පොත් පුවත්

හරි හතරැස් නොවූ ප්‍රේමය
කර්තෘ - කේ.ඒ. ගාමිණී
මිල - රු. 200 යි
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි
කෙටිකතා පොතකි. සමාජය විවරණය කරමින් ලියැවුණු කෙටි කතා 12 කින් සමන්විත ය.
කුඩා සිද්ධි අළලා කෙටිකතා කීපයක් නිර්මාණය කිරීමට කතුවරයා සමත්වී තිබේ. හරි හතරැස්
නොවූ ප්‍රේමය ඉතා සුගම සරල බස් වහරකින් ලියැවී ඇති කෙටිකතා සංග්‍රහයකි.
සමාජයේ නොයෙක් පුද්ගලයන්ගේ චරිත පිළිබඳ ව විග්‍රහ කරමින් සමාජ දුර්වලතා පෙන්වා
දෙමින් මේ කතා බොහෝමයක් ලියැවී ඇත.
ඉතිහාසය 10 - 11 වසර සඳහා
සම්පාදක -
කේ.ඇම්.ජේ.කේ. කොස්ගල්ලන
මිල - රු. 225
ප්‍රකාශනය - සතර ප්‍රකාශනයකි.
අ.පො.ස. (සා.පෙළ) විභාගයේ ඉතිහාසය විෂය නිර්දේශයට අනුකූලව සකස් වී ඇති බහුවර්ණ
ප්‍රශ්න සහ පිළිතුරු පොතකි.
මෙය විභාගයේ දී පිළිතුරු සැපයීමට පහසුවන සේ ඉලක්ක ගත ප්‍රශ්න සහ පිළිතුරු තෝරා සපයා
තිබීමෙන් සිසුන්ට මෙන් ම ගුරුවරුන්ට ද ප්‍රයෝජනවත් ය.
ඉතිහාස අත්පොතක් ලෙස වැදගත් ය.
සන්ධ්‍යා තීර්ථය (කවි)
කර්තෘ - රත්න ශ්‍රී විජේසිංහ
මිල - රු. 150 යි
ප්‍රකාශනය -
ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
කිවියර රත්න ශ්‍රී ගේ නවතම කාව්‍ය සංග්‍රහයයි. සමාජයේ නොයෙක් ප්‍රශ්න දෙස නවමු
ඇසකින් බලා නිර්මාණය කරන ලද කවි සංකල්පනා 41 ක එකතුවකි.
නව සුවඳ විහිදෙන කාව්‍ය නිර්මාණ සමුච්චයකි. කවියාගේ කාව්‍ය නිර්මාණවල අනුභූතීන්ට
ගැළපෙන සිත්තම් රේඛා කොල්වින් සෙට්ටිනායකයන් ගේ ය.
සිංහල ජාතියේ ප්‍රභවය හා පරිණාමය
කර්තෘ - ඒ.කේ. තිලකරත්න
මිල - රු. 300 යි
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි
සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ ව දැනට පිළිගෙන ඇති මතයට පසුබිම් වූ වංශ කතා සාහිත්‍යය
තොරතුරු පිළිබඳ ව විග්‍රහ කරන ඉතිහාස ග්‍රන්ථයකි.
ක්‍රි.පූ. 6 සියවසේ ආර්යයන්ගේ පැමිණීමෙන් සිංහල ජාතිය ආරම්භ වූ බවට නැඟෙන මතය හා
අනාදිමත් කාලයක සිට පැවතෙන ආදිහෙළයන් ද සිටි බවට සැලකෙන මතය විග්‍රහ කරමින් ලියා
ඇති මෙය වංශ කතාවන්ට ඌනපූරණයක් සපයයි. ඉතිහාසය හදාරන්නට වැදගත් කෘතියකි.
සමන්තා ගේ වික්‍රමය
කර්තෘ - සෝමරත්න හරස්ගම
මිල - රු. 200
ප්‍රකාශනය -
ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
ළමා නවකතාවකි. සමන්තා ගේ මාපියන් ඔහු කුඩා කලදීම ඔහුට අහිමි වෙයි. එහෙත් සිය
බාප්පාගේ උදව්වෙන් ඔහු හොඳින් ඉගෙන ගනී. ක්‍රීඩා කරයි. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම
සමත්වන සමන්තාගේ වික්‍රමයේ කුඩා දරුවන්ගේ සිතට දිරියක් වඩනු ඇත. වන්නි ප්‍රදේශයේ
ජීවත්වන දිරිය දරුවකු ගැන ලියැවුණු සමන්තාගේ වික්‍රමය කියැවීමට ආශා හිතෙන කතාවකි.
දරු ගැබක් කුස දරා දස මසක් පෙරුම් පුරන්නී
කර්තෘ - ශිරානි ගල්ලෑල්ල
මිල - රු. 275 යි
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි
මවුවරුන් වීමට පෙරුම් පුරන කාන්තාවන්ට මෙන්ම තරුණ මවුවරුන්ට ද ඉතා වැදගත් උපදෙස්
ඇතුළත් ග්‍රන්ථයකි.
සහකරු තෝරා ගැනීම, දරුවකු පිළිසිඳ ගැනීම, රුබෙල්ලා එන්නත, ප්‍රජනන සෞඛ්‍යය මෙන්ම
ගැබිනි මවුවරුන්ට අවශ්‍ය ආහාර හා ඖෂධ පිළිබඳ අගනා තොරතුරු හා උපදෙස් ද මෙහි
අඩංගුයි.
දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවක විසින් අනුගමනය කළ යුතු පිළිවෙත්, දරුවන්ට ආහාර දිය
යුතු පිළිවෙළ ද ඇතුළත් මෙය ගැබිනි මවුවරුන්ට මෙන්ම තරුණ මවුවරුන්ට ද අත් පොතක්
වැනිය.
ගාමිණි විජිත් සමරකෝන්ගේ
“LOST TRAILS IN YALA – EAST”
2010 නොවැම්බර් මස 23 වැනි අඟහරුවාදා දොරට වඩී
ගාමිණී විජිත් සමරකෝන් මහතා ලියූ “යාල නැගෙනහිර අහිමි වනමං” කෘතියේ ඉංගී‍්‍රසි
පරිවර්තනය “LOST TRAILS IN YALA – EAST” (සංස්කරණය; ලලිත් සෙනෙවිරත්න) මේ මස
23 වැනිදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි
සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.
දයා ඩී.
|