ගීත රචනා පොතක් නිකුත් කරන්න සූදානම් වෙනවා
|
ගීත රචනා පොතක්
නිකුත් කරන්න සූදානම් වෙනවා
|
|
ආචාර්ය අජන්තා රණසිංහ
කොහොමද අලුත් තොරතුරු
ගොඩක් තියෙනවා. සාහිත්‍ය සම්මාන පළමුවැනි වටයේ තේරීම් කමිටුවට සහභාගි වුණා. තරුණ
සේවා සභාවට ඉංගි‍්‍රසි ගීත රචනා කළා. ආධුනිකයන්ට වැඩිපුර ගීත ලියා දුන්නා.
ගුවන්විදුලි ගීත වැඩසටහන් රැසක් කරනවා. විදුල ළමා ගුවන්විදුලියේ වයස 15 - 18 වගේ
දරුවන්ට වැඩසටහනක් කරනවා. ඒ ඔක්කොම එක්ක අලුත් ගීත රචනා පොතක් නිකුත් කරන්නත්
සැලසුම් කරල තිබෙන්නේ.
එළි දක්වපු නවකතාවට ප්‍රතිචාර එහෙම?
“සිහින කුමරු සහ ඕතොමෝ” ට විචාර ලිපි වගේම ලියුම් ගොඩක් ලැබුණා. දැනටත් ලියුම්
කියුම් එනවා. ඉතින් ප්‍රතිචාර හොඳයි.
මේ වගේ තේමාවක් තොරාගන්න විශේෂ හේතුවක් තිබුණා ද?
පහළ මධ්‍යම පන්තියේ තරුණියක් සුඛෝපභෝගී තලයට යන්නට කළ යුත්තේ කුමක් ද? ඇය අවසානයේ
හිතනවා සල්ලිකාරයකු විවාහ කර ගැනීමෙන් තමන්ගේ ගමන යා හැකියි කියා. ඇය මෝඩ කෙල්ලක්
නොවේ. ඒත් ඇයට ඒ ගමන යා හැකි වුණා ද යන්නයි තේමාව. ඒ වගේ චරිත ඕන තරම් මා දැක
තිබෙනවා.
ඔබ හිතනවා ද පොදුවේ තරුණ තරුණියන් හිතන්නේ ඔය විදිහට ය කියා?
හැම තරුණියකගේ ම සිහිනය එයයි. මුවින් නො කීවත් ඒ අරමුණට ඔවුන් එනවා. හැබැයි මේ
කතාවේ තිබෙන දේ තරුණයකුට කරන්න බෑ. තරුණියන්ට පමණයි මේ වගේ ක්‍රමයක් අනුගමනය කළ
හැක්කේ.
පොත්පත් එහෙම අලුතින් කියෙව්වේ නැද්ද?
‘ගුත්තිල කාව්‍ය’ නැවත කියෙව්වා.
කැමති ම පොත ඒක ද?
ඒ කාව්‍යයේ හැම කවියක් ම පාහේ රසවත්. ඒ වගේම සර්වකාලීන ව සමාජයේ ක්‍රියාකාරිත්වයට
අනුගත කළ හැකියි.
ඔබ වඩාත් ම පි‍්‍රයකරන ලේඛකයා කවුද?
මැක්සීම් ගොර්කි. ඔහුගේ කතා මට වැඩියෙන් දැනී තිබෙනවා. විචාරකයන්ගෙන් මහාචාර්ය ජේ.
බී. දිසානායකට. සිංහල නවකතාකරුවන්ගෙන් ගුණදාස අමරසේකරට.
අද ගීත රචනා ගැන තක්සේරුවක් තිබෙනවා ද?
තරුණ පරපුරේ සංගීතය වගේම ගීත රචනා ගැන ප්‍රසාදයක් නැහැ. ඒත් ඒ කාලේ වගේ අද අපි සටන්
වදින්නේ නැහැ. මම ඒ ගැන කතා කරන්න කැමතිත් නැහැ. යාළුවෝ තරහ වෙනවා. ගීතයත් එහෙමයි.
පශ්චාත් භාගය පිළිස්සුණු සුනඛයන් සේ දුවනවා විතරයි.
කතාබහ - අරුණි මුතුමලී
|