»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
 
 
 
* 2010 නොවැම්බර් 07දින
* 2010 ඔක්තෝම්බර් 31දින
* 2010 ඔක්තෝම්බර් 24දින
* 2010 ඔක්තෝම්බර් 17දින
* 2010 ඔක්තෝම්බර් 10දින
* 2010 ඔක්තෝම්බර් 03දින
* 2010 සැප්තැම්බර් 26දින
* 2010 සැප්තැම්බර් 19 දින
* 2010 සැප්තැම්බර් 12 දින
* 2010 සැප්තැම්බර් 05 දින
* 2010 අගෝස්තු 29දින
* 2010 අගෝස්තු 22දින
* 2010 අගෝස්තු 15දින
* 2010 අගෝස්තු 08දින
 
 
   
අවසාන කොළය
 

අවසාන කොළය

 

 

ඕ. හෙන්රි (1862 - 1910)
The last leaf
කෙටි කතාවේ පරිවර්තනය

එය වූ කලි බටහිර වොෂින්ටන් චතුරස්‍රයේ පිහිටි කුඩා දිස්ත්‍රික්කයකි. කිසි ම සැලැස්මකින් තොර ව පිහිටි එහි වීදි දසත විහිදි ගියේ ‘අසවල් ස්ථානය’ ලෙස හැඳින්වූ කුඩා බිම් කොටස් වෙත ය. විවිධ අන්දමේ හැඩතලවලින් ගහණ මේ වීදි ඔස්සේ යම් චිත්‍ර ශිල්පියකු වරක් හෝ දෙවරක් පිය නැගුව හොත්? ඔහුට කලාත්මක චිත්‍රයකට අවශ්‍ය කරන්නා වූ අමුද්‍රව්‍ය බොහෝමයක් සොයා ගත හැකි වනු ඇත.

නිව්මෝනියාව“ වනාහි නම්බුකාර සම්බන්ධතාවක් ඇති කර ගැනීමට නොහැකි වයසක මහත්මයෙකි. කැලිෆෝනියාවේ නිෂ්පාදිත දුහුල් පොරෝනාවක ගුලිවී සිටි පුංචි තරුණිය මේ අමුත්තාගේ ග්‍රහණයට නතු වී අනේක දුක් පීඩා විඳිමින් හුන්නා ය. තම තීන්ත ආලේප දෑතට මත්තෙන් වූ කුඩා ලන්දේසි කවුළුව තුළින් දිස්වෙන අසල්වැසි නිවහන් දෙස දෙනෙත් හෙළමින් ඇය නිරන්තරයෙන් ම පසු වූවා ය.

තවත් එක් උදෑසනක අළු පැහැති ඇහිබැමිවලින් යුත් කාර්ය බහුල වෛද්‍යවරයා ‘සු’ තමාගේ වෛද්‍ය කුටිය තුළට කැඳවූයේ ය.

“ඇයට තව ඇත්තේ එක ම අවස්ථාවයි. අපි කියමු ඒක දහයෙන් එකයි කියලා” යැයි වෛද්‍යවරයා තම උණ කටුවේ රසදිය මාපකය පහළට හරවමින් කීය. ඒ අවස්ථාව ඇයට ජීවත්වීමේ අභිලාෂය ඇති කරගැනීම වෙනුවෙනි. අනේ ඒ පුංචි කෙල්ල ජීවත්වීමට තියෙන ආශාව හිතේ සදහට ම අයින් කරගෙන වගෙයි. සමහර විට ඒ කවදාවත් හොඳ නොවෙන නිසා වෙන්න ඇති. ඒත් ඇයගේ හිතේ මොකක් හරි වැඩක් කරන්න ආසාවක් තියෙන්න ඇති.

‘ඇයට ඕන වුණා දිනක් නේපාලයේ තැනිතලාවක් චිත්‍රයට නගන්න.’

