»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
ධනවාදයට පිටුපාන ධනවාදයේ ගාන්ධර්වයා
 

ධනවාදයට පිටුපාන ධනවාදයේ ගාන්ධර්වයා

 

රොක් හා රොල් සංගීතයේ නියැළී වියපත් වන සුපිරි තරු අපමණ ය. එහෙත් සංගීතයේ සීමා පරාසයන් බිඳ දමමින් පර්යේෂණ මට්ටම් කරා ගෙන යන්නේ ඉන් අතළොස්සක් පමණි. එල්විස් කොස්ටෙලෝ ඔහුගේ යුගයේ පරිණත අනෙකුත් රොක් සංගීතඥයන් වන ඩේවිඩ් බොවී හා මයික් ජැගර් තරම් ප්‍රසිද්ධියට පත් රොක් සංගීතඥයකු නොවුවද සංගීතය පර්යේෂණ මට්ටමට ගෙන ගොස් එහි සතු විභවයන් වටහා ගත් ප්‍රවීණයෙකි.

නවීන බවක් නොගත් ඒකාකාරී නීරස නලා නාදයන්ගෙන් හෙම්බවත්ව නොරිස්සුම්කාරී වී සිටි තරුණ ප්‍රජාව වහා මෙම සංගීත කලාව වෙත යොමුවූහ. ඔහුට ඇහුම්කන් දීමට හුරු පුරුදු වූ තරුණයෝ ප්‍රේමය හා සෞන්දර්ය මූලික කරගත් සුන්දර හැඟීම්, යටත් විජිත වල යුද භටයන් සම්බන්ධ පුවත් ආදී වශයෙන් වූ අනෙකුත් වස්තු විෂයයන්ගෙන් ඈත් වන්නට වූහ.

කොස්ටෙලෝ ඔපෙරා සහ බැලේ යන කලාත්මක අංගයන් රචකයකු ද වන්නේ ය. ඊට අමතරව දොරටු පාලකයාගේ භූමිකාව රඟ දක්වන චිත්‍රපට සහ ඔස්ටින් බලය යන කලාත්මක අංගයන් වස්තු විෂය කරගනිමින් විවේචනාත්මක විවරණ හා අනුවර්තනයන් මොහු විසින් සිදු කර තිබේ. එහෙත් මේ සියල්ල තරමක පසුබෑමකට ලක් කරවමින් 1977 වර්ෂය ඔහුගේ ජීවිතය සුවිශේෂී කළ වර්ෂයකි. ඒ ‘My aim is true’  ‘මගේ අරමුණ සැබෑවකි’ යන නමින් 1977 වර්ෂයේ ඔහුගේ පළමු නිර්මාණය නිකුත් කිරීම නිසාවෙනි. එතැන් පටන් ක්‍රමානුකූලව ඔහු විවිධ නිර්මාණ ගණනාවක නිරත වීම හඳුනා ගත හැකි ය.

 ගණනින් 24 ක් වූ ඔහුගේ ගීතමය ඇල්බම් Jass, Classical සම්භාව්‍ය, Country සහ blues යන විවිධ සංගීතමය හා නර්තන සම්ප්‍රදායයන් ආක්‍රමණය කරමින් නිර්මාණය කර තිබේ. මෙහිදී අනෙකුත් සංගීත හා නාට්‍ය සම්ප්‍රදායයන් ගේ ප්‍රවීණ සමකාලිකයන් ද මොහු සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබෙනු හඳුනා ගත හැකි ය. ජැස් සංගීතය සඳහා බර්ට් බැචාර්ක් ද මෙසෝ සොප්රානෝ ගීත ස්වර ස්වරූපය සඳහා සැක්සෝෆෝනිස්ට් ලී කොනිට්ස් ද ඔටර් සඳහා ඈන් සොෆී ද යන ආකාරයෙන් එල්විස්ගේ සමකාලීන කලාකරුවන්ගේ කලා කුසලතා විශේෂ පරාසයන් හඳුනාගත හැකි ය. කොස්ටෙලෝගේ මෑතකදී හඳුනාගත් තවත් සුවිශේෂතාවයක් සඳහන් කළ යුතු ය.

