»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
තිලකය
 

තිලකය

 

 

නව සළුවක ගීතය

විසල් මිහිලිය පවා මේ
වියළි කාලේ දුක් විඳි
හරිත පැහැ වූ සළුව මැලවේ
රැල් ලිහේ
එහෙත් යළි වස්සානයේ දී
හරිත පැහැ සළු හැඳ ගනී

වියළි කටු පඳුරේ පවා
මල් පිපේ - එහි රොන් පිරේ
ගිරා මාලති කුරුල්ලන් නම්
හොට අගින් නව සළු මදී
නිල් ගුවන් ගැබ ඉගිල්ලේ

එහෙත් කිසියම් දවසකදි මම
මහකනදරා වැව ඉමේ
දිටිමි නුඹ පොඩි දියණියේ

වැව පවා දිගු කලක් දුක් විඳ
නිල් සළුව අහිමි ව හිඳී
එහෙත් ඈ වස්සානයේ දී
නිල් සළුව හැඩ කොට අඳී

සෙනරත් ගොන්සල් කෝරාළ

දියණියේ නුඹ එකම ගවුමක්
විලි වැසෙන්නට ඇඳ ගනී
ඒ ගවුම ඇඳ වැවට බැස නා
එයම වේළෙන තුරු හිඳී

කොහා මේ හඬ ගා ගයන්නේ
වසන්තයේ ගීත ම නොවේ
කුරුලු ඇහැ අසරණව තෙත් කළ
සෝ ගී ද නුඹ ගැන දුවේ

වන උයනක සිරිවිමන කාව්‍ය සංග්‍රහයෙනි.

මේ කවිය.....

සොබා දහමේ ගතික (වෙනස්වීම) ස්වාභාවය හඟවන චිත්තරූපාවලියක් මේ කාව්‍ය නිර්මාණයේ අත්දැකීම හා ප්‍රබල ඥාතිත්වයකට පත්වෙයි. එක් අසරණ දැරියකගේ රූපය මෙකි සොබා දහමේ දසුන් හා සමුච්චය (MONTAGE) කිරීම මේ නිමැවුමේ සාර්ථත්වයට හේතුවන කාව්‍යෝචිත ක්‍රමෝපාය වී ඇත. වියළි කලගෙවා මිහිලිය පවා වස්සානයේ හරිත පැහැ සළු හදි. වැව ද නිල් සළුව අහිමි ව සිට වස්සානයේ නිල් සළුව ලැබ එය හැඩකොට හැද සිටි. එහෙත් දුව!

ඇය මේ වස්සාන සමෘද්ධියෙහි හිමිකාරියක් නොවේ. ඇයට නව සළුවක් හිමිවන ලකුණකුදු නැත. කවියා මේ දියණියන් මුහුණ දෙන අප්‍රමාණ දරිද්‍රත්වයට හේතුවන දේශපාලන, ආර්ථික කොන්දේසි පිළිබඳව මද අපි‍්‍රය අමනාප - ස්වරයක් හෝ නොනඟයි. දියණියන් මුහුණ දෙන දුඞක්ඛය හේතුවෙන් ආවේගයට පත් කවියා නොව ඔහුගේ තැන්පත් කාව්‍යෝචිත මනස පමණක් කවිය ඇසුරේ ක්‍රියාත්මක වනු පෙනේ.

අප කවියා මෙහිදි අදහස් රැසක් පළකිරීම පමණක් සිය පරමාර්ථය කොට නො ඟනි. ඔහු සිය නව සළුවක ගීතයෙහි සමුච්චිත අරුත අප හමුවට පමුණුවන්නේ හැඟීම් මාත්‍රයක් විලසනි. දුවට නව සළුව අහිමි කළ විෂම දේශපාලන හා ආර්ථික අවගතිය පිළිබඳ අන්‍යාලාපයක්ද ඒ හැඟීම් මාත්‍රයෙන් උකහාගත හැකිය.

නන්දන වීරසිංහ

අසූව දසකයට අයත් සෙනරත් ගොන්සල් කෝරාළ කවියා විසින් රචිත “නව සළුවක ගීතය” කවිය පාඨක සිත්හි ඇතිකරනු ලබන්නේ සංවේදී හැඟීමකි. මහකනදරා වැවට ආසන්නයේ ජීවත්වන දියණියකගේ සිදුවීමක් වටා ගෙතී ඇති කවියෙන් පරිසරය ආශි‍්‍රත කරගෙන දියණියගේ ‘දුක’ කීමට උත්සාහ දරා ඇත. ඇඳිවත පිටින් වැවෙන් දිය නා එයම වේළෙන තුරු සිටින දියණියගේ දසුන සංවේගයට කරුණකි. ඇයට එසේ සිටින්නට සිදුවූයේ ඈ අවට සමාජයේ පවත්නාවූ හේතු කාරණාවන් නිසාය. එනමුදු කවියා අපට මේ දේවල් එකින් එක විග්‍රහ කර නොදක්වයි.

ඔහු අපට කියන්නේ මහකනදරා වැවෙන් දියනා එකම ගවුම වේළෙන තුරු තෙත ගවුම පිටින් සිටින දියණියගේ දසුනයි. පරිසරය කලින්කල විවිධ වෙනස්කම් වලට හසුවන්නේය. පැවැති නියං සමය නිමා කරමින් වැසි ඇඳ හැළෙන්නේය. එවිට වියළී ගිය ගහ කොළ නව දලු ලන්නේය. පරිසරය අලුත් වන්නේය. කටු පිරුණු ගස්වල පවා මල් පිපෙන්නේය. වියළී ඉරිතලා ගිය වැව පිරෙන්නේය. කුරුල්ලෝ ද වසන්ත සමය එළැඹියේ යැයි හඬ නඟන්නෝය.

”වැව පවා දිගු කලක් දුක් විඳ
නිල් සළුව අහිමිව හිඳී
එහෙත් ඈ වස්සානයේදි
නිල් සළුව හැඩකොට අදී”

කුඩා දියණියගේ නැති බැරිකමත් ඇයගේ වැරැහැලි ගවුම වෙනුවට අලුත් ගවුමක් ලැබේදැයි යන්න සිහිනයකි. වසන්ත කාලයේදී කොවුලන් ගී ගයන්නේය. ඒ වසන්ත කාලය පැමිණි බව හඟවන්නටය. අවුරුදු කාලයේදී ඇඳුම් පැළඳුම් අලුත් වේ. නමුත් දිළිඳුකමේ පතුලේ සිටින දියණියගේ ගවුම අලුත් වන්නේ නැත. ‘නව සළු ගීතය’ කවියේ ශෝකාන්තය එයයි.

කොහා කුරුල්ලන්, මේ ගයන්නේ වසන්ත ගීතය නොව දැරිය වෙනුවෙන් උපන් දුක් ගීතයන්ය.

”කොහා මේ හඬ ගා ගයන්නේ
වසන්තයේ ගීත ම නොවේ
කුරුලු ඇහැ අසරණව තෙත් කළ
සෝ ගී ද නුඹ ගැන දුවේ”

කවියා සංයමයෙන් යුතුව අපට දැරියගේ දුක්ඛිත ජීවිතය ගෙන හැර දක්වන්නේය. ඔහු තුළ සමාජ විරෝධි ආකල්ප හෝ දැරියගේ දරිද්‍රතාවයට හේතු වූ සමාජ සාධක කෙරෙහි ආවේගශීලී භාවයන් නැත. ඔහු සිතන්නට සියල්ල ඉතිරි කරන්නේ රසිකයාටය.