‘චිත්‍රයට නඟන්න. හා... ඇය කිසිම විටක පිරිමියෙක් වැදගත් කියලා සලකලා තියෙනවාද? ‘පිරිමෙයක් ‘සු’ අපැහැදිලි ස්වරයෙන් ප්‍රශ්න කරමින් වැඩි දුරටත් මෙසේ කීවා ය. ‘පිරිමියෙක් වැදගත් වෙන්නේ නැහැ... ඒත් දොස්තර මහත්තයා එහෙම දෙයක් නැහැ.’

“හොඳයි... අන්න එතන තමයි වරද තියෙන්නේ” වෛද්‍යවරයා කීය. “මම විද්‍යාවෙන් කළ හැකි දේ සියල්ල ම කරන්නම් හැබැයි යම් දිනක මගේ රෝගියා පණ අදින්න පටන් ගත්තහම මම මගේ බේත්වල ගාස්තුවෙන් සියට පනහක් අඩු කරනවා. ඔබට හැකි නම් ඇය ව ලබන සීත සෘතුව වන තෙක් ම තබා ගන්න. එහෙනම් පහෙන් එකක් වන තෙක් ම වැඩි වේවි. ඉතින් පහෙන් එක දහයෙන් එකට වඩා හොඳයි නේද?”

මෙලෙස කී වෛද්‍යවරයා එතැනින් නික්ම ගිය පසුව ‘සු’ හඬා වැලපෙන්නට වූවා ය. ඒ අන්දමින් හඬා වැලපුන ඈ වෙනත් කාමරයකට ගොස් කිසිවක් සිදු නොවුණා මෙන් මොහොතකින් ජපන් අත්පිස්නාවක් සහ චිත්‍ර ආම්පන්න ද රැගෙන ජෙන්සි නිදාගෙන සිටි කාමරය තුළ සිවුරු බාමින් පිවිසියා ය.

මොහොතකින් චිත්‍ර රඳවන ලෑල්ල පින්සල් - තීන්ත යනාදී කළමනා සකස් කර ගත් “සූ” සඟරාව සඳහා අවශ්‍ය කරන්නා වූ චිත්‍ර කීපය අදින්නට පටන් ගත්තා ය. තරුණ සාහිත්‍යකරුවකු සාහිත්‍යයේ මං පෙහෙළි සොයා ගන්නේ යම් සේද තරුණ චිත්‍ර ශිල්පියකු ද චිත්‍ර කරණයේ තමන්ගේ මං පෙහෙළි සොයා ගත යුතු ය.

“දොළහයි” ඇය කීවා ය. ටික වේලාවකින් “එකොළහයි - දහයයි - නවයයි - අටයි - අතයි”

“සූ” මහත් වූ උනන්දුවකින් තම මිතුරිය ගණන් කරන්නේ මොනවා දැයි? කියා සොයා බලනු පිණිස කවුළුව දෙසට දෙනෙත් හෙළුවා යත්, ඒ තුළින් හුදෙකලා වු මුඩු බිම් පෙදෙසත් ඔවුන් සිටි ස්ථානයේ සිට අඩි විස්සක් පමණ එපිටින් හුදෙකලා ගඩොල් නිවහනක් දිස් විය.

“මොකක්ද කෙල්ලේ”? සූ ආදරයෙන් ඇසුවා ය.

“හයයි...” ජොන්සි කොඳුරා කීවා ය. දැන් ඉතින් ඒවා ඉක්මනින් වැටෙනවා. මීට දවස් තුනකට ඉස්සර වෙලා නම් ඒකේ කොළ සිය ගණනක් තිබ්බා. මගේ හිත මට කිව්වා ඒවා එකින් එක ගණන් කරන්න කියලා. දැන් හරි ලේසියි. ඔන්න තවත් එකක් හැළුණා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ හරියට ම කොළ පහයි.”

“පහයි... මොනවද?”

“මැරිච්ච මිදිවැලේ කොළ. ඒකේ අවසාන කොළයත් හැළුණා ම මං යන්න ඕනෑ. ඒ වග මම මීට දවස් තුනකට ඉස්සර වෙල ඉඳලා දන්නවා. ඇයි දොස්තර මහත්තයා ඔයාට කිව්වේ නැද්ද?”