එනම් විවිධ කුසලතාවන්ගෙන් සැදුම්ලත්, කාගේත් අවධානය දිනාගත් දීප්තිමත්, ආකර්ෂණීය නිර්මාණ දෙකක් එකම දිනක දී නිකුත් ඛ්ලමයි. ඔහුගේ බැලේ නෘත්‍යයක් සඳහා වූ ස්වර ප්‍රස්තාර සකස් කිරීම සිදු කර තිබුණේ ‘අ මිඩ් සමර් නයිට්ස් ඩිරිම්’ පදනම් කොට ගෙන වන අතර ‘ද ඩිලිවර් මෑන්’ ඇල්බමය සඳහා යොදා ගනු ලැබුවේ දකුණු ඇමෙරිකානු පසුබිම තුළ නිර්මාණය වූ රොක් සහ රොල් සංගීතයන් ය. මීට පෙර බොහොමයක් විචාරකයන් විසින් ඔහුගේ මේ නව සංගීත සම්ප්‍රදාය සඳහා පවතින කුතුහලය උපහාසයට ලක් කොට තිබේ.

එහෙත් කොස්ටෙලෝ හට එය තම ප්‍රාණ වායුව තරමට ම වැදගත් වන්නකි. ඔහු වැඩිදුරටත් මෙසේ පවසයි. “මගේ සංගීත ලෝකයේ සිට ජෑස් හෝ වෙනත් ආකාරයක සංගීත සම්ප්‍රදායක් සමඟින් යම් අයෙකුට සම්බන්ධ වීමට හැකියාව මතුවන්නේ මගේ සංගීතය තුළ ද එම තැනැත්තා හිමිකර ගත් ජනප්‍රියතාවය නිසායි.

ගී තැටි දෙකක් එකවර නිකුත් කිරීම සුළු පටු කරුණක් නොවේ. එය බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ලැබුවේ එබැවිනි. කොස්ටෙලෝ සංගීතය තුළ හඳුනා ගත හැකි සුවිශේෂිතාවය නම් ඔහුට ඕනෑම මාතෘකාවක්, විෂය පථයක් ගෙන එය ගීතයක් බවට පෙරළීමට ඇති හැකියාවයි. මෙහිදී ‘දේශ ද්‍රෝහියා’ යන මාතෘකාව පවා ගීත රචනය සඳහා යොදා ගෙන තිබෙනු දැකගත හැකි ය. රොක් සංගීතයෙන් පිරිණු නෘත්‍ය ශාලාවක් තුල රසිකයන් නර්තනයෙන් හා සතුටෙන් මුසපත් කරවන්නට ඔහුගේ අක්ෂර වලින් සැඳුම් ලත් නිර්මාණ (ගීත/ ස්වර ප්‍රස්තාර) ප්‍රබල බලපෑමක් කරනා බව කිව යුතු ය. Aterballeto  නම් වූ ඉතාලි නාට්‍ය සංගමය හා සම්බන්ධ වීමෙන් අනතුරුව “I 1 Sogno” සඳහා පිටු 200 කින් සමන්විත සංගීත ස්වර ප්‍රස්තාරයක් එල්විස් විසින් නිර්මාණය කිරීම ද ඔහු දිවියේ වැදගත් ඉදිරි පියවරකි.

ඔහු මින් පෙර නර්තන රසිකයකු හෝ වාදක කණ්ඩායම් සඳහා ස්වර ප්‍රස්තාර රචනා කරන්නෙකු නොවුන ද ඉතාලි නාට්‍ය සංගමය හා සම්බන්ධ වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අවධානය යොමු කළේ ය. ඉතාලි නාට්‍ය සංගමය සඳහා වූ ඔහුගේ මෙහෙවර හා දුර්ලභ සංගීතමය හැකියාව ඇගයීමට ලක් කළ ඉතාලි රසිකයන් වෙනුවෙන් එල්විස් තුළ තිබූ දැඩි ඇල්ම ඔහුගේ ඉහත රුචිකත්වයන් දියුණු කිරීමට හේතු විය.

