දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මැදවච්චියේ ගොවීන්ගෙන් මැසිවිලි: වී ගබඩා හිස් නොකිරීමෙන් ගැටලු!

මැදවච්චියේ ගොවීන්ගෙන් මැසිවිලි: වී ගබඩා හිස් නොකිරීමෙන් ගැටලු!

යාපනයට යන ගමන ආරම්භ වූයේ මධ්‍යම රාත්‍රිය ගෙවී හෝරා දෙකකට පමණ පසු ය. මැදවච්චියට යන විටත් උදෑසන හත පසු වූවා පමණි. මැදවච්චිය නගරය පසු කර යනවිට එකවිටම ඇස ගැටුණේ එක පෙළට පෙළ ගැසී සිටින වී ගෝණි පටවා ගත් ලොරි පෙළ ය.

වී ප්‍රශ්නය පටන් ගෙන දැන් ටික කලකි. පසුගිය සති කිහිපයේ ම වී ගොවීහු විවිධ මැසිවිලි නැඟූහ. මැදවච්චියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩපොළ ඉදිරියේ පෙළ ගැසී සිටින වී ගොවීන්ගෙන් අපි ප්‍රශ්න කළෙමු.

“අපි ආවේ ඊයේ රෑ... උදේ අටේ ඉඳලා වී මිලට ගන්න පටන් ගන්නවා. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒගොල්ලෝ අපෙන් මිලට ගන්නේ වී කිලෝ දෙදාහයි. ප්‍රමිතියක් තියෙන වී වලට තමයි මිලක් දෙන්නේ. නැත්නම් මේ පෝලිමේ හිටියට අපිට හැරිලා යන්න වෙනවා. දැන් නම් ඉතිං වී මිලට ගන්න නිසා අපිට ප්‍රශ්නයක් නැහැ.”

වී ගොවියකු පැවැසුවේ එසේ ය‍. කීරි සම්බා වී කිලෝවක මිල රුපියල් 50 කි. සම්බා වී කිලෝවක මිල රුපියල් හතළිස් එකකි. නාඩු වී කිලෝ එකක මිල රුපියල් තිස් අටකි. ඈත දුර පළාත්වලින් මැදවච්චියට පැමිණි වී ගොවියෝ තම තමන්ගේ වී ගෝණි දෙස බලමින් සිටින්නේ අපේක්ෂා සහගතව ය.

අපි යළිත් ගමන පිටත් වීමු. යාපනය සංචාරය අවසන් කර ඊට පසුදා අපි කොළඹ එමින් සිටියෙමු. වේලාව රාත්‍රි හත පමණ වන්නට ඇත. ඊට පෙරදා තරම් නොවුව ද ඒ වනවිටත් මැදවච්චිය ගමනා ගමන මණ්ඩල වැඩපොළ අසල යළිත් වී ලොරි පෝලිමකි.

“අපි මෙතනට එනකොට හවස හයට විතර ඇති. මම උදෙත් එක හයර් එකක් ආවා. වී කිලෝ හාරදාහක් අරගෙන ආවා. ඒ දෙන්නෙක් ගේ වී ගෙනාවේ. බිල් දෙකකට තමයි ගත්තේ. අද උදේ වාහන තිස් පහක් තිබුණා. සමහරුන්ගේ වී ආපහු හරවලා යැව්වා. ඒ වී වල ප්‍රමිතියක් නැහැ කියලා. ඒ වාහන කුලිය ගෙවන්න එපායැ.” වී රැගෙන පැමිණි ලොරි රියැදුරකු වන උපාලි මහින්ද පැවැසුවේ ය.