“ඕ... මං කවදාවත් මේ වගේ විකාර කතා අහලා නැහැ” යැයි කියා සූ උපහාසයෙන් යුතුව තවදුරටත් මෙසේ කීවා ය. “මේ මැරිච්ච මිදි වැලයි ඔයාගේ ලෙඩෙහි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඇරත් ඒකට පුළුවන් ද ඔයා සනීප වෙන එක නතර කරන්ඩ. ඔයත් ඉතින් ඒකට ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා. පිස්සු කෙල්ල... නිකං මෝඩ වෙන්න එපා. ඔයා දන්නවාද? අද උදේ දොස්තර මහත්තයා කිව්වා ඔයාට සනීප වෙන්න වාසනාව තියෙනවා කියලා. දැන්වත් මේ සුප් කෝප්පය බොන්න. මේ චිත්‍ර ටික අද ම අහවර කරගත්තොත්? හෙට පුළුවන් වෙයි මේවා සඟරාවේ කර්තෘ මහත්තයාට විකුණලා මගේ ලෙඩ දරුවාට ඉස්තරම් වර්ගයේ වයින් බෝතලේකුයි ඌරු මස් පෙති ටිකකුයි ගෙනත් දෙන්න?...”

“ඔයා කවදාවත් වයින් නම් ගේන්න එපා” යැයි ජෝන්සි කීවේ තම දෙනෙත් කවුළුවෙන් එපිට රඳවා ගෙන ය. “අන්න තවත් එකක් හැළුණා.” මට තවත් නම් සුප් එපා. තව හරියට ම තියෙන්නේ කොළ හතරයි. බෝවෙන්න කලින් අවසාන කොළයක් වැටෙන හැටි මට බලන්න ඕනෑ. ඊට පස්සේ මාත් යනවා...”

“ආදර ජොන්සි...” සු ඇය වෙත තවත් ළං වෙමින් කීවා ය. “මට පොරොන්දු වෙන්න මම මේ වැඩේ අහවර කරනකම් ඔයා ඇස් දෙක පියාගෙන ඉන්නවා කියලා. ඔන්න කවුළුවෙන් පිටත එහෙම බලන්න බෑ හරි ද? මම මේ චිත්‍ර ටික කොහොම හරි හෙට වෙනකොට ඇඳලා දෙන්න ඕනෑ. එළිය තියෙන කොට ඇඳලා අහවර කරන්න ඕනෑ බව ඔයාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේද?”

“ඔයාට එහා කාමරයේ ඉඳන් මේ චිත්‍ර ටික අඳින්න බැරිද?” ජොන්සි සිහින් හඬින් ඇසුවා ය.

“මට ඕනේ ඔයා ළඟ ඉඳලා අඳින්න. සු කීවා ය. ‘ඇරත් මං කොහොමටවත් කැමති නැහැ ඔයා අර කිසිම වැඩකට නැති මැරිච්ච මිදිවැල දිහා බලා ඉන්නවාට.”

“හරි... ඔයාගේ වැඩේ අහවර වුණා ම මට කියන්න” යැයි කී ජොන්සි තම දෙනෙත් වසා පැතිර ගත් කල්හි දකින්නට ලැබුණේ බිම වැටි තිබුණු ප්‍රතිමාවක් මෙන් ය.

“ඉතින්... මට ඕනෑ කරලා තියෙන්නේ අවසාන කොළත් හැලෙනවා බලන්න. දැන් මට බලා ඉඳලා කල්පනා කරලා හොඳටෝ ම ඇති වෙලා. මට පුළුවන් තරම් ඉක්මනින් හැම දෙයකින් ම නිදහස් වෙන්න ඕනැ...”