තවද Dante ගේ ‘පැරඩිසෝ’ සම්බන්ධයෙන් සංගමය විසින් ඉටු කළ මහගු කාර්යය ද කොස්ටෙලෝ විසින් අගය කරනු ලැබූ අතර ස්වර ප්‍රස්තාර රචනය කෙරෙහි ඔහු යොමු කරවීමට එය ද හේතුවක් විය. ඉහත කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පළමුවෙන් ම සිදුකොට ඇත්තේ ශේක්ස්පියර් නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ගේ විවිධ චරිත සම්බන්ධයෙන් නර්තනකරුවන් දක්වා ඇති අර්ථකථන පාදක කොට ගනිමින් සංගීත ස්වර ඛණ්ඩ රචනා කිරීමයි.

මෙහිදී 17 සහ 18 වන සියවස් වල හඳුනාගත හැකි වූ සංගීත හා නර්තන කලාවන්ගේ පටන් ණචඵඵ සංගීතය දක්වා සංගීත ශිල්ප ක්‍රම අධ්‍යයනයක් සිදු විය. ඉන් අනතුරුව 2003 වර්ෂයේදී නර්තනකරුවන් නොමැතිව තනිව හැසිරවිය විය හැකි වන ආකාරයේ සංගීත ස්වර ඛණ්ඩයන් ගණනාවක් බැලේ සංගීතය ආශ්‍රිතව සකස් කිරීම සිදුවිය.

“Il Sogno”  නම් වූ නිර්මාණය බොහොමයක් ජාතීන්ගේ හා මහාද්වීපවල නර්තන කරුවන්ගේ, සැලසුම් කරුවන්ගේ හා මෙහෙයවන්නන්ගේ සංයෝගයෙන් නිර්මිත වූවකි. කොස්ටෙලෝ විසින් ‘ද ඩිලිවරි මෑන්’ නම් වූ නිර්මාණය පටිගත කර ඇත්තේ ‘The Impostar’ ‘ද ඉම්පෝස්ටර්’ නම් වූ අත්දැකීම් වලින් බහුල වූ වාදක කණ්ඩායමක සහයෝගය ලබා ගනිමිනි.

මෙහිදී කොස්ටෙලෝ විසින් නව ඇල්බමයේ මූලාරම්භය සකසා ඇත්තේ යහළුවන් දෙදෙනෙකු පිළිබඳව දිග හැරෙන කතා පුවතකිනි. වරදකාරියක වූ උමතු , සිහිවිකල් වූ යුද වැන්දඹුවක් විසින් මෙම යහළුවන් දෙදෙනා කරදරයට පත් කරනු ලබන ආකාරය මෙහි අන්තර්ගත වේ. ඇමරිකානු සාම්ප්‍රදායික ජන සමාජය හා බැඳි පවත්නා දෑ මෙයින් නිරූපණය කරයි.

ඉම්ෆෝස්ට් කණ්ඩායම සමඟින් එක්වුණු කොස්ටෙලෝ, වර්ලිට්සර්ස්, යුකෙලේල්ස් හා මොන්ඩ් උපයෝගි කර ගනිමින් රොක්, රොල් හා ගැමි සංගීතයෙන් එක්ව සැදුණු කොබිලිටි නම් වූ සංගීතය නිර්මාණය කළහ. “There is a story in your Voice” හි උමතු වැන්දඹුවගේ චරිතය ලුසින්ඩා විලියම්ස් විසින් නිරූපණය කළේ ය. ඩාර්ක් ගී තැටිය ද ඇතුළත්ව තවත් සංගීත පට දෙකක උදව් ලබා ගනිමින් හැරිස් ගීත ගායනා කළේ ය. මෙහි Cold Mountain චිත්‍රපටය විසින් ඔස්කාර් සම්මානය දිනා ගන්නා ලදී.