ජී.එස්. කරුණාරත්න පැමිණ තිබුණේ හොරොව්පතාන රළපනාවේ සිට ය.‍

“මේක අපිට මහා මානසික වදයක්. අපි වී වගාවෙන් ජීවත් වෙන්නේ‍. වී අලෙවි මණ්ඩලයෙන් එක් කෙනෙකුගෙන් ගන්නේ වී කිලෝ දෙදාහයි. මම ගෙනැල්ලා තියෙන්නේ නාඩු. ගිය අවුරුද්දේ නම් සම්බා වී කිලෝ එක ගත්තේ රුපියල් 45 ගානේ. වී කිලෝ 1000 කින් අපට රුපියල් 7000 ක් විතර පාඩුයි. දැන් නම් වී ගැනිල්ලේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ගොවියෝ වෙච්ච අපට හුඟක් ප්‍රශ්න තියෙනවා. කුඹුරු නාම ලේඛනයට තමයි අපට පොහොර හම්බවෙන්නේ. අක්කර පහට විතරයි පොහොර සහනාධාරය දෙන්නේ. ඊට වැඩිවන හරියට පෝර ලැබෙන්නෙ නැහැ. අපි පොහොර ගන්නේ ණය වෙලා. ඒ වගේ ම තමයි හරි වෙලාවට පොහොර ලැබෙන්නෙත් නැහැ. පැළ කාලේ පොහොර නෑ. මුල් පෝර මුරය දාන්න විදිහක් නැහැ ඒ නිසා. පොහොර ලැබෙන්නේ ගොයම් හිටවලා බණ්ඩි වෙද්දී‍. ඉතිං ‍කොහොමද අපි ජීවත්වෙන්නේ.”

ගොවියෝ මැසිවිලි නගන්නාහ.

“මොන ප්‍රශ්න තිබුණත් අහස් වැස්සට වතුර පිරුණා නම් අපි වෙලාවක් කලාවක් නැහැ කුඹුරු කරනවා. ඒත් වෙලාවට පොහොර නැහැ. ගොයම් ටික කපා ගත්තම ඒක පිළිවෙළකට ගන්න ක්‍රමයක් නැහැ. ගිය අවුරුද්දේ මිලට ගත් වී තාමත් ගබඩාවල‍. ඒ නිසා තමයි මේ ගමනාගමන මණ්ඩලයේ කොටසක වී ගබඩා කරන්න පටන් ගෙන තියෙන්නේ.

අපේ ගම්වල අලි ප්‍රශ්නයත් තියෙනවා‍. ගොයම් කපා ගන්න ‘සුනාමිය’ (මැෂිම) ගෙනිච්චාම ඒකට පැයට රුපියල් 4500 ක් ගෙවන්නත් ඕන. වී අරගෙන එන වාහනයට රුපියල් 3000 ක් ‍යනවා. කුලී කාරයෝ දාලා ගොයම් කැපුවොත් පිරිමියෙකුට රුපියල් 1500 ක් ගෙවන්න වෙනවා. කාන්තාවකට නම් රුපියල් 1000 ක් ගෙවනවා. මැෂිමකින් අක්කරයක ගොයම් කපන්න පැයකට ආසන්න කාලයක් යනවා. ගොවියෝ වෙච්ච අපේ ජීවිත සුන්දර නැහැ. දුක් විඳලා දුක් විඳලා, පෝලිම්වල ළැගලා විකුණා ගන්න වී ටිකේ මුදල් එන්නත් ටික දවසක් යනවා”

කිඩාගලේගම චන්ද්‍රසේකර පවසන්නේ රෑ අඳුර දෙස බලාගෙනය.

“යාපනය මැදවච්චිය පාර දහවල මෙන් නොව දැන් පාළුවට ගොස් ය. රෑ කඩයක් හ‍ැරෙන්නට දැන් එහි වෙනත් කඩ නැත. හොරොව්පතාන, හා අනුරාධපුරය ඒ අවට ගම්වලින් පැමිණි වී ගොවියන් තම වී ලොරි දෙස බලා හිඳින්නේ කම්පාවෙනි. කෙනෙකු කාන්සිය මෙන් ම දුක පලවා හරින්න‍ටදෝ බුලත්විටක් හපයි.

“බොල් වී තිබුණොත් ගන්නෙත් නැහැ. තෙත් ගතිය වැඩි නම් ඒ ගන්නෙත් නැහැ.”

ගොවි මහතකු මුමුනනු ඇසේ.

ගම් වදින වල් අලියාට බියෙන්, උන්ගෙන් වගාව ආරක්ෂා කරගන්නට අපමණ වෙහෙසෙමින් තම වගාව දිවි මෙන් රැකගෙන ජීවිතයේ සියලු ප්‍රාර්ථනා වී ඇටයට බාරදුන් ගොවියන්ගේ නෙත ඇත්තේ කඳුළිනි. ඉදින් ඔවුහු ‍රැය ගෙවී හිරු උදාවන තුරු මහමඟ රැඳී ඉන්නේ දහසක් ප්‍රාර්ථනා පෙර දැරිව ය.

ඉසවි

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්