මහලු බර්මන් ජීවත් වූයේ ඔවුන් පදිංචිව සිටි නිවහනේ බිම් මහලේ ය. හැට වන විය පසු කරමින් සිටි හෙතෙම තමාගේ උඩු රැවුල වවා ඇත්තේ... “මයිකල් ආන්ජලෝ” අනුකරණය කරමින් ය. රැලි ගැසුණු කෙස්සක් හිමි ඔහු සැබැවින් ම මවා ගත් චිත්‍ර ශිල්පියකු විය. චිත්‍රකරණයෙහි කිසිදු දක්ෂතාවක් නොපෙන්වූ හේ ගෙවී ගිය හතළිස් වසර පුරාම සැබෑ නිර්මාණයක් කිරීමට අපමණ වෙහෙසක් දැරීය. යොවුන් චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ සඳහා බාහිරව උපකාර කර කිසියම් මුදලක් උපයා ගත් මෙම මහලු බර්මන් එම මුදලින් ජින් පානය කිරීමට අමතක නොකළේ ය. තවද අන් අයගේ යහපත් ගතිගුණවලට තදින් පහර දෙන මේ කුඩා නපුරු මහල්ලා තමා ඉහළ මහලයේ පදිංචි ව සිටින කලාකාරියන් දෙදෙනා ගේ එක ම උපදේශකයා සහ ආරක්ෂකයා යැයි කියා නිරන්තරයෙන්ම සිතුවේ ය.

ටික වේලාවකින් අනතුරුව සූ මහලු බර්මන් සොයා ඔහුගේ අඳුරු කාමරය තුළට පිවිසියා ය. වෙරි සුවඳ වහනය වූ ඒ කාමරයේ එක් කොනක සැබෑ නිර්මාණයක් ඇඳෙන තුරු විසිපස් වසරක් නොඉවසිල්ලේ මග බලා හිඳින කැන්වස් රෙද්දක් සහ තවත් ආම්පන්න කීපයක් විය. අනෙක් කෙළවරෙහි සිටි බර්මන් හට “සූ” තම මිතුරියගේ රෝගී තත්ත්වය ගැනත් මැරී ගිය මිදි වැලේ කතාව ගැනත් සවිස්තරව කීවා ය.

මහත් වූ ඕනෑකමකින් සවන් යොමු කර ගෙන සිටි බර්මන් තම රතුවන් දෙනෙත් එහා මෙහා යවමින් මෙසේ කීවේ ය.

“මොනවා... මැරිච්ච මිදි වැලක කොළයක් වැටුණාහම මැරෙන මිනිස්සු ඉන්නවා. මේ වගේ විකාර කතාවක් නම් මම මුළු ජීවිතේට ම අහලා නැහැ. මේක මහ අරුම පුදුම කතාවක් නේ. මේ කතාව ඔයා විශ්වාස කළාට කමක් නැහැ මට විශ්වාස කරන්න කියලා කියන්නට එපා අනේ... අසරණ ජොන්සි කෙල්ල.”

“උඹ හරියට කටකාර අම්මණ්ඩියක් වගේ නේ...” බර්මන් කීය. “උඹට කවුද කිව්වේ මම එන්නේ නැතෙයි කියලා. අනේ ඇත්තටම ජොන්සිට වෙච්ච වින්නැහියක තරම. කමක් නැහැ. මම දවසක මගේ හොඳම චිත්‍රය ඇන්දට පස්සේ අපිට මෙහෙන් යන්න පුළුවං.”

ඔවුන් දෙදෙනා ඉහළ මාලය වෙත පිය නඟන අතරතුරදී ජොන්සි නිදා සිටි නිසා කවුළු පියන්පත හෙමින් සීරුවේ වසා දැමු සූ අනෙක් කාමරය තුළට පිවිසුණා ය. එහි කවුළු තුළින් දිස් වූ මැරී ගිය මිදි වැල දෙස ඔවුහු මොහොතකට දෙනෙත් දල්වාගෙන බියකරු හැඟීමෙන් යුතුව බලා සිටියහ. නැවතත් දෙදෙනා ම එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ. ඒ අතරතුර පිටතින් හිම පියලි වැස්සක් ඇද හැලෙන්නට විය. ඊළඟ තත්ත්පරයේදී තද නිල් පැහැති කමිසයක් ඇදගත් බර්මන් තාපසයා ලෙස පෙනී සිටි අතර ඔහුට පසෙකින් කේතලයක් තිබුණේ ගලක් වෙනුවටය.

පුරා පැයක් පමණ නින්දකින් අනතුරුව උදෑසන අවදි වුණු සු හට දකින්නට ලැබුණේ... ජොන්සි වේලාපහින් අවදි වී කවුළුව දෙස දෙනෙත් දක්වාගෙන බලා සිටින අයුරුයි.

“ඉක්මන් කරලා ඕක අයින් කරන්න. මට හොඳට බලා ඉන්න ඕනෑ... ඇය කෙඳිරිලි නගමින් අණ කළාය.

සැනෙකින් සූ එම අණ ක්‍රියාවට නැංවූවා ය. “දෙවියනි” ඊයේ රාත්‍රියේ ඇද හැළුණු හිම වරුසාවත් තද සුළඟත් නිසා ඉරි තැලී ගිය ගඩොල් බිත්තියේ අඩක් වසාගෙන සිටි මැරී ගිය මිදි වැලෙහි ඉතිරි ව තිබුණේ එක ම කොළයක් පමණි. එය එහි තිබු අවසාන කොළය ද විය.

‘දෙවියනි... ඒක අවසාන කොළය නේද? ජොන්සි කෙඳිරුවා ය. මං හිතුවේ ඒක ඊයේ රෑ වැටෙයි කියලා. කොහොම වුණත් ඒක අද රෑ නම් හැලෙනවා හැලෙනවාමයි. එතකොට මටත් මේ ලෝකයෙන් සදහට ම සමුගන්න වෙනවා...’

මුළු ලෝකය ම හුදෙකලා වූ මේ මොහොතේදී... තම හදවතින් බුර බුරා නැඟෙන සිතුවිලි සමුදාය මෙන්ම වේදනාව ද දැන් ඇයට අහිමි ය. ටිකෙන් ටික දින ගෙවී යමින් තිබුණි. තමා මියැදීමට නියමිත දිනයේ දී වැහි මඳ ආලෝකය මධ්‍යයේ ඔවුනට දැක ගත හැකි වූයේ... අවසාන කොළය ඉරිතැලී ගිය බිත්තියට පිටුපා එල්ලී තිබෙන අයුරු ය. දීර්ඝ සන්ධ්‍යා කාලයක් ගෙවී ගොස් පැමිණි රාත්‍රියේ උතුරු දෙසින් හමා ආ දැඩි සුළඟින් ලන්දේසි ආක්කු සහිත කවුළු රාමු සිහින් ශබ්දයක් නංවමින් සෙලවෙන්නට විය. පසුදා අරුණෝදයේ ම අවදි වුණු ජොන්සි කවුළුව විවර කරන මෙන් සූ හට හඬින් අණ කළා ය. පුදුමයකි. මැරී ගිය මිදි වැලෙහි තිබු අවසාන කොළය තවමත් එලෙස ම එහි තිබුණි.

ජොන්සි බොහෝ වේලාවක් ඇසිපිය නොහෙළා මහත් හැඟුම්බර ව එදෙස බලා සිටියා ය.

“සූ... පසුගිය දවස්වල මම මහා පිස්සු කෙල්ලක් වගේ හැසිරුණා නේද? ඔයා දන්නවා ද? මේ අවසාන කොළය නොහැලී ඉතිරි වෙලා තියෙන්නේ මට ජීවිතේ යථාර්ථය අවබෝධ කරලා දෙන්ට කියලා.”

“අනේ සූ... මට සුප් ටිකක් හැන්දෙන් පොවනවා ද? හැබැයි. පස්සේ මට කිරි වීදුරුවකුත් හදලා ඕනැ. නැහැ... නැහැ... ඊට ඉස්සර වෙලා ඔයා මට මූණ බලන අත් කණ්ණාඩිය ගෙනල්ලා දෙන්ට ඊට පස්සේ ඔයා මට ඇද විට්ටමට හේතුවෙන්ට කොට්ට දෙකක් තියන්ට. එතකොට හෙට පුළුවන් ඔයා දවල්ට උයනවා බලා ඉන්ට.”