ගීත ගායනා කරන්නා සේම කොස්ටෙලෝ නිතරම කතා බස් කරයි. ඔහුගේ කතාව වේගවත් ය. ඉක්මන් කාරිය. ඔහුගේ දීර්ඝ කතා බහ අතරතුර දෙවන වරටත් ඔහු නතර වෙයි. එය ඔහුගේ වචනවල ඇති මහත් කලබලකාරී බව නිසා තවත් කෙනෙකු තුළ ඇතිවිය ඇති නොරිස්සුම්කාරී බව හා තරහව නැති කරවීමට හැකි වන පරිදි විය හැකි ය.

“සංගීතය ජීවිකාව කර ගනිමින් බොහෝ මිනිසුන් ගීත රචනයේ යෙදෙනවා. එවන් මිනිසුන්ට වඩා මම බොහෝ ඉදිරියෙන් ඉන්නවා. මා පිළිබඳව විවේචනය කරමින් සිටින පුද්ගලයන්ට වඩා මෙම ක්ෂේත්‍රය පිළිබඳව මම වඩාත් දැනුවත්” උඩඟු ලීලාවෙන් කොස්ටෙලෝ සඳහන් කරයි.

ප්‍රිය මනාප වූ ගීත නිර්මාණය පිළිබඳව කොස්ටෙලෝ කෙදිනකවත් කනගාටු නොවුන ද තම වෘත්තියෙහි කලාත්මක බව රැක ගනු වස් ඔහු විශාල වෑයමක් දරනු පෙනේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ “මිනිස්සු හිතන්නේ මම කිසිදු දැනුමකින් අවබෝධයකින් තොරව ඉඳ හිට කුමක් හෝ නිර්මාණයක් සිදු කරනා බවයි. එහෙත් එය කිසි ලෙසකින් එසේ වන්නේ නැත. එය ඉතා හොඳ සැලැස්මක් මත සිදුවන ක්‍රියාදාමයක්. මම මගේ නිර්මාණයන් ඉතා උසස් මට්ටමෙන් සිදු කරනවා පමණක් නොව මේ සියල්ල අතරම මනා සබඳතාවයක් ද පවත්වා ගන්නවා” 1993 සිට Brodsky Quartet ගේ ද සහයෝගය ඇතිව ප්‍රථමයෙන් සම්භාව්‍ය සංගීතයට යොමු වූ දින පටන් මේ වන තෙක් හඳුනාගත හැකි වූ ප්‍රගතිය නිරූපණය කරන්නා වූ ඇල්බමයක්  Il Sogno  නිකුත් කිරීමට පෙරාතුව සාර්ථක ලෙස එළි දැක්වීමට කොස්ටෙලෝ සහ ඔහුගේ නිෂ්පාදකවරයා සැලසුම් කොට තිබුණි.

 පෝගස් බැසිස්ට් කෙයිට්ලින් ඔරියොඩ්රන් හා වසර 15 ක් තිස්සේ පැවති විවාහය බිදීයාම හා ක්‍රෑල් සමඟ ඇති කරගත් නව සබඳතාවය කිසිවිටකත් කොස්ටෙලෝගේ කටයුතු අසම්පූර්ණ නොකළේ ය.. තම කටයුතු වලදී හොඳ ප්‍රබෝධමත් බවකින් සිටි බව ඔහු පවසයි. ඔහු විසින් සිදු කළ ගමන් බිමන්, නිහඬව සිදු කළ ගීත රචනයන් හෝටල් ආශ්‍රිතව සරල ඉලෙක්ටෙ‍්‍රීන ස්වර පුවරු භාවිතයෙන් අලුයම් කාලයේ සිදු කළ ගීත ගායනා ආදි වශයෙන් වූ තම ජීවිතයේ සරල සිදුවීම් පසුගිය වසරේ නිකුත් කළ ‘නෝර්ත්’ ඇල්බමය සඳහා පදනම සකස් කළේ ය.

තමා ඉමහත් ප්‍රසිද්ධියකට පත් කළ, එසේ ම මිනිසුන්ගේ ප්‍රසාදය දිනා ගනු ලැබූ තම නිර්මාණ වල ප්‍රවීණත්වය පිළිබඳව කොස්ටෙලෝ අතීත ආවර්ජනයක යෙදෙයි. ‘බෙඩ්ලව් ගීතය’ ඉන් එකකි. ‘ද ඩිලිවර් මෑන්’ වෙත අවධානය යොමු කරවූ බෙඩලම් ගීතය වර්තමානයේ මැද පෙරදිග රටවල පවත්නා ව්‍යාකූල තත්ත්වයන් විවේචනයට බඳුන් කරයි. ‘ද්‍රෝහියෝ එල්ලා දැමූ තැන තාරකා දීප්තිමත් ව බබළයි.

ඔවුහු ධජ හා වැරහැලි බිම හෙළති. තැළුණු බිඳුණු දම් පැහැගත් හදවත් පලස්තීනය වෙත ඔවුහු ඇඳ ගෙන ගියහ. (ගීතයේ අන්තර්ගත කොටසකි) මෑතකදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ කොස්ටෙලෝගේ තවත් ගීතයක් ලෙස ‘මන්කි ටූ මෑන්’ හඳුන්වා දිය හැකිය. මෑතකදී කොස්ටෙලෝ විසින් හඳුන්වා දුන් මෙම ගීතය ජෝර්ජ් ය. බුෂ් විසින් තම ජනයා වෙත දෙන ලද උපදේශයක් වෙත අවධානය යොමු කරවමින් නිර්මාණය කර තිබේ. “පරිණාමවාදයට නිගා කරන්නා වූ කිසිවෙකුටත් ඡන්දය භාවිතා නොකරන්නැයි” එහි අන්තර්ගතය.

අනෙකුත් යුරෝපීය කලාකරුවන් මෙන් නොව කොස්ටෙලෝ ඇමරිකානු සංස්කෘතික පසුබිම පිළිබඳව මනා හසළ දැනුමක් ඇත්තෙකි. නවීන ලෝකය හා ගැටෙමින් ඇමරිකානු සමාජ පරිසරය තුළ තම කලා මඟ වර්ණවත් කර ගන්නා ආකාරය පිළිබඳව ඔහුට මනා වැටහීමක් ඇත. ඔහු හොලිවුඩ්, නෂ්විලේ මෙන් ම මෑතකදී ඔක්ස්ෆර්ඩ් හා මිසිසිපි වල ද ඔහුගේ ගී තැටි නිර්මාණය කළේ ය. කොස්ටෙලෝ හා ක්‍රැල් ජීවත් වන නිව්යෝර්ක් නගරය පිළිබඳව ‘නොර්ත්’ ගී තැටියේ ඉතා ආකර්ෂණීය අන්දමින් සංගීතයට නඟා තිබේ. තමා උපන් එංගලන්ත පරිසරයෙන් ඈත්ව ජීවත් වීමට කොස්ටෙලෝ කැමැත්තක් දක්වයි. මන්දයත් එංගලන්ත සංස්කෘතික පථය ඉතා සීමිත වන බැවින් හා මිනිසුන් වඩාත් තියුණු වන බැවිනියි කොස්ටෙලෝ පවසයි.

70 දශකයේ බ්‍රිතාන්‍ය විවේචනයට ලක්කළ කලාකරුවෙක් ලෙස ප්‍රචලිතව සිටි කොස්ටෙලෝ මේ වනවිට මහාද්වීප තරණය කරන්නෙකු සේම බ්‍රිතාන්‍ය කලාකරුවෙකු ලෙස ද හඳුනාගත හැකි ය. එංගලන්තය හා පොප් සංගීතයෙන් බැහැරව වෙනත් මඟක් සොයා ගිය මේ තරමක කෝපාකාරී මිනිසා අද වනවිට සතුටෙන් ජීවත් කරවීමට ඔහු අනුගමනය කළ සංගීත සම්ප්‍රදායට හැකිවී ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා