අපේ ඇත්තන්නේ සන්නිවේදන රටා
|
අපේ ඇත්තන්නේ සන්නිවේදන
රටා
|
|
අනතුරු සටහන් සංඥා
මහ කැළයේ ගමන් කරන විට විවිධ අනතුරුවලට මුහුණදීමට සිදුවෙනවා.
ඒ අනතුරු අතර වල් අලින් ගැවසීම, විශේෂයෙන් තනි අලියා ගැවසීම එක් අවස්ථාවක්.
නැතිනම්, සර්පයන් ගැවසීම තවත් අනතුරක්.
පැටව් සහිත ඊරියන් සිටීම - කොටියන් හෝ වළසුන් සිටීම ද අනතුරු සතුන් වෙනවා.
මහකැළයේ දී මෙලෙස වන සතුන්ගේ උවදුරු එල්ලවීම නිතර සිදු වන්නේ නොදන්නාකම නිසයි.
මන්ද, වල්සතුන්ගෙන් අනතුරක් නැති නිසා ඒ සතුන් ඉදිරියට යනවා. එවිට ඒ වල්සතුන්ගේ
පහරදීමට ගොදුරු වීමට තිබෙන ඉඩ වැඩියි.
මේ නිසා යම් විටක වල් සතුන්ගේ අනතුරක් තිබෙන ස්ථානයකට යම් අයෙක් පැමිණියහොත්, ඔහු ඒ
බව අන්‍යයන්ට ද සංඥා කරනවා.
මේ අනතුරු සටහන් තබන්නේ ද කොළ අතු කැඩීමෙන්.
ඇතැම් විටක පැමිණෙන දඩමං දිගේ ඇසට හසුවන ලෙසින් එක ළඟ ගස් තුනක පොත්ත රැහැලා දමනවා.
එය සතුන්ගේ අනතුරක් බව අඟවන සංඥාවක්.
නැතිනම් හරස් අතට – බිම ළං ළං ව කොළ අතු තුනක් දමනවා.
එවිට බිම දිගේ බඩගානා සතුන්ගේ අනතුරක් බව ඇඟවීමක්.
වේ හුඹස් ළඟත් මෙලෙසින් සටහන් තිබේ නම් එහි විෂකුරු සතුන් සිටින බවට සංඥාවක් වෙනවා.
එවිට ඒ කැළෑ මණ්ඩි මඟහැර යෑමට අන්‍යයන්ට හැකි වෙනවා.
මහින්ද කුමාර දළුපොත
පෙදෙසි වදන්
සතුන් හා බැඳි පද
අලියා - අල්ලිස් අප්පු, ගජයා, බොටකඳා, අලිබොටා,
හෙණ කඳයා
තනි අලියා - රංචුවෙන් වෙන්වූ අලියා
අප්පල්ලෑව - හෝතඹූවා
ඇටබක්කේ - ඇටිකුකුළා
සකලයා - කුරුල්ලා
කුඩමැස්සා - පුංචි මාළුවා
පිහාටුබරියා - කුකුළා
කීලංකුට්ටියා - ගොන් නාම්බා
තඩි ඇටවනවා - ඉත්තෑවුන් ඇල්ලීමට උගුල් ඇටවීම
මෙනමින් හඳුන්වයි.
තය්යාහේ – කුරුල්ලන් එළවීමට කරන ශබ්දය
ගොංගෑවිල්ල – වෑවෙහි දිය බීමට
හරකුන් බසින ස්ථානය
දඩයා - කුළුහරක් රැලේ නායකයා
බෝල්ලු – පානම ප්‍රදේශයේ හරකුන් මෙසේ හඳුන්වයි
එළවස්සා - සුදු වස්සා
ටැක්කී - ගොළුබෙල්ලා
ජලම්පට්ටිය – හරක් පට්ටිය
එප්ප – කූඩැල්ල, චප්පිලෑ ඇත්තෝ
ගොහික්කා - තලගොයි පැටවා
ගොමරොම්බා - හරකා
සකලගෝටය – කුරුළු කූඩුව
වෙනිය ගහනවා - බල්ලා නගුට වනනවා
බුද්ධිකා
|