හෝරාවක් පමණ ගෙවී යත්ම ජොන්සි තම කටහඬ මෙලෙස අවදි කළා ය.

“සු... මම දවසක නේපාල තැනිතලාව චිත්‍රයට නඟනවා...”

එදින සැන්දෑවේ වෛද්‍යවරයා පැමිණ අඩ හෝරාවකට පසුව ඔහුත් සමඟ හුදකලාවේ කතා බහ කිරීමට ජොන්සි හට අවස්ථාව උදාවිණි.

“ඔයාගේ වාසනාව“ වෛද්‍යවරයා ජොන්සිගේ අත පිරිමදිමින් තවදුරටත් මෙසේ කීය.

“ඔයාට ලැබුණු හොද හෙදකම හන්දා ඔයා නූලෙන් බේරුණා. දැන් මට බිම් මහලේ තවත් රාජකාරි කටයුත්තක් තියෙනවා. ඒ මහලු බර්මන්ට බෙහෙත් කරන්ට. ඊයේ රාත්‍රියේ මිනිහටත් නිව්මෝනියාව හැදිලා. ඒ වගේ මහලු මිනිහෙකුට මේ වගේ ලෙඩක් ඔරොත්තු දෙයිද, කියන එකත් සැකයි? ඇරත්, මට නම් ඒ ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්ට අමාරුයි. ඒක කොයි හැටි වෙතත් මිනිහා අද වැඩිදුර බෙහෙත් ගන්ට රෝහලට ඇතුළත් වෙයි.”

පසුදින වෛද්‍යවරයා ජොන්සිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙලෙස කීය.

“ඔන්න ඉතින් වාසනාවකට වගේ ඔබ මේ මාරක කඩුල්ලෙන් පැන ගත්තා. මින් ඉදිරියට ඕනෑ වෙන්නේ පෝෂණය සහ ආරක්ෂාව විතරයි.”

එදින සැන්දෑවේ අත්පිස්නාවක් අතැතිව පැමිණි සු අතක් ජොන්සිගේ උරහිස මත තැබුවා ය.

“මට ඔයාට කියන්ට වැදගත් කාරණාවක් තියෙනවා. මගේ සුදු මී පැටික්කියේ. බර්මන් මහත්මයාට නිව්මෝනියාව හැදිලා අද දවල් එයා රෝහලේදී මැරිලා. එයා මේ ලෙඩේ හැදිලා ජීවත් වුණේ හරියට ම දවස් දෙකයි. ලෙඩේ හැදුණ මුල් දවසේ තමයි මුරකාරයා බර්මන් මහත්තයා වෙව්ල වෙව්ලා ඉන්න කොට දැකලා තියෙන්නේ. ඒ වේලාවේ එයා ඇදගෙන සිටිය ඇදුමත් තෙමිලා තිබුණාලු. ඒ ඇයි? කියලා හොයලා බලනකොට තමයි දැකලා තිබෙන්නේ ලන්තෑරුමකුයි ඉනිමගකුයි පින්සල් කීපයකුයි සායම් ටියුබ් කීපයකුයි හැම තැනම විසිරිලා තියන වග.” ඒත් එක්කම එහායින් වැටිලා තිබිල පැලට් එකේ කොළ පාටයි - කහ පාටයි එකට මිශ්‍ර කරලා තිබුණාලු.

“ජොන්සි ඔයාට පුදුම හිතුණේ නැද්ද අර මැරිච්ච මිදි වැලේ තිබුණ අවසාන කොළය එච්චර සැර සුළඟක් හමලත් වැටුණේ නැත්තේ ඇයි කියලා?... ඒක තමයි බර්මන් මහත්තයා එදා රාත්‍රියේ ඇන්ද ශ්‍රේෂ්ඨ කලා නිර්මාණය වන... “අවසාන කොළය.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා