධම්මික බණ්ඩාර, නිලාර් එන්. කාසීම්,
කුමාර ධර්මවර්ධන යන සංගීතවේදීන් හා ගීත රචකයන් හඳුනා ගැනීමෙන් මේ නිර්මාණ
ගොඩනැඟෙනවා.
මේ අතර සෙනේෂ් දිසානායක බණ්ඩාර “යාත්‍රා” රූපවාහිනී වැඩසටහනේ මගේ
සම්මානීය ගීතය රූප රචනයට නැඟීමත් මගේ ගායන දිවියට විශාල ශක්තියක් වුණා. 2000 දී මගේ
ප්‍රථම සංගත තැටිය “පහන් තාරකාවී” නමින් එළිදැක්වුණා. මාධ්‍ය හරහා වැඩියෙන් ප්‍රකට
වූයේ “සුවඳ මල් රේණු” ගීතයයි.
ස්වීය අනන්‍යතාවකින් ස්වතන්ත්‍ර ගීතාවලියක් ඔස්සේ ශ්‍රාවක රස භාව වපසරිය පෘථුල
කිරීමට වෙර දරන තරුණයකුට අද මුහුණ පාන්නට සිදුවන බාධා, අවහිරතා රැසකට ඔබත්
මුහුණපෑවා නේද?
”පැහැදිලිවම. මං මේ ක්ෂේත්‍රයට පිවිසෙනවිට ඔබ නිතර පවසන ආකාරයේ සුකිරි බටිල්ලන්ගේ
ගීත රැල්ලක් සුභාවිත ගීතයට බරපතළ බලපෑමක් එල්ලකරමින් තිබුණා. සහස්‍රකය ලැබීමත් සමඟ
දක්නට ලැබුණු මේ ශෝචනීය තත්ත්වය මත මා යම් කලකිරීමකින් නිහඬවම කාලයක් හිටියා. බහුජන
මාධ්‍ය වැඩි වැඩියෙන් උලුප්පා හුවා දැක්වූයේ මේ සංකර රැල්ලයි.
මේ අතර නිරෝෂා
විරාජිනිගේ “දුහුල් මලක මල් පෙත්තක” ගීතය ඇසීමත් සමඟ මට අවශ්‍ය වුණා මහින්ද බණ්ඩාර
හා කැලුම් ශ්‍රීමාල් සුසංයෝගී ගීතයක් නිර්මාණය කර ගැනීමට. මගේ “ලස්සන නිළියේ” ගීතය
එහි ප්‍රතිඵලයක්. නවරත්න ගමගේ මට “සඳ දුර නම්” ටෙලි නාට්‍යයේ ගීතයක් ගැයීමේ අවස්ථාව
ලබා දුන්නා. වාණිජවාදී සංකරවාදී රැලි මෙරට සංගීත ක්ෂේත්‍රය පරිහානියට ඇද දමද්දී
මාත් කෙටි කලක් හෝ කලකිරීමෙන් සිටියා.
පූජිත උඩුවන සහෘදයා මාව උනන්දු කරමින් මුල්‍ය
අනුග්‍රාහය ලබා දෙමින් අලුත් ගීත එළිදක්වන්නට ශක්තියක් වුණා. ඒ අතර “ගඟ අද්දර
කැලේ”, “සඳ දුර නම්”, “අහස සේ නුඹ අනන්තයි” ටෙලි නාට්‍යවලත් “නිල් දිය යහන”
චිත්‍රපටයේත් පසුබිම් ගීත ගැයීමේ අවස්ථා මට උදා වුණා.”
අනේකවිධ “ඊනියා යථා දර්ශන” (Reality Shows)වැඩසටහන් ඔස්සේ ගායන ප්‍රතිභාව ඇති තරුණ
පරපුරට සිදුවන හානිය ඔබ දකින්නේ කෙසේද?
”මේවායින් සිදුවන්නේ ග්‍රාමීයව සිටින දක්ෂ තරුණ තරුණියන් ජාතික තලයට ගෙන ඒමක් නොවේ.
ඔවුන්ව අලෙවි කොට මුදලාලිලා ලාභ ඉපැයීමක්. “සුපිරි තරු” කියා ඔවුන් රැවටීමෙන් වෙනත්
පිරිසක් මඩි තර කර ගන්නවා. ඉන්පසු මේවායින් තේරෙන තරුණ පිරිස පෙර පරපුරේ ප්‍රකට ගීත
ගයමින් එනම් අනුන්ගේ ගීත ගයමින් මුදල් උපයනවා. නොබෝ දිනකින් නැත්තට නැතිවෙනවා.”
මේ අතර විධිමත් ශාස්ත්‍රීය ක්‍රමවේද අනුදත්, ස්වතන්ත්‍ර ගායන පරපුරක් හැදූ වැදගත්
ව්‍යාපෘති කිහිපයක් දක්නට ලැබුණා. උදා:- ජාතික තරුණ සේවා සභාව (ෂර්ලි වෛජයන්ත,
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා), නල මුදු සුවඳ (ඔබ), තුරුණු ශක්ති
(ශෂිකා නිසංසලා). මේ ව්‍යාපෘතිවලින් හොඳ ප්‍රතිඵල ලැබුණේ කලාවට අවංකවීම හා පටු
වාණිජවාදී අරමුණු නොතිබූ නිසා නොවේද?
”ඔබ කී පරිදි ජාතික තරුණ සේවා සභාවේ වැඩපිළිවෙළෙන් පසුව සුනිල් ආරියරත්න
මහාචාර්යතුමා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ “නල මුදු සුවඳ” ඇරඹුවා. පසුව කොළඹ
විශ්වවිද්‍යාලයත් මෙය අනුකරණය කළා. “තුරුණු ශක්ති” පටන් ගත්තේ ද “නල මුදු සුවඳ” හී
බලපෑමෙන්. “නල මුදු සුවඳ” සෑම ප්‍රසංගයක්ම පාහේ නැරඹීමට සහභාගි වූ ආචාර්ය සුනිල්
ජයන්ත නවරත්නයන් එදා පැවසුවා තරුණ සේවා සභාවේද මෙවැන්නක් අරඹන බව.
“තුරුණු ශක්ති”
එහි ප්‍රතිඵලයක්. මේවායින් සිදු වුණේ ස්වාධීන හඬවල් තිබූ ස්වතන්ත්‍ර ගායන පරපුරක්
බිහිවීම මිස ව්‍යාජ ලේබල් අලවා ඔවුන් අලෙවි කිරීම නොවේ. “ඊනියා යථා
දර්ශන”(Reality)වැඩසටහන්වලින් සිදුවූයේ ලෝක ප්‍රවණතා ඒ අයුරින්ම අනුකරණය කිරීම
පමණයි.
එදා මෙරට ගායන ශිල්පී, ශිල්පිනීන් බොහොමයක් ඉස්මතු වූයේ ගුවන් විදුලි සරල ගී
වැඩසටහන් ඔස්සේයි. ඒ අවස්ථා ඔවුන්ට ලැබුණේත් හඬ පරීක්ෂණ (Audition)මඟින් ශ්‍රේණිගත
වීමෙන්. මේ නිසා සංගීත කලාවේ උසස් ප්‍රමිතිය රැකුණා. ඔබ ක්ෂේත්‍රයට ආවේ මෙරට ඇතැම්
පෞද්ගලික ගුවන් විදුලි නාලිකා හිස ඔසවා මුදල් අයකරමින් ඕනෑම වහන්තරාවක් ‘ගීත’ ලෙස
ප්‍රචාරය කළ යුගයකයි. එදා අප දුටු රූපවාහිනී සංගීත වැඩසටහන් අද කෝ?.
”පැහැදිලිවම ගුවන් විදුලි සරල ගීතය අක්‍රිය වීමත් ඇතැම් පෞද්ගලික ගුවන් විදුලි
නාලිකා අනුදත් හානිකර වාණිජවාදී ක්‍රියාමාර්ගත් අප ක්ෂේත්‍රයට පිවිසෙන විට දැඩිව
බලපෑවා. එදා ජාතික රූපවාහිනිය මඟින් ඉතා හොඳ සංගීත වැඩසටහන් ඉදිරිපත් කළා. උදා:-
මනෝහාරී, ආනන්ද රාත්‍රිය, යාත්‍රා, නඳුන් උයන. උසස් ප්‍රමිතියකින් මේවාට ගීත තෝරා
ගත්තා. නවකයන්ට දිරිගැන්වීක් ලැබුණා.
අද ජාතික රූපවාහිනියේ එබඳු සංගීත වැඩසටහන්
දකින්න ලැබෙන්නේ නැහැ. අද බොහෝ රූපවාහිනි නාලිකා අනුගමනය කරන ක්‍රියාමාර්ගය වන්නේ
බාහිර ආයතන නිර්මාණය කළ ගීත රූප රචනා ලබා ගැනීමයි. එනම් මෙහිදී මුදල් ඇත්නම් ඕනෑම
කෙනෙකුට මොකක් හෝ ගීතයක් ලෙස ගයා එය රූප රචනයට නඟා විකාශය සඳහා නාලිකාවන්ට ලබා
දීමයි. මේවාහි ප්‍රමිතිය ගැන කවර කතාද?”
සංගීත ක්ෂේත්‍රයේ සුළි, කුණාටු, සුනාමි මැද සුභාවිත ගීතය පෝෂණය කිරීමට වෙර දරන නව
පරපුරේ ඔබේ සිත් ගත් සමකාලීනයන් කවුරුන්ද?
”ක්‍රිශාන්ත එරන්දක එක් අයෙක්. සමන් ජයනාත් දැන් ලංකාවෙ නැහැ. ඔහුට මේ ක්ෂේත්‍රය
ගැන කලකිරීමක් තිබුණා. “ඉවාන් පවුලුෂා” ගීතය ගැයූ අප්සරාත් විදෙස් ගත වුණා. දක්ෂතා
තිබූ මෙවැනි තරුණ පිරිසක් කලකිරීමෙන් රට හැර යාම අභාග්‍යයක්. සෙනේෂ් දිසානායක
බණ්ඩාර ඉතා අඩු වියදමකින් එහෙත් අතිශයින් ආකර්ෂණීය ලෙස “ඉවාන් පවුලුෂා” ගීතයේ රූප
රචනය “යාත්‍රා” වැඩසටහනට නිර්මාණය කළා. මේවා එකම පිරිසක් මිත්‍රත්වයෙන් ඒකරාශී
වීමෙන් බිහිවූ සුන්දර නිර්මාණ. නවරත්න ගමගේ, ගයාන් ගණකධාර, සමන්ත පෙරේරා, තරුපති
මුණසිංහ වැනි සංගීතවේදීන් ද අපේ සමකාලීනයන් අතර විශේෂයි.
අපේ සංගීත ක්ෂේත්‍රයේ වෘත්තීය පදනම ස්ථාවර විය යුතුයි. කලාවේ ප්‍රමිතිය ඉහළ
නැංවීමටත් අවර ගණයේ මොනවා හෝ “ගීත” ලෙස ඉදිරිපත් කිරීම පිටු දැකීමටත් රජයේ
මැදිහත්වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය යැයි මා සිතනවා. තවමත් චිත්‍රපට පසුබිම් ගායනය ගැන
කතා කරද්දී අපි කවුරුත් පිළිගන්නා දෙයක් නම් එච්.ආර්. ජෝතිපාලයන්ට පසුව ඉතා උසස්
තිර හඬක් (Screen Voice) ඇති ගායකයකු පහළ නොවූ බව. මෙය එක් අතකින් අභාග්‍ය සම්පන්න
දෙයක්.
ගායකයන් බිහි වී ස්ථාවර නොවන්නේ එවැනි අය නව පරපුරේ නැති නිසාද? නැත්නම් ඔවුන්ට
අවස්ථාව නොලැබෙන නිසාද? සැබැවින්ම හොඳ චිත්‍රපට පසුබිම් ගායකයකු වීමේ සිහිනය මා
තුළත් තිබෙනවා.”
ඔබ විශ්වවිද්‍යාලය හරහා බිහිවූ ගායන ශිල්පියෙක්. වත්මන් සරසවි සිසු පරපුරේ රසඥතාව
ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?
”සරසවි සිසු පරපුරේ බහුතරයකගේ රසඥතාව ගැන මටත් ලොකු ගැටලුවක් තිබෙනවා. ඇතැම් නූගත්
තරුණයන්ට වඩා කර්ණකටුක, ඝෝෂාකාරී ගීත අසන සරසවි සිසුන් ගැන මා දන්නවා. කැනඩාවේ
කැල්ගරි විශ්වවිද්‍යාලයේ ප්‍රසංගයක් සඳහා ලංකාවෙන් තවමත් සහභාගි වෙලා තිබෙන්නේ
මෑතකදී ‘සුපිරි තරු’ තරඟයකින් ප්‍රකට වූ ගායකයන් දෙදෙනෙක්.
ඒත් තමන්ගේ ගීත ගයන්න
නෙමෙයි, අනුන්ගේ ගීත ගයන්න. ලෝකයේ ඉංජිනේරු ශිල්පයට තිබෙන හොඳම විශ්වවිද්‍යාලයකට
ලංකාවෙන් ගිය සිසුන්ගේ රසඥතාව කොතැනද තියෙන්නේ? මං අපේ රටේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක
ප්‍රසංගයකට ගීත ගයන්න මෑතකදී ගියා. මං ගීත ගයන විටත් එහි සිසුවියන් මෑතකදී ‘සුපිරි
තරු’ ලේබලය අලවා ගත් අන්‍යයන්ගේ ගීත ගයන ගායකයකුගේ නම කියමින් ඔහුව ඉල්ලනවා.
ඒ
ගායකයා එදා විශ්වවිද්‍යාලයට ආවාම ඔහුව කෙල්ලන්ගෙන් ප්‍රවේශම් කිරීමට කාමරයක දමා
වැහුවා. 70 දශකයේ කොල්ලො කෙල්ලො හිසෙහි කෙස් ගලවා ගත්තේ වික්ටර් රත්නායකයන්ගේ.
ඔවුන්ගේ රසඥතාව එතරම් ඉහළ මට්ටමක තිබුණා. අද විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ රසඥතාව
කොතනද තියෙන්නේ කියන පැනයට පිළිතුර එදා ප්‍රසංගයේදී ඇස් පනා පිටම මට ලැබුණා.”
සංලාපය -
නුවන් නයනජිත් කුමාර
|